|
පෙබ
05
|
Author: KaniRockz (33 Articles)
ඔයාල හැමෝටම මතකයිනෙ මම කලින් Wordpress වලින් blog එකක් හදමු – පළමු කොටස ලිපියක් ලීව.. ඔන්න දැන් ඒකෙ දෙවනි කොටස ඉදිරිපත් කරන්න තමයි යන්නෙ.. මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව ලිපිය ලියන්න පරක්කු වෙච්ච එක ගැන.. හරි.. කවුරැ හරි කෙනෙක් පළමු ලිපිය කියෙවුවෙ නැත්තම් මෙන්න මෙතනින් ඒක කියවල එන්න. හරි වැඩි කථා නැතිව මම වැඩේ කියන්නම්.. අද මම කියන්න යන්නෙ වෙබ් සර්වර් එකක් අපේ පරිගණකයේ පිහිටුවා ගන්නෙ කොහොමද කියල..
ඔයාල සමහර විට දන්නව ඇති ගොඩක් වෙලාවට වෙබ් සර්වර් එකකට බාවිතා කරන්නෙ ඇපාචි (Apache) සර්වර් එක කියල.. තව IIS එකත් භාවිතා කරනව.. ඒත ගොඩක් වෙලාවට භාවිතා කරන්නෙ ඇපාචි (Apache) සර්වර් එක තමයි.. ඒ වගේම අපිට php ස්ථාපනය කර ගන්න ඕන.. මොකද wordpress හදල තියෙන්නෙ php කියන භාෂාව උපයෝගී කරගෙන.. ඒ වගේම අපිට ඕන වෙනව අපේ දත්ත ගබඩා කරන්න ඩේට බේස් එකක්.. ඔයාල සමහර විට දන්නව ඇතිනෙ Access කියන ඩේට බේස් එක ගැන.. ඒ වගේම අපි වෙබ් අඩවි සම්බන්ඳ වැඩ වලට ගොඩක් වෙලාවට යොදා ගන්නෙ mysql කියන ඩේට බේස් එක.. ඒක තෝර ගන්න ගොඩක් හේතු තියනව.. එකක් තමයි mysql කියන ඩේට බේස් එකත් wordpress වගේම නොමිලේ දෙන එකක් ( php සහ Apache ත් නොමිලේ තමයි දෙන්නෙ ) ඒ වගේම php කියන භාෂාවත් එක්ක ගොඩක් හොඳට වැඩ කරනව.. ඒගේ ගොඩක් හොඳ හේතු තියනව.. හරි.. මුලින්ම. මම මේව භාගන්න ඕන ලින්ක් ටික දෙන්නම්.. ඒත් භාන්න එපා.. ලිපිය කියවල ඉවර වෙලා මොකක්ද ගන්නෙ කියල තීරණය කරන්න..
ඔන්න ඕව ටික තමයි උවමනා කරන දේවල්.. ඒත ඉතින් දැන් මේක කරන්න ඔය තුනම භාගෙන ස්ථාපනය කරන්න ඕන.. ඒත් දැන් නම් එච්චර මහන්සි වෙන්න ඕන නැ.. ඔන්න ඔය තුනම එකතු කරල එක පැකේජ් එකක් හදල තියනව WAMP server කියල.. මම නම් භාවිතා කරන්නෙ ඒක.. ඕක ඉතින් තියෙන්නෙ වින්ඩෝස් වලට ( Windows Apache Mysql Php ) ඔන්න ඕක තියන නිසා තමයි මම කලින් අරව බාන්න එපා කීවෙ..
හරි ඔයාල දැන් ඔන්න ඕක භාගෙන ස්තාපනය කරන්නකො.. ඊලඟ ලිපියෙන් මම අපේම සර්වර් එකේ Wordpress ස්ථාපනය කරල බ්ලොග් එකක් හදන හැටි කියන්නම්..
Popularity: 66% [?]
2 Pings to “Wordpress වලින් blog එකක් හදමු – දෙවන කොටස”
8 Responses to “Wordpress වලින් blog එකක් හදමු – දෙවන කොටස”
-
1. Sanj Says:
පෙබරවාරි 5th, 2010 at ප.ව. 10:39xammp ehemath hondai.. Use karala balanna
[Reply]
-
2. රංදික Says:
පෙබරවාරි 5th, 2010 at ප.ව. 11:14ගොඩක් වැදගත් ලිපි පෙලක්. ඉක්මනට ඊලඟ ලිපියත් දාන්න.
[Reply]
-
3. සිතිජ සහන් හසාර හේවාගමගේ Says:
පෙබරවාරි 7th, 2010 at ප.ව. 9:18අයියා මේ ලිපියෙන් පස්සේ ලිපියේ කියලා දෙන්නේ Home Webserver එකක් හදන විදියද.
[Reply]
KaniRockz Reply:
පෙබරවාරි 7th, 2010 at ප.ව. 9:47මෙහෙමයි මල්ලි.. අපිට php සම්බන්ඳ මොකක් හරි අඩවියක් හදල ඒක පරීක්ෂා කරන්න් වෙබ් සර්වර් එකක් ඕන වෙනව.. එකට ඉතින් අපි වෙබ් හොස්ටින් එකකට upload කර කර වඩේ බලන්න ගියොත් ලේසි නැහැනෙ.. ඒක නිසා අපි අපේ පරිගණකයේ තාවකාලිකව වෙබ් සර්වර් එකක් හදාගෙන ඒකෙ මේ පරීක්ෂණ කරල වඩේ ගොඩ දාගන්න එක තමයි කරන්නෙ.. ඒකට තමයි මම WAMP server භාගන්න කීවෙ.. ඒක පරිගණකයට ස්ථාපනය කරාම අපේ වැඩේට ගැලපෙන වෙබ් සර්වර් එකක් අපිට ලැබෙනව.. ඒකත් මෘදුකාංගයක් අපිට අනිත් මෘදුකාංග ස්ථාපනය කරනව වගේ එකත් ස්ථාපනය කරන්න තියෙන්නෙ.. ඊලඟ ලිපියෙන් මම කියන්නෙ අන්න ඒ වෙබ් සර්වර් එක භාවිතයෙන් අපේ wordpress blog එක හදන්නෙ කොහොමද කියල.
[Reply]
සිතිජ සහන් හසාර හේවාගමගේ Reply:
පෙබරවාරි 8th, 2010 at ප.ව. 8:01ආ ඒකනේ මම බැලුවේ එළ එළ . දිගටම ලියන්න සුබ පතනවා
[Reply]
සිතිජ සහන් හසාර හේවාගමගේ Reply:
පෙබරවාරි 8th, 2010 at ප.ව. 8:02අයියා මේ ප්‍රතිචාර ලස්සනට දාන මෘදුකාංගයේ නම මොකක්ද?
[Reply]
KaniRockz Reply:
පෙබරවාරි 8th, 2010 at ප.ව. 9:34මල්ලී.. ඒක wordpress plugin එකක් මෙන්න මේකෙන් අරගන්න.. http://urlz.tk//0u
සිතිජ සහන් හසාර හේවාගමගේ Reply:
පෙබරවාරි 8th, 2010 at ප.ව. 9:52අයියා මට පොඩි වැරදීමක් වුණේ software එකක් කියළ කිව්වේ
ස්තූතියි මේ plugin එක ගැන මට කිව්වාට

පෙබරවාරි 15th, 2010 at ප.ව. 10:49
[...] මම හිතනව ඔයාල හැමෝම පළමු කොටස සහ දෙවන කොටස කියවන්න ඇති කියල.. බලපු නැති කෙනෙක් [...]
මාර්තු 18th, 2010 at ප.ව. 9:14
[...] ඔයාල හැමෝම මේ ලිපි පෙලේ පළමු කොටස, දෙවන කොටස සහ තෙවන කොටස යන ලිපි තුනම හොඳින් [...]