සැප් 02
Line Break

Author: Yohan Kanishka (38 Articles)

අද මරැ වැඩක් සෙට් උනා.. හැමෝම දන්නවනේ නොකියා ආයතනයෙන් අපිට සිංහල phone වගයක් දිල තියනව කියල..

ඒව ඉතින් colour display phone එහෙම නෙවෙයිනෙ සාමාන්‍ය නොකියා 1100 වගේ phone.

අද මට, අක්ක ඔය phone එකක සිංහල SMS එකක් පෙන්නුව.. මටත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ..

මට හිතුන මේ සිංහල sms එක මගේ phone එකට එවාගෙන බලන්න මගෙත් වැඩද කියල.. මගේ තියෙන්නෙ සෝනි එරික්සන් k530i එක්කනෙ..

මම ඉතින් ඒකට සිංහල යුනිකේත ෆොන්ට් එක එහෙම දාගෙන‍නෙ ඉන්නෙ… කොහොම හරි මේ sms එක තිබුනෙ නොකියා 1200 phone එකක….

මම ඉතින් මගේ එකට එවා ගත්ත බලන්න.. මෙන්න… කිසි අවුලක් නැතිව එලටම වැඩ…

මට ඉතින් මාර හැපී… මරැ වැඩේනෙ ඉතින්… දැන් ඉතින් මගේ එකට ආවම වැඩනෙ…

මමත් ඉක්මනට යුනිකේත පරිවර්ථකය ආධාරයෙන් බොහොම අමාරැවෙන් සිංහලෙන් ටිකක් ටයිප් කර ගත්ත…

ඒක නොකියා 1200 phone එකටත් යැවුව.. ඒකෙත් කිසි අවුලක් නැතිව වැඩ..

හැපී එක දෙගුණ තෙගුණ උනා… මොකද සිංහලෙන් sms යවන්නත් පුළුවන්නෙ…

‍කොහොම හරි බලාගෙන යද්දි මේ නොකිය phone වලටත් දාල තියෙන්නෙ සිංහල යුනිකේතද කොහෙද.. නැත්තම් මගේ එකේ ඒව පෙන්නන්න විදියක් නැහැනෙ..

කොහොමෙන් කොහොම හරි ඒ වැඩෙත් ගොඩ.. ඔයාලත් උත්සහ කරල බලන්න…

phone එකෙන් ටයිප් කරල බලන්න බැරි නම් Txt2Msg ආධාරයෙන් මොබිටෙල් වලට නම් sms එකක් යවා ගන්න පුළුවන් වේවි…

ඔයාලත් උත්සහ කරල බළල විස්ථරේ කියන්නකො..
ගොඩක් ස්තූතී!

Popularity: 22% [?]

Post to Twitter

written by Yohan Kanishka


7 Responses to “සිංහලෙන් SMS”

  1. 1. සහන් Says:

    මරේ මරු …. :-) මගෙ තියෙන්නෙ Sony Ericsson P990i phone එකක් ඒකට සිංහල font දාන්නෙ කොහොමද කියන්න පුලුවන්ද?

    [Reply]

  2. 2. ushan Says:

    @LG KG195 phone එකක් ඒකට සිංහල font දාන්නෙ කොහොමද කියන්න පුලුවන්ද?

    @PHONE එකෙන් සිංහල කෙටිල්ල මාර අමාරුයි

    [Reply]

  3. 3. NUWAN"s lane Says:

    නියම ක්‍රමයක්නේ.මමත් ඔය ගෑන ලිපි කීපයක්ම දෑක්කා.ඒත් මගේ කේ.800 දාන්න තේරෙන්නේ නෑ නොවෑ.

    [Reply]

  4. 4. Yohan Kanishka Says:

    @ සහන්

    මචෝ මේ ලිපිය බලන්න..
    http://blog.ykani.info/2009/08/%e0%b6%a2%e0%b6%82%e0%b6%9c%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ae%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%af%e0%b7%8f%e0%b6%b4%e0%b7%94/

    @ ushan

    මචෝ LG ඒව නම් කොහොමද දන්නෙ නැ…
    PHONE එකෙන් සිංහල කෙටිල්ල නම් මාර අමාරැයි තමා.. ඒත් ඉතින් මොනා කරන්නද…

    @ NUWAN”s lane

    මචෝ කේ.800 ට පුළුවන් දාන්න.. පොඩ්ඩක් මම දාපු හැටි තියන ලිපිය බලන්න…

    හැමෝටම ගොඩක් ස්තූතී ප්‍රතිචාර වලට :)

    [Reply]

  5. 5. KaniRockz Says:

    email2sms (Txt2Msg) මඟින් sms යැවුවට ඒක වැඩ කරන්නෙ නැ.. ඉලක්කම් ගොඩකුයි.. සිම්බල් වගේකුයි එන්නෙ.. මමත් ඒක අද බැලුවෙ.. අක්ක මට කීව එහෙම එන්නෙ නැ කියල ඒකයි මම බැලුවෙ.. සමාවෙන්න ඕන එහෙම පුළුවන් වෙයි කියල ලීව්වට.. :)

    [Reply]

  6. 6. Sham Says:

    Hi Malli,

    How can i comment in Sinhala?

    [Reply]

    Yohan Kanishka Reply:

    මෙන්න මේකෙන් ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්.. http://urlz.tk//4e මෙකේ “mama” කියල ටයිප් කරොත් “මම” කියල හැදෙනව. නිකන් කට්ටිය sms ගහනව වගේ.. ඒක ලේසි.. ඒත් ඉතින් සම්මත විජේසේකර යතුරු පුවරුව පුරුදු උනා නම් ඊට වැඩිය ලේසී.. හැබැයි ඉතින් එ‍ක ටික දවසක් ටයිප් කරල පුරුදු වෙන්න වෙනව.

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA