|
ඔක්
03
|
Author: Yohan Kanishka (38 Articles)
මම කලින් කීවනෙ අපි ත්‍රීකුණාමලයේ යද්දි කාපු කට්ට.. පැය ගානක් අතර මග.. ඒත් ඉතින් ඒකත් හොඳයි.. ආපහු කවද ඔය වගේ ඒව වෙන්නද.. පළමු ලිපිය කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන කොටල ඒක බලන්නකො….
එදා පෝය දවසක් අපි නවාතැන් ගන්න හිටියෙ කන්තලේ.. ඉතින් අපි ත්‍රීකුණාමලය බලා පිටත් වන දුම්රියෙන් ප්‍රමාද වෙලා හරි කන්තලේ දුම්රිය ස්ථානයට ලඟා උනා.. අග්බෝපුර දුම්රිය ස්ථානය තියෙන්නෙ කන්තලේ දුම්රිය ස්ථානයට කලින්. ඒකට පස්සෙ තමයි කන්තලේ දුම්රිය ස්ථානය තියෙන්නෙ.. ඉතින් අපි අග්බෝපුර දුම්රිය ස්ථානය පහු කරද්දිම අපේ ගමන් මළු එහෙම ලැස්ති කරගෙන මාස ගානක ඉඳල ආසාවෙන් හිටපු සවාරියේ පළමු නවාතැන් පොළට යාමට සුදානම් උනා. මළු කියල ඉතින් ගොඩක් දේවල් නැ ට්‍රැවලින් බෑග් 5ක් විතර තිබුනෙ.. මොකද අපි පස්දෙනයිනෙ ගියේ..
ඔන්න ටික වෙලාවකට පස්සෙ අපේ දුම්රිය කන්තලේ දුම්රිය ස්ථානයට ඇවිත් නතර කරා.. අපිත් ඉතින් ඉක්මන් කරල දුම්රියෙන් බැහැගත්ත.. වටින් ගොඩින් පොඩි අඳුරකුත් තිබුන.. කට්ටිම ඉතා දිගු ගමනකට පස්සෙ ගොඩක් සතුටෙන් දුම්රිය ස්ථානයෙන් එළියට එනකොටම අපේ මාමත් දුම්රිය ස්ථානයට ඇවිත් හිටිය අපිව ගෙදර එක්කන් යන්න.. මෙච්චර දුර දුම්රිය ඇතුලෙම ඇවිත් අපේ කස්ටියට එපා වෙලා හිටියෙ.. ඉතින් අපේ මළු ටික මාමාට ගෙනියන්න කියප වාහනේට පටවල අපි වට පිට බලාගන්නත් එක්ක් පයින්ම ඉදිරියට ඇදුන.. දුම්රිය ස්ථානයේ ඉඳල මීටර් 100ක් විතර තිබුන නිසා ගානක් නැ.. කට්ටියම හෙමින් සැරේ වටේ තියන ඒවත් බලාගෙන ගියා..
එදා පොය දවසනෙ.. සේරැවාවිල පන්සලේ පෙරහැර දවස.. පාර දිගේ වන්දනාවෙ යන බස් පෝලිමයි.. අපිත් ඉතින් ඒවත් බල බල හෙමින් සැරේ පොඩි කථාවකුත් දාගෙන ගෙවල් පැත්තට පියවර මැන්න.. මෙන්න එක පාරටම බස් එකකින් කොල්ලො දෙන්නෙක් ඔලුව එලියට දාගෙන මගේ නම කියල කෑ ගහනව.. අපි මේ ආව විතරයි කවුද මේ මට කතා කරන්නෙ කියල බැලුව.. බලද්දි අපේ පාසලේ යාළුවෙ දෙනනෙක්.. එයාලත් සේරැවිවිල පන්සලේ පෙරහැර බලන්න යනවලු.. පාරෙ වාහන වැඩි නිසා පෝලිමට බස් නවත්තගෙන ඉන්නව එතකොටයි දැකල තියෙන්නෙ.. කොහොමෙන් කොහොම හරි අපි ගෙදරට ගියා.. අපිත් පෙරහැර බලන්න යන්න හිටියෙ.. ඒත් අපි හැමොටම ගොඩක් මහන්සි.. ඒක නිසා සේරැවාවිල යන ගමන කල් දාල කස්ටියම වොෂ් එකක් දාගෙන් පොඩි ෆිල්ම් එකක් එහෙම බලල නින්දට ගියා..
Zzzzzzzz………. Zzzzzzzz………. ( ඔන්න් අපේ කස්ටිය නිදි…
)
පහුවදා උදෙන්ම කස්ටියම නැගිටිට.. ( උදෙන්ම කිවේ ඉතින් 7ට විතර හොඳේ
) කොහොම හරි නැගිට්ට කියමුකො.. උදේට නැගිටල කටිටියම ඉතින් වැඩ කටයුතු සේරම ඉවර වෙලා උදේට කාල එහෙම ඉවර වෙද්දි 10 විතර උනා.. දැන් ඉතින් මොකද කරන්නෙ.. මෙච්චර දුර ආපු එකේ ගෙදරට වෙලා ඉදල බැනේ.. කස්ටියම කතා උනා වට පිට බලා ගන්න ටිකක් ඇවිදල එමු කියල.. ඉතින් අපි ගෙදර හැමෝටම කියල එලියට බැස්ස පොඩ්ඩක් වට පිටාව බලා ගෙන එන්න කියල.. ඊයෙ අපි එද්දි වටින් ගොඩින් අඳුරැ වෙලා නෙ.. ඉතින් හරියට ටවුන් එක වත් දැක්කෙ නැ.. මම නම් ඉතින් කලින් ඇවිත් තියනව..
ඒක නිසා එච්චර ගානක් නැ….
ඇත්තටම ගොඩක් අය හිතනවට වැඩිය මේ පැත්ත ගොඩක් දියුණුයි.. අපි ඉතින් පාරට බැහැල ටිකක් වට පිට බල බල ඇවිද්ද.. මෙච්චර දුර ඇවිත් ටවුන් එකේ ඇවිදල වැඩක් නැනෙ… ඉතින් අපි එහෙම්මම කන්තලේ වැවට යන්න තීරණය කරා.. ගෙදර ඉඳල වැවටත් වැඩි දුරක් නැ.. වැඩිම උනොත් මීටර් 800ක් විතර තියෙන්න ඇති.. හැමොම හෙමින් සැරේ කන්තලේ වැව පැත්තට පියමන් කරා.. හැබැයි ඉතින් එක දෙයක් කියන්න ඕන.. මෙහේ අපේ පැති වගේ නෙවෙයි.. ගොඩක් රස්නෙයි.. මාර අවුවක් තියෙන්නෙ.. ටික වෙලාවකින් අපි වැවට ලඟා උනා පිංතූර ටිකක් බලන්නකො…
පිංතූර ලොකු කරල බලන්න ඒව උඩ කොටන්ඩ
අනේ ඉතින් වතුර ටික දැක්කම ඉන්ඩ පුළුවන්ද? අපිත් ඉතින් තිබුන රස්නයත් නිසා වැවට පැනල නෑව.. පැය ගානක් වැවේ.. වැඩේ කියන්නෙ ඒ වෙලාවට පොටෝ ගන්ඩ කවුරැවත් හිටිය නැති එක නම් පාඩුවක්… අපි වතුරෙ බැහැල ඉන්න එක පොටෝ එකක් වත් නැ ![]()
කොහොම හරි ඉතින් දවල් වීගෙන එන කොට කස්ටියට බඩගින්නක් හැදුනෙ නැතුවමත් නෙවෙයි.. ඒත් ඉතින‍් ගොඩ දවසකින් ලැබුනු අවස්ථාවක්නෙ.. බඩගින්න පැත්තකට දාල කස්ටිය වැවේ.. ටික වෙලාවකට පස්සෙ ඉතින් ගොඩට ඇවිත් නැවතත් නිවස දෙසට පියමං කරා.. ඒ වෙන කොට නම් කස්ටියට කොච්චර දුන්නත් කන්න පුළුවන් තත්වයක හිටියෙ. ගෙදරට එනකොට ඉතින් ගෙදර අය අපි එනකන් බලා ගෙන් ඉන්නව.. අපි ඉතින් ඔන්න දවල්ට හොඳට සප්පායම් උනා.. සේරම ඉවර වෙලා පොඩි ෆිල්ම් එකක් එහෙම බලල හවස් විගෙන එද්දි කට්ටිය වට මේස සාකඡ්ඡාවක් දැන්ම.. මාතෘකාව උනේ ඊලඟට මොකද කරන්නෙ…. ? ඊලඟට මොනව හරි කරන්න බැරියැ දැන් හවස්වේගෙනත් එනව ආපහු වැව පැත්තට ගිහින් මහා ජලාශයේ ගිලා බහින හිරැ දෙවියන්ගෙ පහස විඳගන්න යමු කියන එක තමයි කාගෙත් අදහස උනේ..
කියන පරක්කුව විතරයි කට්ටියම පාරෙ.. වෙලාව 6ට විතර ඇති.. බලන්නකො හවස් වරැවක වැව අද්දර කොයි තරම් සුන්ඳරද කියල… ( ලොකු කරල බලන්න පිංතූර උඩ කොටන්ඩ )
ඉතින් අපි ඔහොම ටිකක් වෙලා ඉඳල ආපහු වැවට පැනල නෑව.. හවස කියල ගානක් වත් නැ.. එහේ මාර රස්නයක්නෙ තියෙන්නෙ ඒක නිසා හැම වෙලේම වතුරක බැහැල ඉන්න තමා හිතෙන්නෙ.. සේරම ඉවර වෙලා… 8ට විතර ගෙදරට ගියා.. අපි රාත්‍රී ආහාරයක් අරගෙන වෙනද වගේම පොඩි ෆිල්ම් එකකුත් බලල නින්දට ගියා..
අදට මම මෙතනින් නවත්තන්නම්… ලිපිය දිගට යන්ව වගේ… මමත් ලියනව ලියනව ඉවර වෙන්නෙ නැ… හොඳම හරිය තියෙන්නෙ මේවට පස්සෙ… මම තුන්වන ලිපියකින් නිදහසේ ඉතිරි කොටස කියන්නම්කො… ඔයාලගෙ අදහස් එහෙමත් දක්වන්න.. එයයි මගේ ශක්තිය…
ගොඩක් ස්තූතී!
Popularity: 8% [?]














ඔක්තෝබර් 3rd, 2009 at පෙ.ව. 7:41
ලොකු වැවක් … හරියට බීච් එක වගේ. හවසට වැව හරි ලස්සනයිනේ අනිත් එකත් ලියන්න
[Reply]
ඔක්තෝබර් 3rd, 2009 at ප.ව. 8:36
එහෙම තමා.. අපි යන්නෙ ඉතින් ලස්සන තැන් හොය හොයනෙ.. ගොඩක් ස්තූතී මලේ ප්‍රතිචාරයට.. අනිකත් ඉක්මනට දාන්නම්..
[Reply]
ඔක්තෝබර් 3rd, 2009 at ප.ව. 8:41
[Reply]
ජූනි 25th, 2011 at ප.ව. 12:43
කෝ තුන්වෙනි ලිපිය?
[Reply]