අගෝ 20
Line Break

Author: Yohan Kanishka (38 Articles)

මගේ කලින් ලිපියෙන් මම කීවනෙ මගේ blog එක දැන් ජංගම දුරකථනයෙනුත් බලන්න පුළුවන්… කියල…
කොහොම හරි ඒ වැඩෙත් ගොඩ.. ප්‍රශ්නෙකට තියෙන්නෙ කොහොමද සිංහලෙන් ටයිප් කරන්නෙ කියල….

ඒකටත් මොකක් හරි කරන්න ඕන…..

හරි ඊට කලින් අහල තිබ්බනෙ කොහොමද ජංගම දුරකථනයට සිංහල  දැන්මෙ කියල…

මෙන්න මෙහෙමයි මගේ ජංගම දුරකථනයට මම සිංහල දැන්මෙ…

මුලින්ම කියන්න ඕන මගේ තියෙන්නෙ සෝනි එරික්සන් k530i ජංගම දුරකථනයක්… ඒකට තමයි මම සිංහල දැන්මෙ..
මේකට මම භාවිතා කරේ විස්ට සමග එන ඉස්කොල පොත කියන යුනිකේත ෆොන්ට් එක…

මෙතන කොටල ෆොන්ට් එක ගන්න පුළුවන්..  iskpota

ඒකත් ගත්ත කියමුකො…. තව අපිට අපේ ජංගම දුරකථනයේ සිස්ටම් එක ඇතුලට යන්න මෘදුකාංගයක් ඕන වෙනව.. මම නම් පාවිච්චි කරේ XS++ කියන මෘදුකාංගය….

හැබැයි ඒකෙන් හැම දුරකථනයකම සිස්ටම් එක ඇතුලට රිංගන්න බැ.. ඒ වගේම ඔය මෘදුකාංගය වැඩ කරනනෙ සෝනි එරික්සන් වල විතරයි… XS++ කියල ගූගල් එකේ සර්ච් පාරක් දාල බලන්න ඔයාලට පහසුවෙන්ම ඕක හොයා ගන්න පුළුවන් වෙයි.

පල්ලෙහයින් තියෙන්නෙ ඒකෙ පිංතූරයක්….

ඕක උඩ එක පාරක් කොටල ලොතු කරල බලන්න….

මේ ටූල් එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්… ඒ වගේම ජංගම දුරකථනයට කෙලව ගන්නත් පුළුවන්… මේක පාවිච්චි කරද්දි ටිකක් පරිස්සමින් හොඳේ….

මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලට ‍ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් වෙයි… මට සම්පුර්ණයෙන්ම මේක කරන්නෙ කොහොමද කියල සිංහලෙන් ලියනව නම් දවස් දෙකක් විතර යයි ලිපිය ලියන්න… ඒත් ඉතින් වෙලාවක් කොයින්ද

ඔය දීපු ලින්ක් එකේ ගොඩක් දේවල් කරන හැටි තියනව.. ෆොන්ට එහෙම මාරැ කරන්න කලිනි බැකප් කරන්න තියනව ඒව සේරම කියා දෙනව  ඕකෙ.. ටිකක් ඕක බලන්න… පහසුවෙන් අවබොධ වෙයි…

කොහොම හරි ඔයාලගෙ ජංගම දුරකථනයේ මෙන්න මේ පාත් එකට තමයි ෆොන්ට් එක දාන්න ඕන…

tpa/preset/system/fonts

ඒ වගේම එතන තියන FONTS.xml කියන එකත්  edit කරන්න ඕන.. මෙන්න මෙතනින් ඒ edit කරපු FONTS.xml ෆයිල් එක ගන්න.. මෙතනින් ගන්න මේක zip කරල තියෙන්නෙ ඔයාල winrar වගේ එකකින්  unzip කර ගන්න… ( මම කැමතිම winrar වලට :) )

මේන්න මේ පාත් එකේ තියන ( tpa/preset/system/fonts ) FONTS.xml එක ඉවත් කරල ඔය බා ගත්ත FONTS.xml එක සහ ෆොන්ට් එක එතන්ට දාන්න.. කොකටත් කියල මම ඔරිජිනල් FONTS.xml එකත් බා ගන්න ලින්ක් එක දෙන්නම්.. default_SE_fonts

මම සිංහල ෆොන්ට් දැන්මෙ ඔය විදියට… ලිපිය සම්පුර්ණයෙන් විස්ථර කරල ලියන්න වෙලාව නෑ…

ඒකයි මෙහෙම කෙටි කරල ලිවුවෙ… ඒකට සමා වෙන්න… මොනව හරි ප්‍රශ්න තියනව නම් අහන්න මම පුළුවන් විදියට පිළිතුරැ දෙන්නම්…

ඔයාලගෙ ප්‍රතිචාර තමයි ගොඩක් වැදගත් වෙන්නෙ.. මොනව හරි කියන්න තියේ නම් හෙමින් සැරේ යටින් ලියල යන්න…

ගොඩක් ස්තූතී… :)

Popularity: 27% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , ,


26 Responses to “ජංගම දුරකථනයට සිංහල දාපු හැටි…..”

  1. 1. Express Says:

    වැඩේට බොහොම ස්තුතියි.වටින වැඩක්.ඩබ්ලිව් 200 ටත් පුලුවන් වෙයිද?පුලුවන්නම් සොෆ්ට්වෙයාර් එක බාන්න තැනක් ඔතනින්ම හදන්න.

    [Reply]

  2. 2. Chrishi -- ක්‍රිෂි Says:

    බොහෝම ස්තූතියි සහෝදරය. !! මම වැඩේ කරලම විස්තර කියන්නම්

    [Reply]

  3. 3. KaniRockz Says:

    @ Express

    පොතේ හැටියට ඩබ්ලිව් 200 ටත් පුලුවන් බං… XS++ බා ගන්න ඕන නම් මෙන්න ලින්ක් එක…
    http://www.se-nse.net/gbrooks3/XS++/download.php

    FONTS.xml එක නම් ඒකම තමයි.. FONT එකත් ඉතින් ඒකම තමා… :P

    @ Chrishi — ක්‍රිෂි

    එළ එළ මචෝ.. මගෙන් සුභ පැතුම්.. පරිස්සමින් හොදේ… භයානක වැඩක්… පොඩ්ඩක් අවුල ගියොත් සිස්ටම් එකටම කෙලවෙයි. පරිස්සමින්.

    [Reply]

  4. 4. Uraj Deemantha Says:

    මචන් SE P1i ට පුලුවන් වෙයිද නැත්නම් කෙල වෙයිද……..??

    [Reply]

  5. 5. Yohan Kanishka Says:

    @ Uraj Deemantha

    මචෝ SE P1 එකට නම් මේ සොෆ්ට් එක වැඩ කරන්නෙ නැ..
    SE P1 එක
    Platform: 2000(PDA/Smartphones)
    CID: 53

    මේ සොෆ්ට් එක වැඩ කරන්නෙ CID: 49 50 52 වගේ ඒවට. සමහර විට වෙන සොෆ්ට් එකකින් පුළුවන් වෙයි. පොඩ්ඩක් ෆෝන් ෆ්ලෑෂ් කරන පොට් එකක හොයල බලන්න එයාලට පුළුවන්ද කියල.

    නැත්තම් ඉතින් චතුර වික්‍රමරත්න කිවුව වගේ Opera mini වල about:config එකේ Use bitmap fonts for complex scripts කියන option එක yes කරල භාවිත් කරන්න මම ඒකත් කරල බැලුව…

    ඒකත් එළටම වැඩ.. මේන්න මෙ පෝස්ට් එක බලන්න.

    [Reply]

  6. 6. ඉන්දික Says:

    මගේ කේ 700 අයි එකටනම් ඕව බෑ මගෙ හිතේ…තව ලියන්න යාලුවා
    ජය වේවා..!

    [Reply]

  7. 7. Sampath Says:

    There is a software called FAR manager.They have created a plugin for it which enables cid 53 customization including patching…etc

    [Reply]

  8. 8. KaniRockz Says:

    @ ඉන්දික

    මචෝ Opera mini හදා ගන්න.. ඒකට සිංහල ෆොන්ට් දාන්න ඕන නැහැ… හැබැයි ඉතින් වෙනද 50 කිලොබයිට් විතර ගියපු පිටුවට යන්න 400 කිලොබයිට් විතර යනව.. පොඩ් අවුලකට තියෙන්නෙ එච්චරයි නැත්තම් එලටම වැඩ…
    ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට…

    [Reply]

  9. 9. KaniRockz Says:

    @ Sampath

    Thanks for your comment.

    [Reply]

  10. 10. ශාකුන්තල Says:

    K770i කෝමද දන්නෑ… කරල බලලම කියන්නම්.

    [Reply]

  11. 11. Prabath Says:

    මමත් SE රසිකයෙක් … වටිනා පෝස්ට් එකක්.. ජය වේවා

    [Reply]

  12. 12. Brown Says:

    Are you a professional journalist? You write very well.

    [Reply]

  13. 13. kawshala Says:

    Can I use this software on my mobile. SonyEricsson W910i

    [Reply]

  14. 14. KaniRockz Says:

    @ ශාකුන්තල

    K770i ටත් අවුලක් නැතිව පුළුවන් වෙයි මචෝ.. කරල විස්ථරේ කියන්නකො… සුභ පැතුම්.

    @ Prabath

    ගොඩක් ස්තූති ප්‍රතිචාරයට…

    @ Brown

    Hehe Brown I’m not journalist… I’m student :) Thanks for your comment..

    @ kawshala

    මචෝ W910i කියන්නෙ A2 phone එක්ක…

    Platform: 3150 (A2)
    CID: 53

    මේ ටුල් එකෙන් නම් බැරි වෙයි… ඒත් මෙන්න මේ ලින්ක් එකට ගිහින් උදවුවක් ගන්න පුළුවන් වෙයි..
    මේත පොඩ්ඩක් බලන්න…

    a2uploader-tutorialguide

    [Reply]

  15. 15. shiro Says:

    LG KG200 ට කොහොමද දාන්නේ????????????????

    [Reply]

  16. 16. දම්මිකා Says:

    nokia N80 ඒකකට fonts install කරන විදිය කියන්න පුළුවන්ද?

    [Reply]

  17. 17. බුද්ධික Says:

    SE W200i එකට දාන්න බෑ.මම 2008 මුල දී බැලුවා,ඒකේ Font folder එකකුත් නෑ,DB2012 නිසා default fonts විතරයි පුලුවන්,

    [Reply]

  18. 18. KaniRockz Says:

    @ shiro and දම්මිකා

    අනේ Lg සහ Nokia දුරකථන වලට කොහෙමද දන්නෙ නැ.. මොකද මම ගාව තියෙන්නෙ සෝනි එරික්සන් එක්ක.. මට කරල බලන්න පුළුවන් මගේ තියන සෝනි එරික්සන් එකට විතරයි.

    @ බුද්ධික

    ගොඩක් ස්තූති තොරතුරට.. මම ඒක කලින් දැනගෙන හිටියෙ නැ.. මොකද මම ගාව තියෙන්නෙ k530i එකක්.

    [Reply]

  19. 19. w995Tharindu Says:

    ela ela ban eth ube defult font linkeka wadakaranne nane???4sherd eke tiyenawa……

    [Reply]

    Yohan Kanishka Reply:

    දැන් හරි මචං :)

    [Reply]

  20. 20. කෝලා Says:

    නියමයි අයියේ ඔයාගෙ සයිට් එක.
    මම ලිපි සේරම බැලුව. ඒව ගොඩක් හොඳයි.
    ඉදිරියටත් හොඳ ලිපි ලියන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා…

    [Reply]

  21. 21. swaranga Says:

    වැඩෙ මරු

    [Reply]

  22. 22. swaranga Says:

    අනෙ වෙනස් උන..ඒත් සින්හල උන් න..english font 1 වෙනස් උන විතරයි..

    [Reply]

    Yohan Kanishka Reply:

    සිංහල යුනීකේත වලින් ලියපු දෙයක් ෆෝන් එකෙන් බලන්න.

    [Reply]

  23. 23. yasith Says:

    meka nokia 2730c puluwanda

    [Reply]

  24. 24. isuru Says:

    elakiri machoo jaya wewa

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA