නොවැ 21

අම්මෝ.. ගොඩ කාලෙකින් බ්ලොග් එකට ගඩෙ වෙන්න පුළුවන් උනා… එක එක විකාර වෙලා තිබුනෙ.. මොකද මම මගේ බ්ලොග් එක තිබුන server එක මාරැ කරා.. තව තිබුන ඩොමේන් එක මාරැ කරා.. ඒ සේරම හරි.. දැන් තියෙන්නෙ http://blog.ykani.info කියල නෙව.. ඩොමේන් එක මාරැ කරාට මොකෝ මට පාලක පුවරැවට වත් එන්ඩ බැරිව හිටිය.. ඔයාල හැමෝම දන්නවනෙ මම මොබිටෙල් කියල.. මගේ දැනුම හැටියට මොබිටෙල් වල DNS server එකේ අවුලක්.. මම ඩොමේන් එකේ DNS update කලාට ඒක මොබිටෙල් DNS server එකේ update වෙන්නෙ නැ.. ඒකෙන් කොහොම හරි මට බ්ලොග් ලියන් එකත් එපා උනා.. ඒත් ඉතින් එහෙම කොහොමද බ්ලොග් ලියන එක නම් කවදාවත් නවත්තන්නෙ නැ.. කොහොම හරි ලිපියක් ලියනව.. කොහොම හරි මම හිතන විදියට මගේ බ්ලොග් එක මොබිටෙල් පාරිබෝගිකයන්ට බලන්ඩ වෙන්නෙ නැ.. සමහර වෙලාවට විතරක් වැඩ.. මොබිටෙල් එකේ අළුත් DNS එකයි පරන cach එකයි මාරැ වෙවීද මන්ද වැඩ කරන්නෙ.. හැබැයි.. මේ අවුල මම අපේ ඉන්ද්‍රනාම අයියත් එක්කත් කථා කලා.. ඔන්න එතකොට තමා මට OpenDNS ගැන මතක් උනේ.. එහෙම එකක් තිබුන කියල දැනගෙන හිටියට මෙච්චර කාලෙකට ඔන වෙලා තිබුනෙ නැහැ නෙව.. වැඩක් නැති නිසා ඒ කාලෙ පාවිච්චි කරල බලන්ඩ ගියෙත් නැ.. ඒක මට ඉන්ද්‍රනාම අයිය මතක් කරපු නිසා ඔන්න මට ‍බ්ලොග් පෝස්ට් එකක් දාන්න පුළුවන් උනා… OpenDNS දා ගත්තට පස්සෙ ඔන්න මට බ්ලොග් එක දිහා එන්න පුළුවන් උනා.. ඉන්ද්‍රනාම අයියට ‍ගොඩක් ස්තූති.. කොහොම හරි මේ පොස්ට් එක සින්ඩියට යන්නෙත් නැ.. මොකෝ මම ඩොමේන් එක මාරැ කරානෙ.. මම කාලිංග අයියට email එකකුත් යැවුව ඩොමේන් එක මාරැ කරා ඒක වෙනස් කරල දෙන්න කියල.. ඒත තාම ඒක මාරැ වෙලා නැ.. සමහර විට එයත් මොබිටෙල් පාවිච්චි කරනවද දන්නෙ නැ… එහෙමනම් බ්ලොග් එක පේන්නෙ නැහැනෙ…  ආපහු සැරයක් කියල බලන්න ඕන.. ඔන්න මොබිටෙල් පාරිබෝගිකයන් OpenDNS දා ගත්තොත් හොඳයි නේද…

Popularity: 32% [?]


written by KaniRockz \\ tags: , , ,

නොවැ 01

කොහොමද ඉතින් කස්ටිය… ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තෙ ආව.. වැඩ ගොඩයි.. කියන්න දේවලුත් ගොඩක් තියනව.. බලන්නකො මොනිටරෙත් අප්සට් ගියා.. ඇන්නම් එච්චර අවුලක් නැ.. අහ් බ්ලොග් එකේ පොඩි වෙනසක් කලා.. ඔයාලට පේනව ඇති සමහර විට.. අර යටින් වැටුන community bar එක මතකද? මම ඒක අයින් කරා.. ඒක ලෝඩ් වෙන්නත් ටික වෙලාවක් යනව.. මට හිතෙන විදියට නම් ඒකෙන් ප්‍රයෝජනයක් නම් තිබුනෙ නැ.. ඔයාලට ඒක ප්‍රයෝජනවත් උනාද? මට නම් එහෙම කියල විශේෂ දේකට ඒක ඔන උනේ නැහැ.. කොහොම හරි ඒක ඔයාලට වැදගත් නම් කියන්නකො.. ආපහු ඒක දාන්නම්.. :)

Continue reading »

Popularity: 51% [?]


written by KaniRockz \\ tags: , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes