පෙබ 15
Line Break

Author: KaniRockz (33 Articles)

ඔන්න මම Wordpress වලින් blog එකක් හදමු – තෙවන කොටසත් අද ඉදිරිපත් කරනව.. අද කොටසනම් ගොඩාක් වැදගත් කොටසක්.. අද මම Wampserver එක ගැන අවශ්‍ය කරුණු ටික කියන්නම්…. මම හිතනව ‍ඔයාල හැමෝම පළමු කො‍ටස සහ දෙවන කොටස කියවන්න ඇති කියල.. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් බලල එන්න.. ඒවත් වැදගත් වේවි..

හරි.. මම දෙවනි ලිපියෙ කීව විදියට WAMP server එක ස්ථාපනය කර ගන්න ඇති කියල හිතනව.. ඒක කරේ නැත්තම් දෙවන කොටස කියවන්න.. ඒකෙ තියනව කොහොමද කරන්නෙ කියල.. ඒකෙ මොකක් හරි ගැටළුවක් තියනව නම් comment එකක් දාල අහන්න.. මම තවත් පැහැදිලි කරන්නම්.

මමනම් ඒක ස්ථාපනය කලේ C:\wamp කියන පාත් එකට.. මුලින්ම අපි WAMP server එක ක්‍රියාත්මක කර ගන්න ඕන.. අපි බලමු ඒක කොහොමද කරන්නෙ කියල.

WAMP server ක්‍රියාත්මක කිරීම සහ වැදගත් කරැණු

හරි ඔයාලට start > All programs > WampServer > Start Wampserver මගින් wampserver එක ක්‍රියාත්මක කර ගන්න පුළුවන්..

ඒක ක්‍රියාත්මක කලාට පස්සෙ අපේ task bar එකේ දකුණු පැත්තෙන් ‍පොඩි අයිකනයක් මතු වේවි ඒකට අදාල.. පහත රූපය බලන්න..

Image hosting by Free Image Hosting

සමහර විට ඔයාලගෙ ඔය‍වගේ අයිකන් එකක් ඒවි.. ඒත් ඔය මම දාල තියන එකට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්.. භය වෙන්න එපා මම ඒවත් පැහැදිලි කරන්නම්.. ඔය මම දාල තියෙන්නෙ දැන් සේරම හරියට ක්‍රියාත්මක වෙනකොට එන අයිකන් එක.. WAMP server ස්ථාපනය කල වෙලාවෙම එහෙම වෙන්නෙ නැ.. ඒ සේවාවන් අපි ක්‍රියාත්මක කරන්න ඕන.. පහත රූපත් බලන්න‍කො..

Image hosting by Free Image Hosting

Image hosting by Free Image Hosting

ඔය තියෙන්නෙ තව එන හැටි.. හරි මම කියන්නම් දැන් කොහොමද wapmserver එක හරියට ක්‍රියාත්මක කර ගන්නෙ කියල..

මුලින්ම අපි start > All programs > WampServer > Start Wampserver මගින් wampserver එක ක්‍රියාත්මක කර ගත්තනෙ.. ඊ‍ට පස්සෙ අර task bar එකේ එන අයිකනය මත click කරාම පහත පරිදි මෙනුවක් ලැබේවි..

Image hosting by Free Image Hostingඔය තියෙන්නෙ මෙනුව.. මුලින්ම අපි start All services වලින් අපිට ඕන කරන services ටික ක්‍රියාත්මක කර ගමු.. ඒ කීවෙ php, mysql සහ apache නෙ.

ඒ ටික ක්‍රියාත්මක කර ගත්ත කියමුකො.. ඊට පස්සෙ.. සර්වර් එක ඔන්ලයින් කර ගන්න ඕන.. ඔන්න මගේ මෙනු එකේ නම් තියෙන්නෙ Put offline කියල.. ඒ දැනටමත් මගේ එක නම් ඔන්ලයින් තියෙන්නෙ.. ඔන්ලයින් නැති අයගෙ වැටේවි Put online කියල.. ඒකෙන් ඔයාලත් සර්වර් එක ඔන්ලයින් කරගන්න.

ඔන්න ඒටික කරාට පසුව නම් අපේ වැඩේට ගැලපෙන විදියට සර්වර් එක වැඩ.. දැන් ඉතින් ඒක ඇතුලට ගිහින් බලමු.. කට්ටියම ගිනි නරිය විවෘත්ත කර ගන්නකො.. ( මම ගාව තියෙන්නෙ ගිනි නරිය.. ඒකයි හොඳ්.. )

ඔන්න අපේ සර්වර් එක හරියට ක්‍රියාත්මක වෙනව නම් අපිට http://localhost/  ( http://127.0.0.1/ )කියන එකෙන් ඒකට යන්න පුලුවන් localhost කියන්නෙ ඔන්න ඕකටනෙ. ඔයාලටත් පහත පරිදි පෙනේවි ඕකට ගියාම..

Image hosting by Free Image Hosting

ඕක close කරල දාන්කො.. දැන් ඔන්න කොහොම හරි අපේ Wampserver එක වැඩ.. හරි.. මම දන් කියන්නම් අපි සාදන වෙබ් අඩවිය කොහේද සේවු කරල තියන්න ඕන කියල.. අපි හදන සැම අඩවියක්ම wampserver එක බාවිතයෙන් බලන්න අවශ්‍ය නම් ඒ සියල්ලම wampserver එක දාල තියන පාත් එකේ www කියල ෆෝල්ඩර් එකක් තියනව අන්න ඒක ඇතුලට දාන්න ඕන.. හරි මෙහෙමයි… දැන් මම myweb කියල වෙබ් අඩවියක් හදනව කියල හිතමුකො.. එතකොට මට ඒක wampserver එකත් භාවිතයෙන් හදනව නම් මට ඒ සියලු ෆයිල් www කියන ෆෝල්ඩර් එක ඇතුලෙ myweb කියල ෆෝල්ඩර් එකක් හදල දාන්න වෙනව.. තව දෙයක් අර මම කියපු www ෆෝල්ඩරය ඇතුලෙ index.php කියල ෆයිල් එකක් තියනව.. ඒකට මුකුත් කරන්න එපා.. එහෙම්මම තියන්න.. ඔයාලට අවශ්‍ය අඩවිය www ෆෝල්ඩර් එක ඇතුලෙ ෆෝල්ඩර් හදල දාන්න.. එතකොට හරි.. මම මුලින් කීවනෙ myweb කියන ෆෝල්ඩර් එකක් හදල දාන්න කියල.. හරි එහෙම දැන්ම කියමුකො මොකක් ද ඒකෙ URL එක වෙන්නෙ.. http://localhost/myweb/ කියන එක තමයි ඒකෙ URL එක.. ඔයා my_web_site කියල ෆෝල්ඩරයක් හදල දැන්මනම් URL එක වෙන්නෙ http://localhost/my_web_site/ කියන එක.
මේ කියපු ටික ඔයාලට පැහැදිලි වෙන්න ඇති.. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් මඟින් අහන්න.. ඊලඟ ලිපියෙන් අපි බ්ලොග් එක හදමු icon wink  Wordpress වලින් blog එකක් හදමු – තෙවන කොටස මම පළමු ලිපියෙ කීව විදියට wordpress භාගත කරගෙන තියා ගන්න.

එතෙක් ඔබට ජය!

Popularity: 63% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි. ඒ වගේම ලිපිය ගැන ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , ,


14 Responses to “Wordpress වලින් blog එකක් හදමු – තෙවන කොටස”

  1. 1. සිතිජ සහන් හසාර හේවාගමගේ Says:

    අයියා නියමයි මේ ලිපිය. මම බලාගෙන හිටියේ මේ ලිපිය දානකම් තමා. ඊලඟ ලිපියත් ඉක්මනටම දාන්න. මට මතකයි මම දවසක් Apache Server එක install කරල මගේ මැෂිමට ඔය වගේ වැඩක් කලා හැබැයි ඒක සාර්ථක වුණේ නෑ :D මම මේ පියවරයන් අනුගමනය කරල බලන්නම්… ඔබට ජය!

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී මලයෝ ප්‍රතිචාරයට, උත්සහ කරල බලන්න.. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්නකො..

    [Reply]

    සිතිජ සහන් හසාර හේවාගමගේ Reply:

    ෂුවර් :)

    [Reply]

    සිතිජ සහන් හසාර හේවාගමගේ Reply:

    අයියා ඊළඟ ලිපිය ඉක්මනට දාන්න.

    [Reply]

    KaniRockz Reply:

    ඉක්මනටම දාන්නම් මල්ලී..

    [Reply]

  2. 2. Sajith Says:

    එළ එළ කොල්ල :D good work මචං. දිගටම ලියන්න.. :)

    [Reply]

    KaniRockz Reply:

    අනිවා :P දිගටම ලියනව… ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට.

    [Reply]

  3. 3. Nibu Says:

    Nice work kani. keep it up

    [Reply]

    KaniRockz Reply:

    Thanks Nibu :)

    [Reply]

  4. 4. සම්පත් සඳරුවන් Says:

    එලම කිරි මලයා… wamp server php වලට පවිච්චි කලාට wordpress වලට භාවිතා කරනව කියල දෑනන් හිටියෙ නෑනෙ..කොහොමත් bolgger වගෙ wordpress ගෑන හොද දෑනුමක් තිබුනෙ නෑ මට.නමුත් හොද අදහසක්,දෑනුමක් ලෑබුනා මෙ ලිපි පෙලින්..
    දිගටම කරගෙන යන්න… :)

    [Reply]

    KaniRockz Reply:

    ගෙඩක් ස්තූතී අයි‍යෙ ප්‍රතිචාරයට.. කවුරැ හරි මේකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් ඒකයි මගේ සතුට..

    [Reply]

  5. 5. Lasantha Bandara Says:

    මේ ලිපියත් localhost එකේ wordpress බ්ලෝග් එක හදන්න වැදගත් වේවි.

    How To Install WordPress Locally Under Windows XP:

    http://www.bloggertipandtrick.net/2009/10/install-wordpress-locally-under-windows.html

    [Reply]

  6. 6. Namila Says:

    මචන් මේකත් බලන්න WORDPRESS .ස්තූතියි ;)

    [Reply]

  7. 7. KaniRockz Says:

    ඉහතින් සඳහන් අඩවිත් බලන ගමන් මෙම ලිපි පෙළේ අවසන් කොටසත් බලන්න http://urlz.tk//1b

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes