මාර්තු 18
Line Break

Author: KaniRockz (33 Articles)

Wordpress වලින් blog එකක් හදමු  අවසන් කොටස අද මම ඉදිරිපත් කරනව.. මුලින්ම කියන්න ඕන මේ කොටසෙ භාගයක් විතර ලියල ටික දවසක්ම Drafts වල තිබන.. අද තමයි සම්පුර්ණ කරල ප්‍රකාශයට පත් කරන්න පුළුවන් උනේ.. සිදු වූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනව.. icon smile  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස

හරි ඔයාල හැමෝම මේ ලිපි පෙලේ පළමු කොටස, දෙවන කො‍ටස සහ තෙවන කොටස යන ලිපි තුනම හොඳින් පරිහරණය කරල දැනුමක් ලබාගෙන ඇති.. කවුරැ හරි ඒව බැලුවෙ නැත්තම් මුලින්ම ඒ ලිපි බලල එන්න.. ඒක පහසුවක් වේවි.. මොකද ඒ ලිපි වල මුලික දැනුමක් දීල තියනව.. අද ඒ සියල්ල භාවිතයෙන් අපි Wordpress වලින් බ්ලොග් එකක් හදමු…

මගේ පළමු ලිපියෙන් සඳහන් වෙච්ච විදියට ඔයාල Wordpress ( සිංහල සංස්කරණය ) ඔයාලගෙ පරිගණකයට භාගත කරගන්න ඇති.. හරි ඔන්න මමත් දැන් නවතම සංස්කරණය පරිගණකයට භාගත කරගත්ත. wp  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස ඔයාල හැමේටම පේනවනෙ ඒක zip කරල තියෙන්නෙ.. ඒක unzip කරල කරල අපි වැඩේ පටාන් ගමු. icon smile  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස   ඔයාලට මතක ඇති මම තෙවන කොටසෙ කියල තියනව අපේ Files කොහාටද දාන්න ඕන කියල.. ඔන්න ඒ නිසා මම Wamp server එක ස්ථාපනය කරපු තැන www කියන Folder එක ඇතුලෙ මම හදා ගන්නව wordpress_test කියල Folder එකක්.. ඒකට තමයි අපේ අඩවිය මම දාන්නෙ.. එතකොට ඒ අඩවියට ලිපිනය වෙන්නෙ http://localhost/wordpress_test/ කියන එක. ඔයාලත් ඒ වගේ wordpress_test කියල Folder එකක් හදල අර අපි භාගත්ත wordpress එක unzip කරල ඒක ඇතුලෙ තියන Files ටික මේ Folder එකට දාන්න..

දැන් WAMP server එක ක්‍රියාත්මක කරල http://localhost/wordpress_test කියන ලිපිනයට ගිහින් බලමුකො..

wp config  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස

දැක්කද එතකොට වර්ඩ්ප්‍රෙස් දෝෂය කියල ඇවිත් ඔන්න ඔය වගේ දොෂ පණිවිඩයක් දිස් වෙනව.. ඒ කියන්නෙ අපේ සර්වර් එක නම් වැඩ.. icon razz  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස ඒ වගේම අපි අර වර්ඩ්ප්‍රෙස් වල එක ෆයිල් එකක් හැර ඕන කරන අනිත් සේරම ෆයිල් අරගෙනත් කියාය.. ඒත ඕනම කරන එකක් නැහැනෙ.. අපි wp-config.php කියන ෆයිල් එකක් හදන්න ඕන.. මේ පණිවිඩයෙම තියනව,

wp-config.php ගොනුව වෙබ් අතුරුමුහුණතින් සැකසිය හැකියි. නමුත් මෙය සෑම සර්වරයකම ක්‍රියාත්මක වන්නේ නැත. ආරක්ෂාකාරීම ක්‍රමය ශ්‍රමිකව ගොනුව සැකසීමයි.

ඉතින් අපි හොඳම ක්‍රමය කියල තියන විදියට ශ්‍රමිකව හදමු.. ඒක ගොඩක් හොඳයි..

දැන් අපි අර wordpress_test කියන Folder එකට යමු.. ඒකෙ තියනව wp-config-sample.php කියල ෆයිල් එකක්.. ඔයාල අන්න ඒ ෆයිල් එකේ copy එකක් අරගෙන ඒක wp-config.php ලෙස rename කරන්න.. එතකොට අපි ඔන්න wp-config.php කියන ෆයිල් එකත් හැදුව.. නමුත් ඒක‍ට අපි තව දත්තයන් කිහිපයක් ඇතුල් කරන්න ඕන. ඔයාල ඒ wp-config.php කියන ෆයිල් එක Notepad වලින් ඕපන් කර ගන්නකො.. ඒකට Ms word වගේ ඒව නම් භාවිතා කරන්න එපා.. Notepad හරි Nodepad++ කියන එක වගේ එකක් හරි භාවිතා කරන්න.. ඔන්න මම wp-config.php කියන ෆයිල් එක ඕපන් කර ගත්ත..

config  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස

ඔයාලට ඔන්න ඔය වගේ කොටසක් දැකගන්න ලැබේවි.. හොඳට බලල ඔය කොටස හොයා ගන්න..

මේකෙ DB_NAME කියන්නෙ.. DataBase එකේ නම.. අපි තාම ‍DataBase එකක් හැදුවෙ නැ.. ඒක තව ටිකකින් හදමු.

ඊලඟට DB_USER කියන්නෙ අපේ MySQL වල user name එක.. අපි wamp server භාවිතා කරන නිසා එහි  පෙර නිමියෙන්ම root කියල user name එක එනව.. ඒක නිසා අපිට ඒක භාවිතා කරන්න පුළුවන්..

ඊලඟට තියෙන්නෙ DB_PASSWORD ඒ කියන්නෙ අපේ MySQL වලට ඇතුල් වෙන්න තියන පාස්වර්ඩ් එක.. කලින් user name එක root කිය දුන්නනෙ.. ඒක පෙර නිමියෙන්ම ඇවිත් තියෙන්නෙ පාස්වර්ඩ් එකක් නැතිව.. ඒක නිසා අපිට එතන හිස්ව තියල යන්න පුළුවන්..

ඊලඟට DB_HOST ඒ කිවේ අපේ ඩේට බේස් එක හොස්ට් කරල තියෙන්නෙ කියල.. ගොඩක් වෙලාවට වෙන්නෙ මේක localhost කලාතුරකින් සමහර වෙබ් හොස්ටින් ලබා දෙන ආයතන වල මේක වෙනස් වෙන්න පුළුවන්.. එතකොට එයාල ඒක දෙනව.. නමුත් අපි පාවිච්චි කරන්නෙ wamp server නිසා අපි localhost කියල යොදමු.

ඊලඟට තියන දෙක නම් අපි වෙනස් කිරීමකට ලක් කරන්න අවශ්‍ය වන්නෙ නැ..  අපි දැන් මේකට අවශ්‍ය DataBase එකක් හදමු.. මම කලින් ලිපියක කීවනෙ wamp server වල MySQL එකත් තියනව කියල.. අපිට ඩේ‍ටබේස් එක හදන්න http://localhost/phpmyadmin මගින් phpMyAdmin වෙත ගොස් හදා ගන්න පුළුවන්..

mysql  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස ඉහත ලිපිනයෙන් phpmyadmin වෙත ගියාම එන පිටුවෙහි මෙවනි කො‍ටසක් දැක ගන්න පුළුවන් වේවි.. එහි සැකසුම් වෙනස් නොකර Create new database යටතේ තමන් කැමති නමක් ‍database එකට ලබා දෙන්න.. මම wordpress_test කියලම database එකේ නම නම් කරන්නම්..

DataBase එක හැදුවට පස්සෙ Database wordpress_test has been created. කියල වැටේවි.. ඕකෙ wordpress_test කියල තියෙන්නෙ මම දීපු නම.. ඔයාලගේ එකේ ඔයාල දීපු නමක් වැටේවි.. හරි දැන් phpmyadmin එක close කරල අපි නැවතත් අර wp-config.php කියන ෆයිල් එක NotePad වලින් ඕපන් කරගෙන අදාල දත්ත සටහන් කරමු.. දත්ත සටහන් කරාට පස්සෙ පහත පරිදි පෙනේවි..

config ok  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස

රූපයෙන් වගේම ටෙක්ස්ට් වශයෙනනුත්,

// ** MySQL settings – You can get this info from your web host ** //
/** The name of the database for WordPress */
define(‘DB_NAME’, ‘wordpress_test’);

/** MySQL database username */
define(‘DB_USER’, ‘root’);

/** MySQL database password */
define(‘DB_PASSWORD’, ”);

/** MySQL hostname */
define(‘DB_HOST’, ‘localhost’);

/** Database Charset to use in creating database tables. */
define(‘DB_CHARSET’, ‘utf8′);

/** The Database Collate type. Don’t change this if in doubt. */
define(‘DB_COLLATE’, ”);

ඔය සේරම සැකසුම් වලට පස්සෙ.. එම ෆයිල් එක සුරැකිව තබන්න.. දැන් http://localhost/wordpress_test/ වලට ගිහින් බලමු.. එතකොට පහත පරිදි පිටුවක් දැක ගන්න ලැබේවි..

install wp  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස

එහි බ්ලොග් නාමයට ඔබ ඔබේ බ්ලොග් එකට යොදන නම දාන්න… මගේ එකේ නම් තියෙන්නෙ KaniRockz ගේ සටහන කියල.. ඊමේල් ලිපිනයත් දාල.. අර ටික් එක එහෙන්මම තියල icon razz  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන්න..

ඉන් පසුව ” වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කර අවසන්. තවත් පියවර බලාපොරොත්තු වුණාද? බලාපොරොත්තු කඩකිරීම ගැන සමාවෙන්න. “  කියල පණිවිඩත් සමගම පරිශීලික නාමය admin ලෙසද අහඹු ලෙස සැකසුන මුර පදයක්ද ලැබේවි.. මුරපදය හොදින් මතක තියා ගන්න.. පස්සෙ එම මුර පදය අපට ඕන එකක‍ට වෙනස් කර ගත් හැකියි..දැන් අපේ බ්ලොග් එක හදල ඉවරයි.. http://localhost/wordpress_test/ මඟින් එයට ගිහින් බලන්න..

ලිපිය නම් ගොඩක් දිග එකක් උනා.. ඒකට සමාවෙන්න.. මම හිතන විදියට wordpress වල වැඩ කරන හැටිත් ටිකක් ලිවොත් හොඳයි.. මම තව ලිපියකින් ඒකත් ලියන්නම්..

ඔන්න මගේ වැඩේ ඉවරයි.. හාමෝම හදල බලන්න.. කෙ‍ටියෙන් හරි ප්‍රතිචාරයක් දාල යන්න.. ඔයාල හැ‍මෝම දන්නවනේ ඒකයි අපේ ශක්තිය කියල.. මොනව හරි ගැටළු තියනව නම් අහන්න.. Wordpress වලින් බ්ලොග් හදන හැමෝටම සුභ පතනව.. එක්කෙනෙක්ට හරි මේ ලිපි පෙල ප්‍රයෝජනයක් උනා නම්.. මට ගොඩක් සතුටුයි.. දිගම දිග ලිපිය දිගටම කියෙවුවට ගොඩක් ස්තූතී..

Popularity: 73% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි. ඒ වගේම ලිපිය ගැන ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , , , , , , , ,


23 Responses to “Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස”

  1. 1. වැප් Says:

    හොඳ ලිපියක සාර්තක අවසානයක් … තවත් මෙවැනිම නොදන්නා දෙයක් ගැන ලිවීමට ඔබට හැකි වේවා !!!!!!!!!!!

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී අයියේ ප්‍රතිචාරයට.. ලිපි පෙල ලියන්න ගත්තෙ ජනවාරි 06 වෙනිද :P ඉවර කලේ මාර්තු 18 වෙනිද් :P හොඳයි නේද :)

    [Reply]

  2. 2. සිතිජ සහන් හසාර හේවාගමගේ Says:

    අයියා හැබැයි සිංහල වර්ඩ් ප්‍රෙස් නම් තමයි පොඩ්ඩක් විතර අවුලකට තියෙන්නේ මොකද සිංහල වලින් බර බර තාක්ෂනික වචන තියෙන කොට ආයිත් ඉංගිරීසි වලටත් වඩා අමාරුයි :D හැබැයි ඔය සිංහලෙන් වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරයින් පස්සේ Admin in English කියන ප්ලගින් එක හරහා වර්ඩ් ප්‍රෙස් වල ඇඩ්මින් එක විතරක් ඉංගිරීසියට හරවන්න පුළුවන්. මම ඒ ගැන ලිපියකුත් මගේ බ්ලොග් එකේ දැම්මා. කොහොම හරි මේ ලිපි පෙල නම් ගොඩා………ක් වැදගත්. අයියා වර්ඩ්ප්‍රෙස් පාවිච්චි කරන විදිය ගැනත් ලිපියක් දාන්න. ඒක ගොඩක් හොඳයි. මම ඊළඟ ලිපිය ලියන්නත් සුබ පතනවා.

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී මලයෝ ප්‍රතිචාරයට.. මට නම් දැන් සිංහල වර්ඩ්ප්‍රෙස් පුරුදු වෙලා.. ඒක නිසා අවුලක් නැ..

    [Reply]

    සිතිජ සහන් හසාර හේවාගමගේ Reply:

    @KaniRockz: හෙ හේ සිංහල පුරුදු වෙලා නම් ඉතිං කමක් නෑ. පුදුමයි හැබැයි සිංහල වර්ඩ්ප්‍රෙස් පුරුදු වුණා කිව්වාම. මම නම් සිංහල වර්ඩ් ප්‍රෙස් දාලා දවසක්වත් තිබ්බේ නෑ ඒක ඉංගිරීසි වලට පරිවර්තනය කළා :D . ලාංකීය කොල්ලෙක් :P

    [Reply]

    KaniRockz Reply:

    අපි එහෙමයි :P බ්ලොග් එක ලියන්නෙත් සිංහලෙන්.. බ්ලොග් එකත් සිංහලෙන් :P

    සිතිජ සහන් හසාර හේවාගමගේ Reply:

    @KaniRockz: ඒක හොඳා අන්න එහෙම තමයි නියම සිංහල කොල්ලෝ සිංහල භාෂාවට ලැදියාවක් ඇති කොල්ලෝ එහෙම තමයි. එළ එළ‍.

    KaniRockz Reply:

    hehe

  3. 3. Sanj Says:

    වැඩේ සාර්ථකයි…. දිගටම කරගෙන යන්න තව අලුත් දේවල් එක්ක.

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී අය්යේ ප්‍රතිචාරයට..

    [Reply]

  4. 4. Buddhika Says:

    Please give an article on the template you used and the plugins. I am waiting.

    [Reply]

    KaniRockz Reply:

    please wait for my next post.

    [Reply]

  5. 5. Pubudu Kodikara Says:

    Great post machan! These days theres a good trend for blogging in wordpress.. so your post is really valuable :D

    [Reply]

    KaniRockz Reply:

    Thanks Machan!

    [Reply]

  6. 6. සමනලී Says:

    ම්හු….. මම බ්ලොග් එකක් ලියන්න හිතුවාම wordpress සයිට් එකට ගිහින් ඒකේ තියෙන විදිහට ඔහේ බ්ලොග් එක හදාගෙන හදාගෙන ගියා මිසක් මේවා කලේ නෑනේ?? (ඇත්තටම මම මෙහෙම කරන්න දන්නේ නෑ..)
    ඒකේ language වලට සිංහල කියලා select කලා… theme වෙනස් කලා… තව widgets එහෙමත් දැම්මා ඒවායේ settings හදලා….. හැබැයි මට බ්ලොග් එකේ font සයිස් වෙනස් කරන්න නම් තැනක් විදියක් හොයාගන්න බැරිඋනා….ඒ මම මේ කියලා තියෙන විදියට නොකල නිසාද මන්දා? o_O අනේ මට ඒක කරන හැටි කියාදෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්…..

    [Reply]

    KaniRockz Reply:

    පුංචි සමනලී, කරපු විදියටත් බ්ලොග් එකක් හදන්න පුළුවන්.. ඒ වගේම ඒක ගොඩක් ලේසි වැඩක්.. නමුත් ඒකෙන් අපිට පහසුකම් ගොඩක් ලැබෙන්නෙ නැ.. ඔන්න පුංචි සමනලී නිසාම මමත් ඒ විදියට බ්ලොග් එකක් හදල බැලුව.. ඒත් මම කලින් කීව වගේ එයාල පහසුකම් ගොඩක් දෙන්නෙ නැ.. අපිට තීම් එකේ CSS ( Cascading Style Sheets ) එකේ වෙනස්කම් කරන්න අවසර දීල නැ.. ඒකෙන් තමා ඔය වෙනස්කම් කරන්න තියෙන්නෙ.. හොඳම දේ ෆොන්ට් සයිස් ටිකක් ලොකු තීම් එකක් දා ගන්න එක තමයි..

    [Reply]

    සමනලී Reply:

    ඒක තමයි එහෙනම් රහස….. හ්ම්… දැන් මේ තියෙන බ්ලොග් එක අලුත් කරන්න ගියොතින් සමනලී තියෙන ටිකත් නැති කරගනීවි (ඔය වැඩ ගැන ඒ තරම් දන්නේ නෑ නෙව සමනලී… :-( ) අනේ ඒ ගැන කියා දුන්නාට බොහොම ස්තූතියි……

    [Reply]

    KaniRockz Reply:

    පුංචි සමනලියේ.. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි.. හැබැයි මෙහෙම කරද්දි මුදලක් වැයවෙන තමා වෙන්නෙ.. මොකද අපි ඩොමේන් එකක් සහ වෙබ් අවකාශයක් ගන්න ඕනනෙ.. නමුත් අපිට කැමති විදියකට හදා ගන්න පුළුවන්.. ඒක තමයි ප්‍රයොජනය.. සමනලී තීම් එක මාරු කරල බලන්න සමහර විට අකුරු ටිකක් ලොකු එකක් තියේවි.

  7. 7. namal Says:

    වැදගත් ලිපි පෙළක්…බොහොම ස්තුතියි..wardpress වල වැඩ ගැනත් ලිපිය ඉක්මනින් කියවන්න පුලුවන් වෙයි කියල හිතනව…සුභ පැතුම්

    [Reply]

    KaniRockz Reply:

    ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.

    [Reply]

  8. 8. erandi Says:

    Great post kanishka. but i got a small problem. mama mage pc eka format karanna kalin wordpress meke thibba widiyatama demma.. eke prashnayak une ne. eth format kalata passe mage PC ekata IIS install karanna una.. ethakota meka karana piliwela tikak wenas wenawane. ekath kiyala denna puluwanda? ( mama port 8080 walata configure kala, wamp server eka nam weda. ewunata wordpress walata enne blank page ekak, configurations wala mokak hari wenas wenna oneda?) Thanx in advance!

    [Reply]

  9. 9. KaniRockz Says:

    ඔයාට wamp එක භාවිතා නොකර mysql සහ php වෙනම ස්ථාපනය කරගෙන වෙබ් සර්වර් එක ලෙස IIS භාවිතා කරල වැඩේ කරගන්න පුළුවන්.

    [Reply]

  10. 10. දර්ශන Says:

    නියමයි මලය. මං මේ ලිපි ටික දැක්කේ දං නෙ…ඕං මමත් ට්‍රයි කලා. ඔයාගෙ උදවු වලටත් ගොඩාක් ස්තූතයි. ඉදිරියෙදි ඇතිවෙන ගැටලුත් එක්ක හමු වෙමුකො…..

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes