ඔක් 20

ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. කොහොමද ඉතින්.. කට්ටියට මතකයි නේද මම HTML පාඩම් මාලාවක් කරගෙන ආව… අද තවත් පාඩමක් දිග අරින්නයි මේ සූදානම.. මෙහෙමයි කලින් ඒවයි ගැ‍ටළු තියනව නම් අහන්න..  එහෙම නැතුව ඉදිරියට යන එකෙන් ඉදිරියේදි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්… හරි අපි අද මොකද කරන්නෙ කියල බලමු..

අද මම කියන්න යන්නෙ වැදගත් දෙයක්… සාමාන්‍යයෙන් අපි HTML කෝඩින් වලින් මොකක් හරි ටෙක්ස් එකක්, පිංතූරයක් වගේ දෙයක් වෙබ් අඩවියේ පලකරනකොට ඒක අපිට ඕන තැනින් තියන්න බැහැනෙ.. HTML කොඩින් තියෙන්නෙ වම් පැත්ත, දකුණු පැත්ත සහ මැද කියල ස්ථාන තුන.. මාර වැඩේ.. ඒහෙම ඒව තියනව කීවට ඒව කරන්නෙ කොහොමද කියල කීවෙ නැහැනෙ.. සේරටම කලින් ඒක කියල ඉන්නම්.. එතකොට හරි…

Continue reading »

Popularity: 59% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , ,

ඔක් 03

මම කලින් කීවනෙ අපි ත්‍රීකුණාමලයේ යද්දි කාපු කට්ට.. පැය ගානක් අතර මග.. ඒත් ඉතින් ඒකත් හොඳයි.. ආපහු කවද ඔය වගේ ඒව වෙන්නද.. පළමු ලිපිය කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන කොටල ඒක බලන්නකො….

එදා පෝය දවසක් අපි නවාතැන් ගන්න හිටියෙ කන්තලේ.. ඉතින් අපි ත්‍රීකුණාමලය බලා පිටත් වන දුම්රියෙන් ප්‍රමාද වෙලා හරි කන්තලේ දුම්රිය ස්ථානයට ලඟා උනා.. අග්බෝපුර දුම්රිය ස්ථානය තියෙන්නෙ කන්තලේ දුම්රිය ස්ථානයට කලින්. ඒකට පස්සෙ තමයි කන්තලේ දුම්රිය ස්ථානය තියෙන්නෙ.. ඉතින් අපි අග්බෝපුර දුම්රිය ස්ථානය පහු කරද්දිම අපේ ගමන් මළු එහෙම ලැස්ති කරගෙන මාස ගානක ඉඳල ආසාවෙන් හිටපු සවාරියේ පළමු නවාතැන් පොළට යාමට සුදානම් උනා. මළු කියල ඉතින් ගොඩක් දේවල් නැ ට්‍රැවලින් බෑග් 5ක් විතර තිබුනෙ.. මොකද අපි පස්දෙනයිනෙ ගියේ..

Continue reading »

Popularity: 18% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes