|
සැප්
11
|
Author: KaniRockz (33 Articles)
ගොඩ දවසකින් මේ පැත්තෙ ආවෙ. කොහොමද ඉතින් කස්ටිය. හොඳින් ඇති කියල හිතනව. අපි නම ඉතින් Exam එහෙම ලියල ඉවරයිනෙ. ඉතින් පොඩි ට්‍රිප් එකක් ගියා. ඒකයි මේ පැත්තෙ එන්න බැරි උනේ.. කොහොම හරි පෙරේද තමයි ගෙදර ආවෙ.. ඊයෙ ඉතින් පොඩි විවේකයක් ගත්ත.. දැන් තමයි විස්ථරේ ලියන්න සෙට් උනේ..
කොහොම හරි අත්තටම හැමෝම ගිහින් බලන්න වටිනව.. මාර ලස්සන පැත්තක්.. හැබැයි ඉතින් අපේ පැති වගේ නෙවෙයි මාර රස්නයක් තියෙන්නෙ.. ඒත් ඉතින් බලන්න දේවල් ගොඩක් තියනව… එක දවසින් නම් ගිහින් එන්න අමාරැයි.. අපි නම් දවස් පහක් විතර හිටිය..
අපි කොල්ලො පස් දෙනෙක් ගියේ.. මේ ගමන අපි මාස තුනකට විතර කලින් ඉඳල ලැස්ති කරේ.. කොහොම හරි පෝය දවසේ අපි කස්ටිය ගියා… අපි නම් ගියේ දුම්රියෙන්.. උදේ 7.10 ට විතර ත්‍රීකුණාමලයට යන දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයට එනව… ( දැන් ඒ දුම්රිය මීරිගම නවත්තන්නෙ නෑ.. ඒකයි අඹේපුස්සට ගියේ.. ) අපි ගියේ පෝය දවසෙනෙ.. මරැ.. මාර සෙනගක් හිටියෙ.. මොනව කොරන්නද ඉතින් අපිත් දුම්රියට ගොඩ උනා… අවුලක් නැ.. කොහොම හරි අපිත් ගියා.. පාපුවරැවේ ගමන් කිරිම අනතුරැ සහිතයි කීවට වෙන යන්න තැනක් තිබුනෙ නෑ… කොහොමෙන් කොහොම හරි මහව දිහාට යනකම් ඔහොම ගියා.. ඔන්න බලන්නකො අපේ කස්ටිය ගියපු හැටි…
කොහොම හරි ඉතින් අපි ගොඩක් දුර ගියා මොහෙම… මෙහෙම ගිහින් ඔන්න මහව සංධියටත් ආව.. මහව සංධියේදි දුම්රිය කොටස් දෙකක් කරනව.. ඉදිරි පස පෙට්ටි පහක්ද කොහෙද ගලවල ඒව යනව අනුරාධපුරෙට.. අපි ඉතින් සිද්දිය කලින් ඉඳල දන්නව.. ඒක නිසා අඹේපුස්සෙන් නගිනකොටම පසු පස පෙට්ටි වලට තමයි ගොඩඋනේ.. අපි පෙරවරැ 10 විතර වෙනකොට මහව සංදියේ… මෙන්න ඉතින් අපි මහව සංධියේදි….
අපි හිටපු පෙට්ටි වලට තව පෙට්ට්යක් සමඟ එන්ජිමක් සවි කරා.. ආපු එන්ජිම ඉදිරිපස පෙට්‍ටි ඇදගෙන අනුරාධපුරය බලා පිටත් උනානෙ.. ඔන්න ටික වෙලාවකට පස්සෙ ආපහු ගමන පටන් ගත්ත…ටික දුරක් ඔහොම අවුලක් නැතිව ගියා… ඊට පස්සෙ තමයි සිද්දිය.. එක පාරටම එන්ජිම නැවතුනා… එහෙම්මම එතන දුම්රිය නැවතුනා.. වටේම කැලෑව විතරයි වෙන මුකුත් තිබුනෙ නෑ… විනාඩි 10 කින් විතර ආපහු ස්ටාර්ට් කර ගත්ත.. අවුලක් නැ.. ආපහු ගමන පටන් ගත්ත… ඔහොම ටික දුරක් ගියා… මෙන්න ආපහු නැවතුනා ඒ පාර නම් ආපහු ස්ටාර්ට් උනේ නැ… එවෙලෙ නම් අපි බඩ ගින්නෙ හිටියෙ… කන්න පුළුවන් තැනක් තියේද බලන්න වටයක් කැරකුනා… බැලින්නම් එහා පැත්තෙ සියබලන්ගමුව කියල පොඩි දුම්රිය ස්ථානයක් තියනව.. දුම්රියේ අන්තිම පෙට්ටිය තමයි දුම්රිය ස්ථානයේ තිබුනෙ.. අපි ඉතින් ගෙවල් වලින් අරන් ආපු බත් පාර්සල් අරගෙන් දුම්රිය ස්ථානයට ගිහින් කෑව.. කාල ඉවර වෙනකොටත් දුම්රිය එතනමයි.. අපි නම් එපා වෙලා හිටියෙ.. පැය දෙකක් විතර අපි එතන…
දුම්රිය කැඩිච්ච වෙලාවෙ හැමෝම දුම්රියෙන් බැහැප ඒක බලන්න ගියා…
මේ සේරම දේවල් අස්සෙ අපේ එවුන් ටික එන්ජිමට නැගලත් බැලූව…
කොහොම හරි ඔන්න වෙන එන්ජිමක් ඇවිත් මේක ආපස්සට ඇදන් වෙන දුම්රිය ස්ථානයනයකට ගියා.. ඒකෙදි කැඩිච්ච එන්ජිම ගලවල තියල අනිකෙන් ආපහු ගමන පටන් ගත්ත…
කොහොමෙන් කොහොම හරි අපි හවස 5ට විතර කන්තලේට ආව.. අපි නවතින්නෙ කන්තලේ ඒක නිසා අපි කන්තලෙන් බැස්ස.. කන්තලේ දුම්රිය ස්ථානයේ ඉඳල මීටර් 100ක් විතර දුරකින් තමයි අපේ මාමලගේ ගෙදර තියෙන්නෙ.. අපි නවතින්නෙ එහෙ.. ඒක නිසා අපි එහාට ගියා.. කොහොම හරි එදා සේරැවාවිල පන්සලේ පෙරහැර අපි ඒක බලන්න යන්න හිටියෙ ඒත අපි එන්න පරක්කු උන නිසා ගියේ නැහැ.. කොහාම හරි අපේ ගමනෙ පළවෙනි දවස ගමනටම ගියා.. ඊලඟ දවසෙ විස්තරේ ඊලඟ ලිපියෙන් කියන්නම්… කොහොම හරි මුළු ගමනම ගොඩක් විනෝදෙන් තමයි ගත උනේ.. දෙවනි ලිපියෙන් වැඩි විස්ථර කියන්නම්කො..
ගොඩක් ස්තූතී!
Popularity: 11% [?]





සැප්තැම්බර් 11th, 2009 at ප.ව. 7:38
ලබන මාසෙ දිහාවට අපිත් ඒ පැත්තෙ යන්න ඉන්නෙ. මඩකලපුවෙත් යන්න ආසයි. මම ට්‍රිප් එකක් යනවනං අනිවාර්යෙන් යන්නෙ කෝච්චියෙ තමා.
[Reply]
සැප්තැම්බර් 11th, 2009 at ප.ව. 7:43
Aiyo mallila apiwa kalin danuwath kalanam denawane full support 1a. api trincone inne. kamakna yanna one hama thanama awiddaneda. kohomada hodaida trinco gamana.
[Reply]
සැප්තැම්බර් 11th, 2009 at ප.ව. 8:11
හොදා හොදා දෙවැනි ලිපියත් දාන්න
[Reply]
සැප්තැම්බර් 11th, 2009 at ප.ව. 10:05
හෆොයි මං ගියා නම් අනිවා වැරදිලා අනුරාධපුරේ යනවා
එල එල, දෙවැනි ලිපියත් දාන්නකෝ
[Reply]
සැප්තැම්බර් 12th, 2009 at ප.ව. 6:22
@ අනූ
එළ එළ මචෝ.. බලන්න ගොඩක් දේවල් තියනව.. කෝච්චියේ යනකොට ෆන් බං.. වාහනයක යනව වගේ නෙවෙයි..
@ Gayan
අයියෝ අයියේ.. කලින් කියන්ඩ තිබුනනෙ ඔයා එහේ කියල.. එහෙනම් අනිවා සෙට් වෙනව.. අවුලක් නෑ… ආපහු ඔය පැත්තෙ එනකොට කියන්නම්කො…
@ ushan
ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට.. අනිකත් ඉක්මනට දාන්නම්..
@ තමීර
අයියෝ ඒක අවුලක් නැ… එහෙදි කියනව මාරැ වෙන්ඩ ඕන විදිය.. ඒක අහගෙන හිටියනම් හරි…
[Reply]