දෙසැ 23
Line Break

Author: KaniRockz (33 Articles)

ඔන්න ඉතින් ගොඩ දවසකින් ලිපයක් දානව.. පහුගිය ටිකේ මගේ බ්ලොග් එක වැඩ කරෙත් නැ.. ඔන්න දැන් නම් ඒක හරි.. දැන් කිසි අවුලක් නැතිව වැඩ.. වෙනද වගේම ගොඩක් අයට වටින ලිපියක් අදත් අරන් ආව..

ඔන්න අද මම කියන්න යන්නෙ ftp කියන්නෙ මොකක්ද කියල.. සමහර විට ගොඩක් අය මේ ගැන දන්නව ඇති සමහර විට දන්නෙ නැතිවත් ඇති.. සේරටම දැනගන්න මම අද ඒ ගැන ලියන්න කියල හිතුන. ලිපිය අවසානයේ ඔයාලට ගොඩක් දේවල් දැනගන්න ලැබේවි මේ සම්බන්ඳව.. සමහර විට ඔයාල අහල ඇති නේද ඔය සමහර අය කියනව ftp වලින් ඩවුන්ලෝඩ් කරනව.. අනං මනං කියල.. සමහර විට Download accelerator ( DAP ) භාවිතා කරන අයත්  දැකල ඇති ඒකෙත්  ftp ලොගින් එකක් තියනව.. හරි අපි බලමු මොකක්ද මේ ftp කියන්නෙ කියල.

මම මුලින්ම කියන්නම් මේ ftp කියන එකේ තේරැම.. ftp කියන්නෙ file transfer protocol කියන එකේ මුල් අකුරැ තුන එකතු වෙලා හැදිච්ච කෙටි නම. අපි ftp පාවිච්චි කරල කරන්නෙ මොනව හරි ෆයිල් එකක්.. ඒ කිවුවෙ මොකක් හරි ඩේටා එකක් එක තැනකින් තව තැනකට ගෙනයාමයි.. ගොඩක්ම භාවිතා කරන්නෙ අපි සාඳන ‍වෙබ් අඩවියක් server එකට ගෙනයාමට ව‍ගේ දේවල් වලට තමයි. මෙහෙමයි ඔයාල දන්නවනෙ අපි වෙබ් අඩවියක් සැදුවොත් ඒක අපේ පරිගණකයේ තියගෙන හිටියට වැඩක් නැහැනෙ.. ඒක අපි server එකකට දාන්න ඕන.. අන්න එහෙම අපේ ඩේටා ටික server එකට ගෙන යාමට මෙන්න මේ ftp කියන එක යොදා ගන්නව. ඒ වගේම තව දෙයක් මේකෙන් කරනව.. ඒ තමයි.. සමහර අය තමන් ලඟ තියන මෘදුකාංග , සිංදු, ෆිල්ම් වගේ ඒව යාළුවොත් එක්ක හුවමාරැ කර ගන්න මෙන්න මේ විදියට ඕන කරන ෆයිල් ටික ftp ආධාරයෙන් server එකකට දානව.. ඊට පස්සෙ ඒ භාවිතා කරපු ftp account එක යාළුවන්ටත් දුන්නම එයාලටත් ඒ server එකට සම්බන්ඳවෙලා අර මෘදුකාංග , සිංදු , ෆිල්ම් වගේ ඒව ටික අපේ පරිගණකයට දා ගන්න පුළුවන්.

ඔන්න ඕකයි කෙටියෙන්ම කිවොත් කරන දේ.. ‍කට්ටියටම තේරෙන්න ඇති නේද ? තේරැනේ නැත්තම් ආපහු අහන්න.. මම තව ටිකක් පැහැදිලි කරන්නම්.. දැන් අපි දන්නවනෙ මේ ftp වලින් කරන්නෙ මොකක්ද කියල.. මම දැන් කියන්නම් මේ ftp සඳහා භාවිතා කරන මෘදුකාංගය මොකක්ද කියල.. මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ FileZilla කියන මෘදුකාංගය.. ඒක නොමිලේ භාගත කරගෙන වැඩ කරන්න පුළුවන් ඉතා හොඳ මෘදුකාංගයක්.. ඔන්න පල්ලෙහයින් තියනව ඒකෙ පිංතූරයකුත්… ( ඒ වගේම http://www.net2ftp.com අඩවියෙනුත් කරන්න පුළුවන් ඒත් මම නම් ඒක නිර්දේශ කරන්නෙ නැ )

FileZilla

ඔයාලට පේනව නේද ඔය පිංතූරෙ උඩින්ම වගේ තියනව host, username, password, port කියල field box හතරක්.. අන්න ඒවට ftp account එකේ දත්ත ඇතුලත් කරල අපිට server එකට සම්බන්ඳ වෙලා දත්තයන් server එක සමග හුවමාරැ කර ගන්න පුළුවන්.. දැන් ඔයාල බලයි කොහෙන්ද අපිට ftp account කියල.. බය වෙන්න එපා.. ඔයාල කොහෙන් හරි වෙබ් අවකාශයක් ගත්තොත් අනිවාර්යයෙන් ftp account එකක් හො කිහිපයක් ලැබෙනව.. නොමිලේ දෙන වෙබ් අවකාශයක උනත්.. මුදල් ගෙවා ගන්න වෙබ් අවකාශයක උනත් මේක දෙනව.. මොකද නොමිලේ උනත්.. මුදල් ගෙවුව උනත් වෙබ් සර්වර් එක සමඟ දත්ත හුවමාරැ කරන්නෙ මේ ක්‍රමයට නිසා.. ඔයාල මොකක් හරි නොමිලේ වෙබ් අවකාශයක් දෙන වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා බලන්න ඔයාලටත් ftp account එකක් ලැබේවි..

ඉදිරියෙට තවත් ගොඩක් දේවල් කියන්න තියනව.. සේරම දේවල් මම ලිපි පෙලකින් ලියන්නම්.. එතෙක් මේක බලන්නකො.. මොකක් හරි ගැටළුවක් තියනවනම් අහන්න.. ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..

Popularity: 67% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි. ඒ වගේම ලිපිය ගැන ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

Post to Twitter

written by KaniRockz

One Ping to “මොකක්ද මේ ftp කියන්නෙ සහ තවත් කතා”

  1. Wordpress වලින් blog එකක් හදමු – පළමු කොටස » KaniRockz ගේ සටහන Says:

    [...] 71% මොකක්ද මේ ftp කියන්නෙ සහ තවත් කතා [...]


14 Responses to “මොකක්ද මේ ftp කියන්නෙ සහ තවත් කතා”

  1. 1. රනා Says:

    ස්තූතියි මේ ගැන ලිව්වට.
    තව පොඩි වැඩක් කරන්න පුලුවන්නම් එළ.
    පින්තූරේ දාන කොට ඒකේ තියෙන කොටස් ටික පැහැදිලි වෙන්න පොඩි පොඩි කෑලි විදිහට දැම්මනම් ඕනේම කෙනෙක්ට ඉක්මනට කරන්න ඕනේ දේ මොකක්ද කියලා තේරෙනවා නේද. උදාහරණයක් විදියට Host, Username, password කියලා තියෙන කෑල්ල කපලා අරගෙන ඒ ගැන විස්තරේ දානවා. ඒ වගේ. ටිකක් වෙලා යන වැඩක්. හැබැයි ඒකෙන් වෙන effect 1 වැඩියි.
    නොනවත්වා ලියන්න.

    ජයවේවා…

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට.. ඒ වගේම උපදෙසටත් ගොඩාක් ස්තූතී.. අනිවා ඊලඟ ලිපියෙ ඉඳල මම එහෙම කරන්නම්.. ඒක ඇත්තටම හොඳයි.. ගොඩක් ස්තූතී!

    [Reply]

  2. 2. පිටස්තරයා Says:

    එළ මචන්. නියම ලිපියක්… දිගටම ලියපන්.

    මම මේ ළඟක් වෙනකම් පාවිච්චි කලේ FileZilla. දැන් හිතාගෙන ඉන්නේ Fireftp පාවිච්චි කරන්න. ඒක Firefox addon එකක්. ඒකත් ට්‍රයි කරපන්.

    [Reply]

    KaniRockz Reply:

    ඒකත් ටිකක් ලේසි වේවි.. ඒත් ඒක FileZilla තරම් හොඳද දන්නෙ නැහැන.. පාවිච්චි කරලම බලන්න ඕන.. ඉන්න මමත් ඒක දාගෙන බලන්නම්කො.. ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට..

    [Reply]

  3. 3. වැප් Says:

    ඒල ඒල දිගටම ලියන්න
    රනා කියපු දේ නියමයි. ඒකත් ඒකතු කරන්න බලන්න

    [Reply]

    KaniRockz Reply:

    අයියේ ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.. ඊලඟට ලියන හැම ලිපියකම ඒ විදියට කරන්නම්.. ගොඩක් ස්තූතී!

    [Reply]

  4. 4. nishantha Says:

    ela machan.

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට..

    [Reply]

  5. 5. Hasitha Says:

    අද තමා මෙකට ආවෙ වෙබ් නිර්මාන ගැන දාපු 1,2,3,4 ම කියෙව්වා මෙක ‍නියම වැඩක් දිගටම කරගෙන යන්න.

    [Reply]

    KaniRockz Reply:

    ‍ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට!

    [Reply]

  6. 6. තමීර Says:

    අදයි මේක දැක්කෙ. හොඳ ලිපි පෙළක ආරම්භයක් වගේ. එල එල, දිගටම ලියන්න.

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී අයියේ ප්‍රතිචාරයට.. ගොඩක් දේවල් ලියන්න තියනව.. මම එකින් එක ලියන්නම්කො :)

    [Reply]

  7. 7. සිතිජ සහන් හසාර හේවාගමගේ Says:

    එල එල …..
    මේ ලිපියත් ගොඩක් වැදගත්…..
    තව තව හොඳ ලිපි ලියන්නට සුබ පතනවා….

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී මලයෝ ප්‍රතිචාරයට.. අනිවා දිගටම ලියනව.

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes