අගෝ 06
Line Break

Author: Yohan Kanishka (38 Articles)

අනේ මම පෝය දවසෙ Dialog Prepaid Mobile Broadband ටෙස්ට් කරල බලන්න කියල හිටියෙ. සේරම නැති උනා. :(   මට 3G මොඩම් එකක් නැහැ. සේරම වැඩ වලට ඉතින් 3G ජංගම දුරකතනය තමා. මම Dialog කාඩ් එකකුත් ලෑස්ති කරගෙන phone එක අතට ගත්ත ඒක දා ගන්න. මගේ තියෙන්නෙ Six in one  Sim max sim එකක්. ඒක ඉතින් ලේසී නෙ. Dialog එක තියෙන්නෙත් ඒකෙම තමා. මම ඉතින් එකෙන් Dialog සිම් එකට මාරැ උනා. වෙනද වගේම phone එක restart වෙන්න ගියා.. ඒත් උනේ නැහැ මගදි හිර උනා. :( ( Sim max වලදි සෝනි එරික්සන් phone restart වෙනව. නොකිය phone නම් එහෙම වෙන්නෙ නැ )

අනේ ඉතින් මගදි හිර උනාම මොනව කරන්නද චුට්ටක් බැලුව වැඩේ හරි යන්නෙ නැහැ. Display එක කළු පාට වෙලා තියනව මුකුත් උනේ නැහැ. වෙන කරන්න දෙයක් නැහැ බැටරිය ගලවල ටිකක් තිබ්බ. ( අත්දැකීමෙන් දන්නව එහෙම කරාම මෘදුකාංගයට කෙළ වෙනව කියල. ඒත් වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ ) ආපහු බැටරිය දැන්ම. ඔන් කරා.. ඒත් ඔන් උනේ නැහැ. :( ටිකක් ඔබ ඔබ හිටිය. වැඩක් උනේ නැහැ. දමල ගහල නිකන් හිටිය.. වෙන මොනා කියල කරන්නද..

සිද්දිය උනේ පෝය දවසෙනෙ ටවුන් ගියාට වැඩක් නැ කඩවලුත් වහල. ඔහොම ඉන්න කොට රෑ ටීවී එකේ පෙරහැරත් පෙන්නන්න පටන් ගත්ත. ඒක බලන ගමනුත් ඔන් කරන්න බැලුව ඒත් හරි ගියේ නැහැ. අන්තිම වතාවට අනේ මම පොඩ්ඩක් හරි පිං කරල තියේ නම් ඔන් වෙන්න කියල හිතල ඔන් කරා.. අනේ එක පාරටම ඔන් වුනා. පුදුමයි. මොකක්ද වෙලා තිබුනෙ කියල හිතා ගන්න බැ. කොහොම හරි දැන් හරි. පස්සෙ දවසකවත් Dialog Prepaid Mobile Broadband ටෙස්ට් කරල බලන්න ඕන.

phone එක නැතිව හිටපු පැය කිහිපය නම් එපා උනා. කොහොම හරි phone එක දැන් අත්‍යවශ්‍යම දෙයක් වෙලා.

Popularity: 4% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , ,


3 Responses to “එක් දිනයකට ජංගම දුරකතනය නැතිවීම මහත් පාඩුවක්ය…”

  1. 1. ධනික Says:

    ආනේ මටත් ඔහොම උනා එක දවසක්. මගේ එකත් SE තමයි (W810i)
    තවසක් පොඩ්ඩක් stuck වෙලා phone එකේ බැට්රිය ගලවලා දැම්මම on වෙලා SE Logo එක පෙනෙන තැනට විතරක් ඇවිල්ලා නැවතුණා. එදා දවසම ආයෙ ආයෙ බැටරිය ගලවලා දැම්මත් එතනින් එහාට ගියෙ නෑ.
    ඊළඟ දවසෙ උදේ warranty card එකත් හොයාගෙන හදාගන්න යන්න ලෑස්තිවෙද්දි නිකමට වගේ එක පාරක් ආයෙ on කරලා බැලුවා. මෙන්න බොලේ වැඩ කරානෙ කිසි අවුලක් නැතුව. මුලින් phone එක ටිකක් slow වෙලා තිබ්බත් පස්සෙ ආයෙ normal උනා. මටත් හිතාගන්න බැරි උනා මොකද්ද වෙලා තියෙන්නැත්තෙ කියලා. :D

    [Reply]

  2. 2. Ventego Says:

    I added your blog to bookmarks. And i’ll read your articles more often!

    [Reply]

  3. 3. KaniRockz Says:

    @ ධනික

    මගේ නම් තිබුනෙ k530i එකක් මම w660i එකේ මෘදුකාංගය දා ගත්ත ඒකට. කොහොම හරි දැන් නම් වැඩ. හැබැයි සමහර වෙලාවට ටිකක් විතර slow වෙනව.

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA