|
දෙසැ
26
|
Author: Yohan Kanishka (38 Articles)
අද නම් මහ එපාම කරපු දවසකි.. දැන් නම් කම්මැලි කමේ උපරිමයට ඇවිත්.. උදේ පහට විතර නැගිටල ඇදෙන් බැස්ස මම පුටු සැටියට වී තවත් ටික වෙලාවක් ඉඳල තමා දවසේ සාමාන්‍ය වැඩ පටන් ගත්තෙ.. ඊට පස්සෙ ඉතින් කරන්න දේකුත් නැති කමින් ඊයෙ ඇක්ටිවු කරපු weekly Delight එකත් ඉතුරු තිබුන නිසා මුණු පොත පැත්තෙ රවුමක් දැන්ම.. ( කෙහෙද පැකේජ් එක කපල නෙව ඒකත් ගෙවන්න ඕන ) දැන් ඉතින් කරන්න දේකුත් නැ.. නිදාගන්න හැදුවත් නින්ද යන්නෙත් නෑ.. අන්න ඒක නිසා තමා ලිපියක් වත් ලියන්න ඕන කියල හිතල වාඩි උනේ
කොහොම හරි I’m Back again ලිපිය පල කලේ මීට මාස දෙකකට පෙරය.. කොහෙද, ලියනව කියල හිටියට මුකුත් ලියන්න හම්බෙන්නෙ නැහැ නෙව. කොහොම හරි බාගෙට ලියූ ලිපි දෙකක් තවමත් Drafts වල තියනව.. ඒවත් කොහොම හරි සම්පූර්ණ කරල පළකරන්න ඕන..
ඔය ඔක්කොම දේවල් අස්සෙ මමත් ගියා නෙව සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයෙ හමුවීමට.. මේ පාර තමා මුලින්ම ගියේ.. 2007 අග විතර ඉඳල සිංහල බ්ලොග් ලීවට මොකද එතනට ගියහම තමා මම එතන ඉන්න ගොඩක් අය අඳුරන්නෙ නෑ කියල දන්නෙ
කට්ටිය ඉතින් මාව දන්නෙත් නෑ මොකද මමත් ගොඩ කාලෙකින් ලිපියක් ලීවෙත් නැහැනෙ.. ඔක්කොම සිංඩි වලින් පන්නල
ඉතින් කොහෙද මේ බ්ලොග් එක දන්නෙත් නැ කස්ටිය..
කොහොම හරි ඉතින් අළුත් කට්ටියක් අඳුර ගත්ත.. ගොඩක් සතුටුයි ඒ ගැන.. ඒදා වෙච්ච දේවල් ගැන කියනව නම් මට නම් හිතුනෙ වෙලාව ටිකක් විතර මදි කියල.. ඒක ඇතුලෙ ඉන්න කොට වෙලාව දැනුනෙත් නෑ.. කට්ටියට කතා කරන්න අඳුර ගන්න තව ටික වෙලාවක් තිබුනනම් ගොඩක් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ.. ලබන පාර එකේ ඉතින් එහෙම පොඩි වෙලාවක් වෙන් කරල කරන්න බැරියැ..
ඔන්න මම ආපහු ලිපි ලියන එකත් පටන් ගන්නව.. ඒකටත් හේතුව ඉතින් SBU හමුව තමා
මේ අදට ඇති හොඳ ලිපි පෙලක් සමඟන් ඉක්මනටම ආපහු මේ පැත්තට එමු.. ඔබට ජය!













දෙසැම්බර් 26th, 2010 at ප.ව. 5:48
මාවත් පන්නනවා තව නුලෙන් ඉංග්‍රිසි පොස්ට් වැටිලා මම හමුවට එනකොට හමුව ඉවරයිනේ අයියේ
[Reply]
KaniRockz Reply:
දෙසැම්බර් 26th, 2010 at ප.ව. 5:53
අහ්
අවුලක් නෑ ලබන පාර එකේදි කට්ටියම හමුවෙමුකො
ස්තූතී ප්‍රතිචාරයට!
[Reply]
දෙසැම්බර් 26th, 2010 at ප.ව. 8:47
ඊලඟ පාරත් මම එන්‍න ඕනා…
[Reply]
KaniRockz Reply:
දෙසැම්බර් 29th, 2010 at ප.ව. 1:20
එළ එළ අනිවා.. අපේ දිහා ඇවිත්ම යමු
[Reply]
දෙසැම්බර් 27th, 2010 at පෙ.ව. 8:54
එලස්෴ ලියමු ලියමු…
[Reply]
KaniRockz Reply:
දෙසැම්බර් 29th, 2010 at ප.ව. 1:20
එළ එළ ලියමුකො එහෙනම්
[Reply]