ඉන්න ගමන් මට හිතුන මේ blog තියන වැඩකැලි ටිකක් අඩු වෙලා.. ජංගම දුරකථන වලත් පහසුවෙන් බලන්න පුළුවන් වෙන්න හදා ගන්න මොකක් හරි කරන්න..
සිරිතක් විදියට දන්නැති මොනා හරි ලැබුනොත් කෙලින්ම දුවන්නෙ ගූගල් අයිය ගාවට..
ඉතින් මම මේකත් ගූගල් අයියගෙන් ඇහුව
අහන පරක්කුව විතරයි wordpress-mobile-plugin එක්කුත් හොයල දුන්න..
සංතෝෂේ බෑ…. පොඩ්ඩක් ඉතින් අත පත ගාල ඒකත් හදා ගත්ත… ටෙස් කොරල බලන්නත් ඕතනෙ…
මම ඉතින් ජංගම දුරකථනයත් අතට අරගෙන දුරකථනයේ Browser එකෙන්… http://blog.ykani.info කියල ගහල බලාගෙන හිටිය…
එලටම වැඩ… ( කලින් සිංහල යුනිකෝඩ් ෆොන්ට් ජංගම දුරකථනයට දාල තිබුනෙ. )
Continue reading »
Popularity: 5% [?]
written by Yohan Kanishka
\\ tags: blog, ජංගම දුරකථනයෙනුත්
ඊයෙ ඉඳල මම Gmail වලින් ෆයිල් එකක් යවන්ඩ හදනව. ඒත් හැම වෙලේම කියනනෙ ඔන්න ඔය පිංතූරෙ තියන දේ.. සාමාන්‍ය ඒව නම් යවන්ඩ පුළුවන්.. ඒත් ෆයිල් යවන්ඩ බැ. මෙකක් හරි අවුලක් Gmail ඒකේ… සමහර විට මගේ විතරද දන්නෙත් නැ… ඔයාලත් පොඩ්ඩක් බලල කියනවද? මගේ විතරයි නම මාර සිද්දිය වෙන්නෙ..
මෙන්න පිංතූරෙ.. ලොකු කරල බලන්ඩ පිංතූරෙ උඩ එක පාරක් කොටන්ඩ…

Popularity: 2% [?]
written by Yohan Kanishka
\\ tags: Gmail
ඔන්න ඉතින් මම ඉන්න ගමන් පොඩ්ඩක් නිවස්න පිටුව වෙනස් කරා. මේක කොහොමඳ කියල බලල කියන්නකො. http://www.kanirockz.co.cc කැතයි නම් කියන්ඩ හොඳේ හිතේ තියාගෙන ඉන්න එපා.
Popularity: 2% [?]
written by Yohan Kanishka
\\ tags: kanirockz, Yohan Kanishka, නිවස්න පිටුව, යොහාන් කණිෂ්ක
අළුත් දවසක්. HTML වල තුන් වන ලිපිය ඉදිරිපත් කරන්න මට අවසර. මම නම් දැන් සිංදුවක් එහෙම අහගෙන ආතල් එකේ තමා මේක ලියන්නෙ. මොනව ලියවෙයිද දන්නෙ නැ
බය වෙන්න එපා මම හරියට ලියන්නම්කො. කලින් දාපු ලිපි දෙකේම දේවල් හොඳට අවබෝධ වෙන්න ඇති කියල හිතනව. එහෙම නැත්තම් මුකුත් හිතන්න එපා මේක කියවන එක නවත්තල අපහු ඒ ලිපි වලට යන්න. ඒවයි පැහැදිලි නැති මොනා හරි තියේ නම් අහන්න. හරි වැඩි කතා ඕන නැහැ අපි වැඩේට බහිමු.
අදත් මම තවත් HTML Tag කිහිපයක් ගැන ලියන්නම්. ඒක නෙවෙ.. මම නම් පොර වගේ මේව ලියනව. පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරනව. ඔයාලට තේරෙන්නෙ නැත්තම් අහන්න හොඳේ. තවත් පැහැදිලි කරන්නම්.
හරි අද අපි බලමු වෙබ් අඩවියක මාතෘකා වැනි දේවල් කොහොමඳ HTML වලින් කෝඩ් කරන්නෙ කියල. මාතෘකා සඳහත් HTML වල වෙනම ටැග් එකක් තියනව. පහත තියන HTML කෝඩ් එක බලන්න.
<html>
<head><title>Web Page Title</title></head>
<body>
<h1> this is h1 Tag </h1>
<h2> this is h2 Tag </h2>
<h3> this is h3 Tag </h3>
<h4> this is h4 Tag </h4>
<h5> this is h5 Tag </h5>
<h6> this is h6 Tag </h6>
</body>
</html>
මේක බලන්නකො මට මතක විදිහට මාතෘකා සදහා HTML ටැග් හතක්ද කොහෙද තියනව. ඒත් <h7> ට විතර එනකොට සාමාන්‍ය අකුරැයි මාතෘකාව අතරයි වැඩා වෙනසක් පේන්නෙ නැ. මම කලින් ලිපියෙ කිවුවනෙ වෙබ් අඩවියේ පෙන්නන්න තියන සියළුම දේවල් දාන්නෙ <body></body> කියන ටැග් එක ඇතුලෙ කියල. ඒව නම් අමතක කරන්න එපා. මම හිතනව ඉහත උදාහරණයේ තියන මාතෘකා සඳහා තියන ටැග් පැහැදිලි කරන්න එතරම් අවශ්‍ය වෙන එකක් නැහැ කියල. ඔයාල ඕක සේව් කරල බලන්න. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලි වේවි. කරල බලන්න.
Popularity: 7% [?]
written by Yohan Kanishka
\\ tags: Basic HTML, Basic HTML in Sinhala, Sinhala, Tutorials, පරිගණක පාඩම්, වෙබ් අඩවි නිර්මාණය, සිංහලෙන් සරළව
Online පරිගණක සඟරාවක් සිංහලෙන්. කස්ටියම බලනව ඇති මොකක්ද මේ කියල. මේක ගොඩක් කල් ඉඳල මගේ හිතේ තිබුන අදහසක්. අපේ පරිගණක දැනුම සිංහලෙන් හැමොම එක්ක බෙදාගන්න පුළුවන් විදියෙ Online පරිගණක සඟරාවක් හදන එක මගේ හිතේ තිබුන. ඒක ඉතින් දැන් ක්‍රියාවට නගන්න තමා තියෙන්නෙ. ඒකට ඔයාල හැමොගෙන්ම උදවු ඉල්ලනව. හැමෝගෙන්ම උදවු ලැබේවි කියල හිතනව.
මෙහෙමයි.. මේක මම හදන්න බලා පොරොත්තු වෙන්නෙත් සඟරාවකට ගැලපෙන
ගොඩක්ම බලාපොරොත්තු වෙන්නෙ පරිගණක පාඩම් සිංහලෙන් සරළව ඉදිරිපත් කිරිමට. ඒ කියන්නෙ වෙබ් අඩවි නිරිමාණය, මෘදුකාංග නිර්මාණය, ඡෘයාරෑප සංස්කරණය, පරිගණක සජීවීකරණය, වීඩියෝ සංස්කරණය, වැනි මාතෘකා යටතේ පාඩම් පෙලක් ඉදිරිපත් කිරිම තමයි බලාපොරොත්තුව. ඉදිරියේදී නව මාතෘකාත් එකතු වේවි. සඟරාවක් හදනව කියල මම විතරක් ලිපි පියන්නෙ නෑ. ගොඩක් අය මේකට සම්බන්ඳ කරගන්න බලාපොරොත්තු වෙනව.
මේ පිළිබඳ ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනව. මේ වගේ එකක් ආරම්භ කරොත් එකම තැනකින් මුළසිට පරිගණක පිළිබඳ හදාරන්න පුළුවන්. ඔබගේ අදහස් දක්වන්න. ගොඩක් ස්තූතී.
Popularity: 9% [?]
written by Yohan Kanishka
\\ tags: Online, Online පරිගණක සඟරාවක් සිංහලෙන්, අදහසක්, ඡෘයාරෑප සංස්කරණය, පරිගණක පාඩම්, පරිගණක සඟරාවක්, පරිගණක සඟරාවක් සිංහලෙන්, පරිගණක සජීවීකරණය, මෘදුකාංග නිර්මාණය, වර්ඩ්ප්‍රෙස්, වීඩියෝ සංස්කරණය, වෙබ් අඩවි නිරිමාණය, සිංහලෙන් සරළව
වැඩිපුරම අදහස් ඈති