අගෝ 04

Warning: strpos() [function.strpos]: Offset not contained in string in /home/ykani/public_html/blog/wp-content/plugins/hungred-image-fit/hungred-image-fit.php on line 251

Warning: strpos() [function.strpos]: Offset not contained in string in /home/ykani/public_html/blog/wp-content/plugins/hungred-image-fit/hungred-image-fit.php on line 251

Warning: strpos() [function.strpos]: Offset not contained in string in /home/ykani/public_html/blog/wp-content/plugins/hungred-image-fit/hungred-image-fit.php on line 251

Warning: strpos() [function.strpos]: Offset not contained in string in /home/ykani/public_html/blog/wp-content/plugins/hungred-image-fit/hungred-image-fit.php on line 251

Warning: strpos() [function.strpos]: Offset not contained in string in /home/ykani/public_html/blog/wp-content/plugins/hungred-image-fit/hungred-image-fit.php on line 251

Warning: strpos() [function.strpos]: Offset not contained in string in /home/ykani/public_html/blog/wp-content/plugins/hungred-image-fit/hungred-image-fit.php on line 251
Line Break

Author: KaniRockz (33 Articles)

හැමෝම කැමති නේද තමන්ගෙම කියල වෙබ් අඩවියක් තමන්ටම සකසා ගන්න. මට හිතුන ඒ පිළිබඳ ලිපි පෙලක් ඉදිරිපත් කරන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් වේවි කියල හිතනව. ඔ‍යාලගෙ යෝජනා චෝදනා සටහන් කරන්න කියල ඉල්ලනව. එහෙනම් වැඩි කතා නැතිව පටන් ගමු. icon smile  Basic HTML in Sinhala – Part 01

වෙබ් අඩවි නිර්මාණයේදී අප දැනගත යුතුම කාරනයක් තමයි මේ HTML කියන්නෙ. මම මුලින්ම කියන්නම් මොකක්ද මේ HTML කියන්නෙ කියල. HTML කියන්නෙ වෙබ් අඩවි ‍පෙන්වන්න, සකසන්න  එසේ නැත්තම් වෙබ් අඩවි දක්වන්න යොදා ගන්න භාෂාවක්. සෑම වෙබ් අඩවියක්ම සෑදීම‍ට මෙම HTML කියන භාෂාව යොදා ගන්නව. මේක අමාරැ දෙයක් නෙවෙයි ඕනම කෙනෙක්ට පහසුවෙන් ඉගන ගන්න පුළුවන් දෙයක්. මේක ඉගන ගත්තොත් ඔ‍යාලටත් පෞද්ගලික වෙබ් අඩවියක් පහසුවෙන්ම ආරම්භ කරන්න පුළුවන් වේවි.  icon smile  Basic HTML in Sinhala – Part 01   මම ඉදිරියේදි සියළුම දේවල් කියා දෙන්න බලා පො‍රොත්තු වෙනව.


හරි HTML ගැන ‍පොඩි හැඳින්වීමක් කරානෙ. හැමෝටම HTML කියන්නෙ මොකක්ද කියල පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතනව. හරි හරි වැඩි කතා ඕන නැහැ අපි වැඩේට බහිමු. මගේ මේ භාෂාව හැමොට තේරෙනව ඇති කියල හිතනව. තේරෙන්නෙ නැති වෙන්ඩ විදියක් නැහැ කස්ටියම අපේ ලංකාවෙනෙ. එහෙනම් ඔන්න මට අවසරයි හැමෝගෙම සහය ලැබෙයි කියල හිතනව icon wink  Basic HTML in Sinhala – Part 01


දැන් සමහරැ කල්පනා කරනව ඇති මොක්කද මේ HTML වැඩ කරන මෘදුකාංගය කියල.  ගොඩක් මෘදුකාංග තියනව අනේ ඒත් මම නම් ඒව භාවිතා කරන්න කියලනම් කියන්නෙ නැහැ. මොකද මුලින්ම ඔයාල HTML මූලික දැනුම ලබාගෙන ඉන්න ඊට පස්සෙ පුළුවන් මෘදුකාංග භාව්තා කරල වෙබ් අඩවි නිර්මාණය කරන්න. 


ඔයාල හැමෝම දන්නවනෙ NotePad එක. අන්න ඒක හොඳටම ඇති මූලික HTML දැනුම ලබාගන්න. Start >> Programs >> Accessories >> NotePad මගින් NotePad එක ගන්න පුළුවන් වේවි. එහෙම නැති නම් Start >> Run… මත NotePad ලෙස සටහන් කර Ok කිරීමෙන්ද NotePad එක ගන්න පුළුවන් වේවි.


අපි දැන් පොඩි උදාහරණයක් බලමු.

<html>

<body>

My First Web Page

</body>

</html>

හරි මම මේක පැහැදිලි කරන්නම්. මෙහෙමයි අපි දැන් මේ කරන්නෙ html නෙ. වෙබ් අඩවියක සියලුම විස්ථර කරනේනෙ මෙ <html> </html> කියන එක ඇතුලෙ. මේවට අපි කියනව html Tag කියල. ඔයාල වෙබ් අඩවියක් හදනකොට මෙන්න මේ <html> </html> කියන html Tag එක ඇතුලෙ තමයි සියළුම කේතයන් කරන්න ඕන. ඒක තමය් මේ html භාෂාවෙ ක්‍රමය. ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති කියල හිතනව. මේක තමයි ප්‍රධාන ටැග් එක. html කේතයන් කරන්න මෙවගේ ටැග් ගොඩක් තියනව මම ඒ එකින් එක ඉදිරියේදී පැහැදිලි කරන්නම්. හොඳට මතක තියාගන්න html කේතයන් කරන්නෙ මෙන්න මේ ප්‍රධාන ටැග් එක අතර කියල. අනිත් ටැග් සියල්ලමත් මෙම ටැග් එක අතර තමයි කේතයන් කරන්නෙ.


හරි ඉහත උදාහරණයම බලන්න. ඒකෙ තවත් html ටැග් එකක් තියනව. ඒකත් ඉතා වැදගත් ප්‍රධාන ටැග් එකක්. <body>  </body> මෙන්න මේ body කියන ටැග් එක ගොඩාක් වැදගත්. ඔයාල දැකල තියනවනෙ වෙබ් අඩවි ඒවයි පේන්න තියෙන්නෙ අකුරැ රැප වගේ ඒව කේතනය කරන්නෙ මෙන්න මේ body කියන ටැග් එක අතරයි. කෙටියෙන්ම කිවුවෙත් ඔයාලට වෙබ් අඩවියෙන් පෙන්වන්නට තියන දේවල් ඒ කියන්නෙ වෙබ් අඩවියෙන් ප්‍රචාරය කරන්න තියන දේවල් දාන්න ඕන මෙන්න මේ body කිවන ටැග් එක ඇතුලට. ‍මේ උදාහරණයෙ මම body ටැග් එක අතරට දාල තියෙන්නෙ My First Web Page කියල. දැන් මේක වෙබ් අඩවියක් ලෙස save කරොත් ඔයාලට පේනනෙ My First Web Page කියන එක. දැන් නම් ඒක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියල හිතනව. පැහැදිලි නැත්තම් මට කියන්න අපසු පැහැදිලි කරල කියන්නම්.


මම දිපු උදාහරණය ඔයාලත් NotePad මත සටහන් කරල වෙබ් අඩවියක් ලෙස save කරල බලන්න එ‍‍තකොට ඔයාලට තවත් පැහැදිලි වේවි.

මම ඔයාලට වෙබ් අඩවියක් ලෙස save කරල බලන්න කිවුවට වෙබ් අඩවියක් ලෙස save කරන්නෙ කොහොමද කියල කිවුවෙ නැහැනෙ. හරි අපි දැන් බලමු කොහොමද මේක වෙබ් අඩවියක් ලෙස save කරන්නෙ කියල. ‍වෙබ් පිටුවක File Extensions type එක *.html හෝ *.htm ලෙස භාව්තා වෙනව. ‍ගොඩක් මෘදුකාංග මගින් වෙබ් අඩවියක් නිර්මාණය කරල ඒකෙන් save කරම *.htm ලෙස තමයි ‍save වෙන්නෙ ඒත් ඉතින් අපි *.html විදිහට save කරමු.

ඉහත පිංතූරෙ බලන්නකො. ඒකෙ File Name එක  first_site.html ලෙස මම සටහන් කරා ඒකට ඔයාල කැමති නමක් දෙන්න හැබැයි .html  කියන එක නම් වෙනස් කරන්න බැහැ.  Save as type එක All files ලෙස සටහන් කර save කරන්න. දැන් ඔයාලට Browser එකෙන් වෙබ් පිටුව බලා ගන්න පුළුවන්.

මම හිතනව මම මෙ කියපුව ටිකක් හරි තේරෙන්න ඇති කියල. ඉදිරියේදි මම තවත් html Tag ගැන පාඩම් ‍ඉදිරිපත් කරන්නම්ත ඔයාල මේක කරල බලන්න. ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව මේ වගේ දෙයක් කරද්දි ඉතින් ඔබගේ අදහස් මට දන්වන්න.

ඊලඟ ලිපිනේ තව දුරටත් html ගැන ඉගන ගමු.

Popularity: 16% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි. ඒ වගේම ලිපිය ගැන ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

Post to Twitter

written by KaniRockz


17 Responses to “Basic HTML in Sinhala – Part 01”

  1. 1. සංජීව් Says:

    දිගටම ලියන්න

    [Reply]

  2. 2. KaniRockz Says:

    අනිවා දිගටම ලියනව. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතී. ඊලඟ ලිපියත් ඉක්මනින දාන්නම්.

    [Reply]

  3. 3. lokka Says:

    hoda wadak digatama karagena yanna :)

    [Reply]

  4. 4. දිසා Says:

    ඉස්තරම් වැඩක් මචන් දිගටම ලියන්න මග නතර නොකර සුභ පතනවා

    [Reply]

  5. 5. KaniRockz Says:

    බොහොම ස්තූතී ප්‍රතිචාර වලට. සුභ පැතුම් වලටත් ස්තූතී. අනිවා දිගටම ලියනව. දන්න දේ හැමෝටම කියා දෙන්න ඕන ඒකයි අපේ තියරිය ;)

    [Reply]

  6. 6. ushan Says:

    ගොඩක් වටින ලිපියක් ………………………………….
    අපි බලන් ඉන්නවා …………….. දිගටම කරන් යන්න.

    [Reply]

  7. 7. පිස්සා Says:

    දිගටම ලියන්න මලයෝ….
    All the Best !!!!

    [Reply]

  8. 8. shan Says:

    poddak adala nathi deyak ahannada??????????

    kohomada oyala oya kahapata podi munu danne?

    {lokka,kanishrokz eahema dala thiyenne}

    {කස්ටියම අපේ ලංකාවෙනෙ. එහෙනම් ඔන්න මට අවසරයි හැමෝගෙම සහය ලැබෙයි කියල හිතනව]me wage than wala thibba plzzzzzzzzzzz

    [Reply]

  9. 9. KaniRockz Says:

    @ ushan
    ‍එළ එළ දිගටම සෙට් වෙන්න හිතේ තියන හැම දේම… ලියනව.

    @ පිස්සා
    බොහොම ස්තූතී අයියේ. Comments දැක්කම කවදාවත් නවත්තන්න හිතෙන්නෙ නැ. ;)

    @ shan
    මචෝ ඒව තමා එ‍මෝට්ස්. :P මෙන්න මේ පිංතුරෙ බලන්නකො ඒ වගේ ඒව ටයිප් කරාම Wordpress එකෙන් ඒක මූණු කරනව. http://free-imagehosting.co.cc/pics/a751081cfdb4f5cdc85cd4146e380ce6.jpg

    [Reply]

  10. 10. Thilina Says:

    එළ එළ මචෝ, දිගටම ලියමු……………..

    [Reply]

  11. 11. KaniRockz Says:

    එළ එළ බොහොම ස්තූතී.

    [Reply]

  12. 12. Rohan Says:

    pin sidda wenawa macho…

    [Reply]

  13. 13. Kasun Says:

    ගින්දර මචං…දිගටම ලියපන්…

    [Reply]

  14. 14. namal wickramasinghe Says:

    එල එල…දිගටම ලියමු….
    මේ Joomla කියල software එකක් තියනව නේද website හදන්න පුලුවන්…

    [Reply]

  15. 15. KaniRockz Says:

    @ Rohan

    එළ එළ මචෝ…

    @ Kasun

    අනිවා.. ස්තුතී මචෝ ප්‍රතිචාරයට.

    @ namal wickramasinghe

    ඔව් Joomla කියල software එකක් තියනව. ඒකත් ටිකක් මේ Wordpress වගේ. හැබැයි. Wordpress තරම් ලේසි නම් නැහැ. ඒක බ්ලොග් හඳන එකක් නම් නෙවෙයි content management system එකක්.

    [Reply]

  16. 16. darshana Says:

    දිගටම කරෙගන යන්න……………මට හුගාක් වැදගත් පාඩම් මාලාවක්……………….

    [Reply]

  17. 17. KaniRockz Says:

    darshana අයියේ… ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට… අනිවා දිගටම ලිවනව….

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes