මේ මේ දන්නවාද වැඩක්…
මොකක්ද?
කවිමඩුවක් තියෙනවාලු නේද?
නෑ කොහෙද තියෙන්නේ?
ඔන්ලයින්..
සිරාවට…
ඔව් ඔව් ලාංකීය සිතුවිලි කවිමඩුව දෙවැනි පාරට කරන්නේ..
ආ මට මතකයි, කලින්පාර එකට යන්න බැරි උනා මට, එල වැඩක් නේ…
ඔව් ඔව් එහෙනම් මේ පාර එකට යමු.
අනිවා යමු.
එහෙනම් දන්නා කියන කස්ටියට කියන්න මේ මාසේ 29,30,31කවිමඩුවට ගොඩ වෙන්න කියලා..
අනිවා කියන්නම්..
එහෙනම් එදාට සෙට් වෙමු…..
හසී අක්කාගේ බ්ලොග් එකෙන් හොරකම් කර පලකරන ලදී
Popularity: 12% [?]
written by Yohan Kanishka
\\ tags: කවි මඩුව, ලාංකීය සිතුවිලි
ගොඩ දවසකට පස්සෙ ඔන්න ආයෙත් ආව ලිපියක් ලියන්න. මේ වැඩේ මට ගොඩක් ඉස්සර හිතිච්ච දෙයක්. ටෙක්කතා දැක්කට පස්සේ ඒ වැඩේ කරන්නම හිතුන.. දැන් අවුරුද්දකට විතර කලින් තමයි මේක හොයා ගත්තෙ.. ඒ කාලෙ ඉතින් ඒකට උදවු කරපු අයට මුලින්ම ස්තූති කරල ඉන්න ඕන.. ඒ කාලෙ රේඩියෝ එක කරද්ද ඉතින් ටෙස්ටින් වැඩ කලේ සිතිජ ඉම ලියපු සිතිජ මලය.. හැබැයි දැන් නම් ගොඩ දවසකින් දැක්කෙ නෑ. එයාගෙ බ්ලොග් එක වැඩ කරන්නෙත් නෑ.. හරි.. දැන් පටන් ගන්නම් වැඩේ.. මුලින්ම අපිට ඕන කරන ඒව ටිකක් තියනව මේ වැඩේට..
Continue reading »
Popularity: 100% [?]
written by Yohan Kanishka
\\ tags: Online Radio, Sinhala, Tips, Tricks, Tutorials, පරිගණක පාඩම්, වෙබ් අඩවි නිර්මාණය, සිංදු බස්, සිංහල පාඩම්, සිංහලෙන් සරළව
මෙච්චර කල් මෙලෝ මගුලක් ලිව්වෙ නැති මට අද අළුත් වැඩක් සෙට් උනි… කතා නායකය උබුන්ටුය මමද ඒ සදහා නොගැලපෙනවාම නොවන අතර අර මොකක් එකක් මගේ හිතට ඈතුල් උනි…. ඉතින් අර මොකක්ද එක හින්දම මම නැතිව උබුන්ටු සදහා අවස්ථාව දුන්නෙමි. මේ ලියන්නේ ඒ රසබර කාතාවයි..
උබුන්ටු ගැන කොහොම හිතක් පහල වූවාද කියා මට නම් නිච්චියන් නැත.. කෙසේ වෙතත් ඊයේ උදේ වන විට ජනෙල් මකා හෝ උබුන්ටු දැමිය යුතුය යන හිත මගේ හිතේ තිබුණි.. පොඩි බයකුත් තිබුනෙ නැතුවාම නොවේ.. ඒත් හිතපු තරම් යකා කළු නැතිය.. උබුන්ටුත් එළය.. මං වගේම හැඩය ( දැන් ඉතින් මොකෙන් මොක වෙයිද දන්නෙ නෑ
) දගකාරය.. කියන්ට වචනද නැති හැඩය.. මට හිතෙන විදියට ඔබත් දමා බැලිය යුතුමය.. උබුන්ටු වලින් ජනෙල් වැසීමට උවද පුළුවන් හැඩය.. මේ දමා ඈති රූපයද උබුන්ටු මතදීම පිංතූර දෙකක් එකතු කර බොහොම අමාරුවෙන් සෑදූ බව කියන්නෙ මහත් ආඩම්බරයෙන්ය..
( මෙහෙම ලීවා දැන් ඈතිය
)
Continue reading »
Popularity: 33% [?]
written by Yohan Kanishka
\\ tags: Ubuntu, Ubuntu and me, Windows, Work with ubuntu, උබුන්ටු, උබුන්ටු එක්ක වැඩ, වින්ඩෝස්
අද නම් මහ එපාම කරපු දවසකි.. දැන් නම් කම්මැලි කමේ උපරිමයට ඇවිත්.. උදේ පහට විතර නැගිටල ඇදෙන් බැස්ස මම පුටු සැටියට වී තවත් ටික වෙලාවක් ඉඳල තමා දවසේ සාමාන්‍ය වැඩ පටන් ගත්තෙ.. ඊට පස්සෙ ඉතින් කරන්න දේකුත් නැති කමින් ඊයෙ ඇක්ටිවු කරපු weekly Delight එකත් ඉතුරු තිබුන නිසා මුණු පොත පැත්තෙ රවුමක් දැන්ම.. ( කෙහෙද පැකේජ් එක කපල නෙව ඒකත් ගෙවන්න ඕන ) දැන් ඉතින් කරන්න දේකුත් නැ.. නිදාගන්න හැදුවත් නින්ද යන්නෙත් නෑ.. අන්න ඒක නිසා තමා ලිපියක් වත් ලියන්න ඕන කියල හිතල වාඩි උනේ
කොහොම හරි I’m Back again ලිපිය පල කලේ මීට මාස දෙකකට පෙරය.. කොහෙද, ලියනව කියල හිටියට මුකුත් ලියන්න හම්බෙන්නෙ නැහැ නෙව. කොහොම හරි බාගෙට ලියූ ලිපි දෙකක් තවමත් Drafts වල තියනව.. ඒවත් කොහොම හරි සම්පූර්ණ කරල පළකරන්න ඕන..
Continue reading »
Popularity: 24% [?]
written by Yohan Kanishka
\\ tags: SBU Get Together 2010, Sinhala Blogging
ම්ම්.. කොහොමද ඉතින් ? කස්ටියම හොඳින් ඇති කියා සිතමි
ඔන්න මාස හතක පමණ දිගු නිහැඬියාවකට පසුව ලියන පළමු ලිපිය. කට්ටියට ඉතින් මතකද දන්නෙත් නැ.. ම්ම්.. ඒ දවස් වල නම් ඉතින් පොඩි එකා.. ටීන් ටීන් ගගා හිටියෙ.. ඔන්න දැන් නම් ටීන් ටීන් නැහැ පසුගිය දවසක ටීන් ඉවත් වී ටි විය
හරි හරි අන්ඩර දෙමළ ඕන නෑ.. ඔය කියන්නෙ නයින්ටීන් කොල්ලට ටුවෙන්ටි උනා කියලනෙ.. අළුත් දේවල් නම් ගොඩක් තියනව ලියන්න.. මේ දවස් වල පොඩි වැඩකුත් කරගෙන යනව.. ඒක ගැනත් ලියන්නම් ලඟදිම. දැනට නවතින්නම්. ඔන්න ඉතින් ඉස්සර වගේම මගේ බ්ලොග් එක පැත්තෙ කට්ටිය ඇවිත් ඔයාලගෙ අදහස්, ගැටළු, යෝජනා එහෙම ඉදිරි පත් කරාවි කියල සිතමි. එහෙනම් දැනුම, විනොදය සහ බොහෝ දේ සමඟින් ඊලඟ ලිපියෙන් හමු වෙමු. ඔබට ජය!
Popularity: 18% [?]
written by Yohan Kanishka
\\ tags: Back Again
වැඩිපුරම අදහස් ඈති