|
ඔක්
20
|
Author: KaniRockz (33 Articles)
ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. කොහොමද ඉතින්.. කට්ටියට මතකයි නේද මම HTML පාඩම් මාලාවක් කරගෙන ආව… අද තවත් පාඩමක් දිග අරින්නයි මේ සූදානම.. මෙහෙමයි කලින් ඒවයි ගැටළු තියනව නම් අහන්න.. එහෙම නැතුව ඉදිරියට යන එකෙන් ඉදිරියේදි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්… හරි අපි අද මොකද කරන්නෙ කියල බලමු..
අද මම කියන්න යන්නෙ වැදගත් දෙයක්… සාමාන්‍යයෙන් අපි HTML කෝඩින් වලින් මොකක් හරි ටෙක්ස් එකක්, පිංතූරයක් වගේ දෙයක් වෙබ් අඩවියේ පලකරනකොට ඒක අපිට ඕන තැනින් තියන්න බැහැනෙ.. HTML කොඩින් තියෙන්නෙ වම් පැත්ත, දකුණු පැත්ත සහ මැද කියල ස්ථාන තුන.. මාර වැඩේ.. ඒහෙම ඒව තියනව කීවට ඒව කරන්නෙ කොහොමද කියල කීවෙ නැහැනෙ.. සේරටම කලින් ඒක කියල ඉන්නම්.. එතකොට හරි…
හරි පල්ලෙහා තියන උදාහරණ කෝඩින් බලන්න… ඔයාලට ඒක පැහැදිලි වේවි…
ඔයාගේ ටෙක්ස්ට් එක වම් පැත්තෙන් තියන්න ඕන නම් මෙන්න මේ කෝඩින් එක යොදා ගන්න පුළුවන්..
<p align=”left”> left align </p>
හැබැයි HTML කෝඩින් වල පෙර නිමියෙන්ම එන්නෙ වම් පැත්ත.. ඒ කිවුවෙ ඔය පැත්තක් පෙන්න්නෙ නැතිව නිකන්ම ටෙක්ස්ට් එක යෙදුවොත් ( පල්ලෙහා තියෙන්නෙ ඔය නිකන්ම කියන එක කොහොමද කියල ) ඒක පිහිටන්නෙත් වම් පැත්තෙ..
<p> Your Test </p>
ඔයාගේ ටෙක්ස්ට් එක මැදින් තියන්න ඕන නම් මෙන්න මේ කෝඩින් එක යොදා ගන්න පුළුවන්..
<p align=”center”> center align </p>
ඔයාගේ ටෙක්ස්ට් එක දකුණු පැත්තෙන් තියන්න ඕන නම් මෙන්න මේ කෝඩින් එක යොදා ගන්න පුළුවන්..
<p align=”right”> right align </p>
<p> ටැග් එක ගැන නම් මම කලින් කිවුවනෙ.. ඒක නිසා ඒක ගැන ගැටළුවක් නැතිව ඇති කියල හිතනව.. මොකක් හරි ගැටළුවක් තියනව නම් කමෙන්ට් එකක් දාන ගමන් අහන්න.. එතකොට මම ඒක තවත් පැහැදිලි කරන්නම්..
මෙහෙමයි ඔයාල මේව කරල බලන්න එතකොට තමයි ගැටළුවක් එනවනම් එන්නෙ, කරන්නෙ නැතුව මුකුත් ගැටළු එන්නෙ නැහැනෙ
කලින් ලිපි වල කීව ඒවත් භාවිතා කරල පොඩියට කෝඩ් එකක් හදන්න.. ඒක වෙබ් අඩවියක් විදියට සුරැකුම් කරල කැමතිනම් ඒ හදන එක මටත් පෙන්වන්න එතකොට තවත් හොඳට මේක ඉදිරියටම කරගෙන යන්න පුළුවන් වේවි.. එහෛම උනොත් තමයි මේ කරන දෙයින් ප්‍රයොජනයක් වෙන්නෙ…
ඔයාල මේ ටික කරන්න මම අද කියන්න හදපු දේ ඊලඟ ලිපියෙන් කියන්නම්.. ඔයාලගෙ අදහස් දක්වන්න ඒක තමයි මගේ ශක්තිය!
Popularity: 59% [?]

ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 4:51
වැදගත් ලිපි පෙළක් නිසා,
http://computerlanguage.inetlanka.com/ තුලට ලිපි පෙළ ඇතුල්ත කරනවා. එය නිතිවිරෝදී නම් වහම දන්වන්න
ස්තුතී
[Reply]
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 5:19
මුල් ලිපි 4 ලින්ක්ස් එක තැනකට දාන්න පුලුවන්ද?
[Reply]
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 6:38
@ inet
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.. කතෘ සඳහන් කරමින් මගේ බ්ලොග් එකේ ලිපි ගත්තට ප්‍රශ්ණයක් නැ.. ලිපි ගන්නකොට මූලාශ්‍රය සඳහන් කරන්න.
@ sanju
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.. මෙන්න දැනට පළ කරල තියන ලිපි….
Basic HTML in Sinhala – Part 01
http://blog.kanirockz.co.cc/2009/08/basic-html-in-sinhala-part-01/
Basic HTML in Sinhala – Part 02
http://blog.kanirockz.co.cc/2009/08/basic-html-in-sinhala-part-02/
Basic HTML in Sinhala – Part 03
http://blog.kanirockz.co.cc/2009/08/basic-html-in-sinhala-part-03/
Basic HTML in Sinhala – Part 04
http://blog.kanirockz.co.cc/2009/09/basic-html-in-sinhala-part-04/
Basic HTML in Sinhala – Part 05
http://blog.kanirockz.co.cc/2009/10/basic-html-in-sinhala-part-05/
ඒ ලිපි ගැන මොනව හරි ගැටළුවක් තියනව නම් කමෙන්ට් එකක් මඟින් අහන්න..
[Reply]
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 7:11
එළ එළ කරගෙන යමු ඉදිරියටම………
[Reply]
KaniRockz Reply:
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 7:20
ගොඩක් ස්තූතී අයයේ ප්‍රතිචාරයට…
[Reply]
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 9:06
බලන්න තව මොනවහරි ඇතුල්ත කරන්න ඔනද කියලා
http://computerlanguage.inetlanka.com/?q=node/109
[Reply]
KaniRockz Reply:
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 9:12
කිසිම අවුලක් නැ.. ගොඩක් ස්තූතී!
[Reply]
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 9:14
පුලුවන්ද විද්‍යුත් ලිපනය දෙන්න
[Reply]
KaniRockz Reply:
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 9:16
ඔන්න ඔයාව ගූගල්ටෝක් වලට මම ඇඩ් කර ගත්ත.. ඊමේල් එකකුත් එවන්නම්.
[Reply]
ඔක්තෝබර් 28th, 2009 at ප.ව. 5:34
එල එල මේකත් කලා
තාම ප්‍රෂ්නයක් ආවෙ නෑ ආව ගමන් අහන්නංකෝ
අනිත් ඒවත් ලියපං එල ජයවේවා !!!
[Reply]
KaniRockz Reply:
ඔක්තෝබර් 30th, 2009 at ප.ව. 6:33
එළ මචෝ.. ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට..
[Reply]
අප්‍රේල් 23rd, 2010 at පෙ.ව. 9:33
කොහොමද සිංහල අකුරු web page එකකට add කරන්නේ කියල කියන්න පුලුවන්ද?
[Reply]
KaniRockz Reply:
අප්‍රේල් 23rd, 2010 at ප.ව. 11:04
සිංහල යුනිකේත භාවිතා කරනවනම් එම වෙබ් පේජ් එකේ encoding එක UTF-8 ලෙස දෙන්න.
[Reply]