|
අගෝ
13
|
Author: KaniRockz (33 Articles)
අළුත් දවසක්. HTML වල තුන් වන ලිපිය ඉදිරිපත් කරන්න මට අවසර. මම නම් දැන් සිංදුවක් එහෙම අහගෙන ආතල් එකේ තමා මේක ලියන්නෙ. මොනව ලියවෙයිද දන්නෙ නැ
බය වෙන්න එපා මම හරියට ලියන්නම්කො. කලින් දාපු ලිපි දෙකේම දේවල් හොඳට අවබෝධ වෙන්න ඇති කියල හිතනව. එහෙම නැත්තම් මුකුත් හිතන්න එපා මේක කියවන එක නවත්තල අපහු ඒ ලිපි වලට යන්න. ඒවයි පැහැදිලි නැති මොනා හරි තියේ නම් අහන්න. හරි වැඩි කතා ඕන නැහැ අපි වැඩේට බහිමු.
අදත් මම තවත් HTML Tag කිහිපයක් ගැන ලියන්නම්. ඒක නෙවෙ.. මම නම් පොර වගේ මේව ලියනව. පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරනව. ඔයාලට තේරෙන්නෙ නැත්තම් අහන්න හොඳේ. තවත් පැහැදිලි කරන්නම්.
හරි අද අපි බලමු වෙබ් අඩවියක මාතෘකා වැනි දේවල් කොහොමඳ HTML වලින් කෝඩ් කරන්නෙ කියල. මාතෘකා සඳහත් HTML වල වෙනම ටැග් එකක් තියනව. පහත තියන HTML කෝඩ් එක බලන්න.
<html>
<head><title>Web Page Title</title></head>
<body><h1> this is h1 Tag </h1>
<h2> this is h2 Tag </h2>
<h3> this is h3 Tag </h3>
<h4> this is h4 Tag </h4>
<h5> this is h5 Tag </h5>
<h6> this is h6 Tag </h6></body>
</html>
මේක බලන්නකො මට මතක විදිහට මාතෘකා සදහා HTML ටැග් හතක්ද කොහෙද තියනව. ඒත් <h7> ට විතර එනකොට සාමාන්‍ය අකුරැයි මාතෘකාව අතරයි වැඩා වෙනසක් පේන්නෙ නැ. මම කලින් ලිපියෙ කිවුවනෙ වෙබ් අඩවියේ පෙන්නන්න තියන සියළුම දේවල් දාන්නෙ <body></body> කියන ටැග් එක ඇතුලෙ කියල. ඒව නම් අමතක කරන්න එපා. මම හිතනව ඉහත උදාහරණයේ තියන මාතෘකා සඳහා තියන ටැග් පැහැදිලි කරන්න එතරම් අවශ්‍ය වෙන එකක් නැහැ කියල. ඔයාල ඕක සේව් කරල බලන්න. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලි වේවි. කරල බලන්න.
Popularity: 16% [?]

අගෝස්තු 13th, 2009 at ප.ව. 8:08
ගොඩක් පැහැදිලියි…. මේවයි font & font colour දාන හැටි කියන්න
[Reply]
අගෝස්තු 13th, 2009 at ප.ව. 8:33
එළ එළ
දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්
[Reply]
අගෝස්තු 13th, 2009 at ප.ව. 11:29
ඉතා හොද වැඩක්.දිගටම කරගෙන යන්න
[Reply]
අගෝස්තු 14th, 2009 at ප.ව. 3:01
@ ushan
බොහොම ස්තූති ප්‍රතිචාරයට. මෙන්න මේ කෝඩ් එක බලන්න.
ඔයාට ඕන ටෙක්ස්ට් එක මෙතන්ට දාන්න.
ඔය විදියට තමයි font & font colour දාන්නෙ. ඕකෙ මම font විදියට භාවිතා කරේ Courier New කියන font එක. color එකට දිල තියේනෙ රතු පාට. හැබැයි කෝඩ් එකේ තියෙන්නෙ නම් colour code එක. colour code එකක සම්මත හැඩය වෙන්නෙ # ලකුණ සහ අකුරැ + ඉලක්කම් හයක එකතුවක්. බය වෙන්න එපා ඔය colour code එක තියන තැන Red කියල ටයිප් කරත් ඕකම වෙනව. මම ඉදිරි ලිපියකින් හොඳට පැහැදිලි කරන්නම්. මේ ටික ප්‍රමාණවත් වේවි කියල හිතෙනව. උත්සහ කරල බලන්න.
@ kapila & dilan
බොහොම ස්තූතී. ප්‍රතිචාර වලට.
[Reply]
අගෝස්තු 14th, 2009 at ප.ව. 3:45
හපොයි මට අමතක උනා මේකෙත් HTML වැඩ කරනව කියල. කෝඩ් එක දැන්මම ඒක වේන්න ඕන දේ වෙලා පෙන්නන්නෙ.
මේන්න මේ පිංතූරෙ බලන්න එතකොට හරි.
[Reply]