|
අගෝ
10
|
Author: KaniRockz (33 Articles)
Online පරිගණක සඟරාවක් සිංහලෙන්. කස්ටියම බලනව ඇති මොකක්ද මේ කියල. මේක ගොඩක් කල් ඉඳල මගේ හිතේ තිබුන අදහසක්. අපේ පරිගණක දැනුම සිංහලෙන් හැමොම එක්ක බෙදාගන්න පුළුවන් විදියෙ Online පරිගණක සඟරාවක් හදන එක මගේ හිතේ තිබුන. ඒක ඉතින් දැන් ක්‍රියාවට නගන්න තමා තියෙන්නෙ. ඒකට ඔයාල හැමොගෙන්ම උදවු ඉල්ලනව. හැමෝගෙන්ම උදවු ලැබේවි කියල හිතනව.
මෙහෙමයි.. මේක මම හදන්න බලා පොරොත්තු වෙන්නෙත් සඟරාවකට ගැලපෙන
ගොඩක්ම බලාපොරොත්තු වෙන්නෙ පරිගණක පාඩම් සිංහලෙන් සරළව ඉදිරිපත් කිරිමට. ඒ කියන්නෙ වෙබ් අඩවි නිරිමාණය, මෘදුකාංග නිර්මාණය, ඡෘයාරෑප සංස්කරණය, පරිගණක සජීවීකරණය, වීඩියෝ සංස්කරණය, වැනි මාතෘකා යටතේ පාඩම් පෙලක් ඉදිරිපත් කිරිම තමයි බලාපොරොත්තුව. ඉදිරියේදී නව මාතෘකාත් එකතු වේවි. සඟරාවක් හදනව කියල මම විතරක් ලිපි පියන්නෙ නෑ. ගොඩක් අය මේකට සම්බන්ඳ කරගන්න බලාපොරොත්තු වෙනව.
මේ පිළිබඳ ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනව. මේ වගේ එකක් ආරම්භ කරොත් එකම තැනකින් මුළසිට පරිගණක පිළිබඳ හදාරන්න පුළුවන්. ඔබගේ අදහස් දක්වන්න. ගොඩක් ස්තූතී.
Popularity: 11% [?]

අගෝස්තු 10th, 2009 at ප.ව. 5:15
අදහස නරක නෑ. මමත් ඔන්ලයින් පොටොශොප් බ්ලොග් එකක් කරනවා. ඔනේ උදව්වක් කියන්න කරලා දෙන්නම්
[Reply]
අගෝස්තු 10th, 2009 at ප.ව. 6:30
වර්ඩ් ප්‍රෙස් තෝර ගත්ත එක හොදා ඔකට ගැලපෙන තීම් වගයක් මාගාව තියෙනවා ( හැබැයි ගොඩක් ඒවා සෙල්ෆ් හොස්ටින්ග් සපෝට් කරන්නේ ඒ වර්ඩ් ප්‍රෙස්වල හැටිනේ ) ඕන උදවුවක් මොනවද වෙන්න ඕන කියලා ඊමේල් එකක්දාන්න එච්චරයි. හොද අදහස.
[Reply]
අගෝස්තු 10th, 2009 at ප.ව. 6:33
නියමයි පටන්ගන්න පටන් ගන්න
[Reply]
අගෝස්තු 10th, 2009 at ප.ව. 6:36
මේ දවස්වල නම් වැඩ වැඩියි. ලබන මාසෙ විතර බලමු. ඇනිමේෂන් වලින් උදව් ඕනිනං කියන්න. දෙන්නං.
[Reply]
අගෝස්තු 10th, 2009 at ප.ව. 7:36
@ Wolveriŋe™
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට. හැමෝම එකතු උනොත් අපිට සාර්ථක වෙන්න පුළුවන.
@ peththa
මචෝ තීම් ටික මට ඊමේල් කරන්න පුළුවන්ද? මම ඒව බලන්නම්.
@ රන්දීර
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.
@ අනූ
ඔයාගේ බ්ලොග් එකත් මම බැලුව. ගොඩක් හොඳයි. ගොඩක් ස්තූතී මේකට උදවු කරන්න එකතු උනාට.
[Reply]
අගෝස්තු 10th, 2009 at ප.ව. 8:02
ඕන උදව්වක් ඉල්ලන්න මල්ලී, ඒ වගේම අවශ්‍ය දේවල් බ්ලොග් එකේ දාන්න, කට්ටිය පුළුවන් විදිහට උදව් කරයි.
[Reply]
අගෝස්තු 10th, 2009 at ප.ව. 8:09
@ මිලින්ද
ගොඩක් ස්තූතී අයියේ ප්‍රතිචාරයට. මේ වැඩේට ගොඩක් දෙනෙක්ගෙන් උදවු ලැබේවි.
[Reply]
අගෝස්තු 11th, 2009 at පෙ.ව. 9:19
මේ වැඩේ හොදයි. උදව්වට මාත් ඉන්නවා.
[Reply]
අගෝස්තු 11th, 2009 at පෙ.ව. 11:25
එළ එළ
අපිත් පුළුවන් විදියට සපොර්ට් කරන්නම්
[Reply]
අගෝස්තු 11th, 2009 at ප.ව. 7:47
Godak hodai wade nam. Oyala hemotama suba pathanawa.
[Reply]
අගෝස්තු 11th, 2009 at ප.ව. 11:12
ජාවා උදව්වක් ඔනෙ නම් කියන්න. හොඳට කරන්න ජය වේවා !!!
[Reply]
අගෝස්තු 13th, 2009 at පෙ.ව. 12:12
මම පරිගනක වල තාක්ෂණික පැත්ත ගැන නම් වැඩිය දන්නෙ නෑ. මම කිසිම දෙයක් ගැන ඉහලට දන්නෙ නෑ. ඒත් මට ලියන්න පුලුවන්. මම ඉස්සර සිංහල පරිගනක සඟරාවකට ලිපි සපයලා තියනවා. ඒ දවස් වල මම කලේ ඉන්ටනෙට් එකෙන් තොරතුරු හොයලා සිංහලට පරිවර්තනය කරලා ලියන එක. දැනුත් ඒක කරන්න පුලුවන්නෙ… ඒත් මගෙ තියන අනිත් වැඩ කටයුතුත් එක්ක මට ලියන්න මාතෘකාවල් හොයන්න වෙලාවක් නෑ. කවුරුහරි මාතෘකාවක් දුන්නොත් කරුනු හොයල ලියන්න නම් පුලුවන්… කොහොමහරි කශ්ටිය එකතුවෙලා කරන්න පුලුවන්නම් වැඩේ නම් හරිම වටිනවා. ඒක නෙවෙයි, දන්නවද http://www.digit.lk ගැන? ඒකත් ඔය කියන විදිහේ එකක්…
[Reply]
අගෝස්තු 13th, 2009 at ප.ව. 3:22
@ නිලන්ත
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.
@ මනුශාන්
ගොඩාක් ස්තූතී මචෝ… ගොඩක් අය උදවු කරයි. අපිට වැඩේ ලේසි වෙයි වගේ.
@ Gura
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.
@ Chrishi
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට. හැමෝගෙම උදවු ඕන වෙනව මේ වගේ වැඩක් කරද්දි. ගොඩක් ස්තූතී.
@ සිංහ
බොහොම ස්තූතී ඔයාගේ අදහසට. digit සඟරාව මම දැක්ක. ඒක දැක්කම මට තවත් හිතුන කොහොම හරි අපිටත් එකක් පටන් ගන්න පුළුවන් වේවි කියල.
[Reply]