සැප් 13
Line Break

Author: KaniRockz (33 Articles)

‍ඔන්න ගොඩ දවසකින් වෙබ් අඩවි නිර්මාණය ගැන ලියන්න හිතුන. මේ ලියන්න මගේ ලිපි පෙළේ හතරවෙනි ලිපිය. කලින් ලියපු ලිපි හැමෝම බලන්න ඇති කියල හිතනව. හරි මම පොඩ්ඩක් කියන්නම්කො කලින් ලිපි ගැන. බලපු නැති අයත් ඇතිනෙ.

මෙහෙමයි පළවෙනි ලිපියෙන් පොඩි හැඳින්වීමක් කරා. මොනවද මේ HTML කොහෙමද ලියන්නෙ වගේ ඒව ටිකක් කිව. බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Basic HTML in Sinhala – Part 01

දෙවන ලිපියෙන් කරේ පොඩි උදාහරණයක් අරගෙන HTML Tag කිහිපයක් ගැන විස්ථර කරා.. ඒ අතරින් <head> </head> ටැග් එක, <body>  </body> ටැග් එක, <title> </title> ටැග් එක ප්‍රධානයි.

බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Basic HTML in Sinhala – Part 02

තුන්වන ලිපියෙන් කරේ වෙබ් අඩවියක මාතෘකා වැනි දේවල් කොහොමඳ HTML වලින් කෝඩ් කරන්නෙ කියල.

ඒකත් බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Basic HTML in Sinhala – Part 03

හරි‍ පරණ ලිපි ගැන පොඩි මතක් කිරීමක් ක‍රානෙ. දැන් අපි වැඩේට බහිමු.

අද මම කියන්න යන්නෙ වෙබ් පිටුවක ඡේදයක්, HTML ටැග් මගින් කෝඩ්න් කරන්නෙ කොහොමද කියල.

<p>  </p> කියන ටැග් එක තමයි ඡේද දැක්විමට යොදා ගන්නෙ.  හරිම පහසුයි. පහත උදාහරණය බැලුවම තවත් පැහැදිලි වේවි.

<p>This is a paragraph</p>

<p> </p> දෙක අතරට ඡේදයේ පෙන්වන්න ඕන ටික දාන්න. එතකොට හරි. තව දෙයක් මේ ටැග් එක යෙදුවම අපි පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක මගින් ස්වයංක්‍රීයව ඡේදයට කලින් සහ ඡේදයට පසුව හිස් තිරැවක් පෙන්වනව. ඒ ඡේද වෙන් කර පෙන්වීමට.

හරි ඒක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියල හිතෙනව. අපැහැදිලි නම් අහන්න. අපි තව ටිකක් HTML ගැන කථාකරමු.

හරි දැන් ඔයාල ඡේදයක් දක්වන්න දන්නවනෙ. දැන් ඔයාල ඡේදයක් ලියාගෙන යද්දි ටිකක් ලියල ඉතුරැ ටික දෙවනි පේලියට ගන්න ඕන උනා කියමුකො.. ඒ කියන්නෙ මෙන්න මේ වගේ වෙලාවක..

ඔන්න දැන් අපි අපේ ඡේදය ලියාගෙන යනව

මෙන්න මේ ටික දෙවනි පේලියට ගන්න ඕන වෙනව.

හරි ඔය ගේ වෙලාවට ඔයාල ‍මොකද කරන්නෙ? ඕකට වැඩ දෙක්ක තියනව. සමහරැ කියයි පළවෙනි පේලිය සහ දෙවනි පේලිය ඡේද දෙකක් විදියට ලියනව කියල. ඒත් ඊට වඩා ලේසි දෙයක් තියනව. යටින් තියන උදාහරණය බලන්නකො.

<p>ඔන්න දැන් අපේ ඡේදය ආපහු ලියාගෙන යනව දෙවනි ‍පේලියට යන්න ඕන ටික ඉස්සරහින් <br /> කියන එක යොදනව. එතකොට වැඩේ හරි.</p>

ඔය තියන උදාහරණය වෙබ් පිටුවක් ලෙස සේව් කරල බලන්න. වෙන්න ඕන දේ වෙලා තියේවි. ‍ඕක සේව් කරාම මෙන්න මෙහෙමයි පේන්නෙ.

ඔන්න දැන් අපේ ඡේදය ආපහු ලියාගෙන යනව දෙවනි ‍පේලියට යන්න ඕන ටික ඉස්සරහින්
කියන එක යොදනව. එතකොට වැඩේ හරි.

අපි <br /> කියන එක යෙදුවෙ “කියන එක යොදනව. එතකොට වැඩේ හරි.” කියන එක ඉදිරියෙන් ඒක නිසා ඒ ටික දෙවනි පේලියට ආව.

ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියල හිතෙනව. එහෙම නැත්තම් අහන්න. ඔයාලගෙ ප්‍රතිචාර වලින් තමයි මට මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නෙ.

ඊලඟ ලිපියෙන් තවදුරටත් HTML ගැන කථා කරමු. එතෙක් ඔබට ජය!

Popularity: 23% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි. ඒ වගේම ලිපිය ගැන ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , ,


3 Responses to “Basic HTML in Sinhala – Part 04”

  1. 1. ushan Says:

    බොහෙම තැන්කු මචෝ මේව කියල දෙනවට

    [Reply]

  2. 2. aruna Says:

    බොහෙම තැන්කු

    [Reply]

  3. 3. KaniRockz Says:

    @ ushan

    දන්න දෙයක් කියා දෙන එක තමයි ගොඩක් වටින්නෙ. මේ කියන දේවල් වලින් කාට හරි ප්‍රයෝජනයක් තියනව නම් ඊට වැඩිය සතුටක් නෑ. ගොඩක් ස්තූති මලයෝ ප්‍රතිචාරයට.

    @ aruna

    ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes