|
ජන
06
|
Author: KaniRockz (33 Articles)

ඔන්න මම අද ලියන්න හදන දේ නම් ගොඩක් අයට වැදගත් වේවි කියල හිතනව.. ඔයාලට හෙඩිම පේනවනෙ.. ඒකෙ තියන විදියට මම අද කියන්න හදන්නෙ Wordpress භාවිතා කරල blog එකක් සාදා ගන්නා ආකාරය.. මේක මට ලියන්න හිතුනෙ ගොඩක් යාළුවො මගෙන් ඇහුව කොහොමද හදන්නෙ කියල.. තව සමහරැ කීව අනේ මට ඔය බ්ලොග් කියන ඒව තේරෙන්න නැහැ කියල.. හැමෝටම දැන ගන්න මම අද ලියන්නම් Wordpress වලින් blog එකක් හදන හැටි..
ඊට කලින් කියන්න දෙයක් තියනව.. ඔයාල හැමෝම ඉන්ද්‍රනාම අයියගේ සයිබර් සිතුවිලි වල Blogger ද? Wordpress ද? කියන ලිපිය කියවන්න ඇති කියල හිතෙනව.. ඒකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයාලට ගැලෙපෙන blogging platform එක මොකක්ද කියල. හැබැයි ඒ ලිපියෙ Wordpress කියල තිබුනෙ wordpress.com අඩවියෙන් හදන බ්ලොග් ගැන.. මම නම් කියන්න යන්නෙ wordpress.org එකෙන් wordpress script එක බාගෙන ඒක upload කරල බ්ලොග් එකක් හදන හැටි.. හම්.. ඒ දෙකේ එච්චර වෙනසක් නම් නැ.. අපි self host කරන එකේ වැඩිපුර තියෙන්නෙ ftp ආධාරයෙන් බ්ලොග් එක upload කරන එක විතරයි.. ඉතුරැ ටිකේ නම් වෙනසක් නැ.. ඉන්ද්‍රනාම අයියගේ ලිපියේ මේවයි වෙනස්කම් ගැනත් තිබුන ඒක පොඩ්ඩක් බලන්න.. ඔයාලට ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි..
හරි.. අපි එහෙනම් වැඩේ පටාන් ගමු..
මම අද භාවිතා කරන්නෙ wordpress සිංහල සංස්කරණය. මම දන්න විදියට ඒක අපේ මලින්ත අයියගෙ මහන්සියේ ප්‍රතිඵළයක්.. ( මම වැරදි නම් කියන්න ) මම මුලින්ම මලින්ත අයියට ස්තූති කරනව මේ වගේ දෙයක් කරාට..
හරි. ඔයාලට http://si.wordpress.org සබැඳියෙන් wordpress සිංහල සංස්කරණය භාගත කර ගන්න පුළුවන්.. ඒක නොමිලේ දෙන මිළ කල නොහැකි බ්ලොග්කරණ මෘදුකාංගයක් කියන එක මතක් නොකරම බැහැ.. හරි දැන් ඉතින් ඕක භාගත්ත කියමුකො.. ඊට පස්සෙ මොකද කරන්නෙ… මුලින්ම අපේ බ්ලොග් එක host කරන්න වෙබ් අවකාශයක් ලබාගන්න වෙනව.. නොමිලේ දෙන වෙබ් අවකාශත් තියනව.. නොමිලයේ දෙන එකක් අවශ්‍ය නම් lkwebhost පාවිච්චි කරල බලන්න.. එහෙම නැත්තම් ඔයාලට මුදල් ගෙවල වෙබ් අවකාශයක් ලබාගෙන ඉන්න වෙනව. එත් අපි localhost එකේ බ්ලෝග් එක හදමු.. ඒක ගොඩක් පහසු වේවි.. මම ඊලඟ ලිපියෙන් කියන්නම් වෙබ් අඩවි නිර්මාණ අත්හදා බැලීම් කරන්න, කොහොමද අපේ පරිගණකයට සර්වර් එක ස්ථාපනය කර ගන්නෙ කියල.. එතෙක් රැඳී ඉන්න..
Popularity: 100% [?]
3 Pings to “Wordpress වලින් blog එකක් හදමු – පළමු කොටස”
12 Responses to “Wordpress වලින් blog එකක් හදමු – පළමු කොටස”
-
1. Kawshala's Information Says:
ජනවාරි 6th, 2010 at ප.ව. 10:12“නොමිලේ දෙන මිළ කල නොහැකි බ්ලොග්කරණ මෘදුකාංගයක්” ම තමයි. අතිශය අගය කළ යුතු මෘදුකාංගයක්.
[Reply]
-
2. ඉන්දරේ Says:
ජනවාරි 6th, 2010 at ප.ව. 10:32අන්න සිංහලෙන් ලියනවනං මරු guide එක, වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරන විදිය.
(මමත් ඔය ලිපියම ලියන්න පටං ගත්තා, දිග වැඩි නිසා කම්මැලිකමට නවත්තලා දාලා අන්න තවම drafts වල තියෙනවා.
)
මල්ලි මේක දිගටම ලියන්න, හොද පැහැදිලිව ලියන්න configuation ටික කරගන්න විදිය. ඕක ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක්.[Reply]
-
3. KaniRockz Says:
ජනවාරි 7th, 2010 at පෙ.ව. 11:34ගොඩක් ස්තූතී අයියෙ ප්‍රතිචාරයට.. ඔයා වගේම තමා මමත්.. මේකත් ගොඩක් කල් drafts වල නෙව තිබුනෙ.. මටත් කම්මැලිකමේ හිටියෙ ලියන්න.. එත් මට හිතුන මේක කොටස් කිහිපයකට ලීවොත් හොඳයි කියල.. ඒකයි මෙහෙම ලියන්න පටන් ගත්තෙ.. ඇත්තටම මේක ගොඩක් අයට ප්‍රශ්ණයක් කියල මටත් හිතුන. ගොඩක් අය අහුව කොහොමද හදන්නෙ කියල.. මම ඉක්මනටම ඉතුරැ ටිකත් දාන්නම්..
[Reply]
-
4. කணிshක Says:
ජනවාරි 7th, 2010 at ප.ව. 5:24නියම වැඩක් … බ්ලොග් එකක් පටන් ගන්න ආසවෙන් ඉන්න අයටත් බ්ලොග් ලියන අයටත් ගොඩක් උදව් වෙන ලිපියක්. වැඩේ අමාරු වුනත් දිග වුනත් හැමදාට ම වටින ලිපියක්. දවස ගානේ ලියමු. ජය!
[Reply]
-
5. සිතිජ සහන් හසාර හේවාගමගේ Says:
ජනවාරි 7th, 2010 at ප.ව. 8:54එල එල අයියා…..
මේ ලිපිය ගොඩක්ම වැදගත් ආදුනික Blog කරුවන්ට ( මම වගේ
)
ඉදිරියටත් මේ වගේ වැදගත් ලිපි ලියන්න මම සුභ පතනවා…..[Reply]
-
6. සුසුදු Says:
ජනවාරි 8th, 2010 at පෙ.ව. 9:06නියමයි මල්ලී නියමයි, Nice aa…..
[Reply]
-
7. CH Says:
මාර්තු 20th, 2010 at ප.ව. 10:33Macha Good Job…..
[Reply]

පෙබරවාරි 5th, 2010 at ප.ව. 7:29
[...] 100% Wordpress වලින් blog එකක් හදමු – පළමු කොටස [...]
පෙබරවාරි 15th, 2010 at ප.ව. 10:33
[...] 100% Wordpress වලින් blog එකක් හදමු – පළමු කොටස [...]
මාර්තු 18th, 2010 at ප.ව. 9:11
[...] 100% Wordpress වලින් blog එකක් හදමු – පළමු කොටස [...]