|
අගෝ
04
|
Author: Yohan Kanishka (38 Articles)
හැමොටම කියන්ඩ ඕන ඔන්න අපි නම් Mobitel. මොබිටෙල් විතරයි 3G තිබුනෙ. කට්ටියම බලනව ඇති මොකක්ද මේ Mobitel, Dialog සහ වෙනත් කතා කියල.
මම පොඩි කාලෙ මටත් ආසවක් තිබුන Internet ගන්න. ඔහොම ඉන්න කොට තමා suntell CDMA ආවෙ. අපු ගමන් ගත්ත එකක්. මරැ බැංකු දෙකකට විතර ගේමක් දිල Internet යන්න පුළුවන් උනා. කොහොම හරි ඉතින් ගියානෙ. ඒකත් ඉතින් ඉරිද දවසට විතරයි නැත්තම් අපි විකිනෙනව. ඔහොම කාලයක් ඉන්න කොට තමා අපේ පැත්තට cafe එකක් ආවෙ. අපි Internet ගියපු වේගය එක්ක බැලුවොත් එක පට්ට speed. දැන් නම් cafe වැහි වැහැල.
ඒව ඉතින් පරණ කතානෙ ඔන්න සහ වෙනත් කතා ඇති
කියන්ඩ හැදුවෙ වෙන එකක් නෙ.
ඔන්න ඉතින් මම වෙනද වගේ උදේ නැගිට්ට. නැගිට්ට ගමන් අතට ගත්තෙ phone එක. 3G සිග්නල් නැ. උදේ පාන්දර ඔන්න ඉතින් අල. ගියා Select Network ගිහින search කොරා. මෙන්න බොලේ Dialog 3G තියනව. පට්ට. Dialog එකටත් අපි ගැන හිතිල. ඒක දැක්ක ගමන් මට මතක් උනේ Dialog Prepaid Mobile Broadband. මෙච්චර කල් අපිට තිබුනෙ මොබිටෙල් 3G විතරයි. ඒකෙන් ඉතින් ලොකු File බාන්න බැහැනෙ. හෙට නිවාඩු දවසනෙ. හවස් වෙලා ගිහින් Dialog කඩ් එකක් එහෙම ගෙනත් තියා ගන්ඩ ඕන. හෙට වැඩේ ටෙස්ට් කරන්න. හැබැයි හෙට වෙද්දි Dialog 3G නැති වෙයිද දන්නෙ නෑ
අපි ඉන්නෙ ලංකාවෙනෙ. ඒක ඉතින් හොට බලන්න ඕන වැඩේ ගොඩ ගියොත් හැමොටම කියන්නම්‍කො. එතකොට බලා ගන්න පළුවන් මොකක්ද ගොඩක්ම හොඳ කියල.
Popularity: 3% [?]






අගෝස්තු 4th, 2009 at ප.ව. 5:08
මම පාවිච්චි කරන්නෙත් මොබිටෙල් ඒත් මෙනව හරි බාන්න මමත් ඩයලොග් එකට 50 ක් දාගන්නවා. ඒත් මචෝ ඕක මාර අන්ස්ටේබල් අනික උන්ට හැම වෙලේම ගණන් වරදිනවා. මගේ බ්ලොගය බැලුවනං තේරෙයි (http://thilinabuwa.blogspot.com/2009/05/dialog_21.html). පරිස්මෙන්, ඉස්සෙල්ලා රු 20/- ක් දාලා බලන්න. බැරිවෙලා වත් රු 400/- ක් නං දාන්න එපා.
[Reply]
අගෝස්තු 4th, 2009 at ප.ව. 5:34
හික් හික් මචන් මටනම් හොදම SLT ADSL
[Reply]
අගෝස්තු 4th, 2009 at ප.ව. 10:36
SLt 2MB/s Is the best
[Reply]
අගෝස්තු 6th, 2009 at ප.ව. 7:52
@ Thilina
මචෝ මම ලිපිය කියෙවුව. බොහොම ස්තූතී. අනේ මට Dialog Prepaid Mobile Broadband ටටෙස්ට් කරන්න බැරි උනා. දුරකථනයේ මෘදුකාංගයට කෙල උනා.
@ දිසා
අපිට SLT ADSL ගන්න විදිහක් නැහැ බං. සොරි තමා.
[Reply]