|
පෙබ
02
|
Author: Yohan Kanishka (38 Articles)
මෙච්චර කල් මෙලෝ මගුලක් ලිව්වෙ නැති මට අද අළුත් වැඩක් සෙට් උනි… කතා නායකය උබුන්ටුය මමද ඒ සදහා නොගැලපෙනවාම නොවන අතර අර මොකක් එකක් මගේ හිතට ඈතුල් උනි…. ඉතින් අර මොකක්ද එක හින්දම මම නැතිව උබුන්ටු සදහා අවස්ථාව දුන්නෙමි. මේ ලියන්නේ ඒ රසබර කාතාවයි..
උබුන්ටු ගැන කොහොම හිතක් පහල වූවාද කියා මට නම් නිච්චියන් නැත.. කෙසේ වෙතත් ඊයේ උදේ වන විට ජනෙල් මකා හෝ උබුන්ටු දැමිය යුතුය යන හිත මගේ හිතේ තිබුණි.. පොඩි බයකුත් තිබුනෙ නැතුවාම නොවේ.. ඒත් හිතපු තරම් යකා කළු නැතිය.. උබුන්ටුත් එළය.. මං වගේම හැඩය ( දැන් ඉතින් මොකෙන් මොක වෙයිද දන්නෙ නෑ
) දගකාරය.. කියන්ට වචනද නැති හැඩය.. මට හිතෙන විදියට ඔබත් දමා බැලිය යුතුමය.. උබුන්ටු වලින් ජනෙල් වැසීමට උවද පුළුවන් හැඩය.. මේ දමා ඈති රූපයද උබුන්ටු මතදීම පිංතූර දෙකක් එකතු කර බොහොම අමාරුවෙන් සෑදූ බව කියන්නෙ මහත් ආඩම්බරයෙන්ය..
( මෙහෙම ලීවා දැන් ඈතිය
)
ඊයේ උදේ සිට තිබූ ආසාව නිසා උබුන්ටු අඩවියට ගොස් විස්තර ටිකක් සොයා ගතිමි. ඒකෙත් මරු මරු ඒවා තිබුණි.. ද්න්නෙම නැතුව වෙලාවත් ගෙවුනි.. මුලින්ම හිතුවෙ වින්ඩෝස් උඩම උබුන්ටු දාන්න.. උබුන්ටු සයිට් එකේ තිබුන windows installer කියල එකක් ඒකෙන් දන්න ට්‍රයි කලහම ඩවුන්ලෝඩ් වෙන්න පැය ගානක් පෙන්නුව.. එච්චර වෙලා ඉන්න බැරි නිසා ඒ වැඩේ අත ඈරල උබුන්ටු සයිට් එකේම තිබුන ටොරන්ට් ෆයිල් එකකින් බා ගන්න එක පටන් ගත්ත.. දැන් ඔබ හිතනව ඈති ඔය අතර මම නිකන් හිටිය කියල. ඒත් එය එසේ නොවෙයි.. මම තවත් විස්තර සෙවුවෙමි.. තමීර අයියාට ට්වීටරෙන් කරදර කෙරුවෙමි..
එයාගෙන් විස්තර ගොඩක් ගත්තෙමි.. තමීර අයියත් එළය උබුන්ටු වැනිමය..
කොහොමෙන් කොහොම හරි හවස් වන විට උබුන්ටු සම්පූර්ණයෙන්ම බාගත වී හමාරය. මට මාරම සතුටුය..
ඔන්න ඉතින් හතට විතර පටන් ගත්ත තිබ්බ ෆයිල් බැක්අප් කරන්න.. ඒකට නම් වැඩි වෙලා ගියේ නෑ.. කොහොම හරි ඔක්කකොම වැඩ ඉවර වෙලා දාල තිබුන
ජනෙල් හත ෆෝමැට් කර.. ඒකෙ 50Gb තිබුන නිසා අපහු එකෙන් 40ක් අරන් අපහු ජනෙල් 7 දැන්ම.. ( දවසින් උබුන්ටු එපා වෙයිද කියල හිතුන නිසා හොදේ ) ඒකත් දාල ඉවර වෙලා ඉතුරු 10Gb වලට තමයි උබුන්ටු දැන්මෙ.. කොහොම හරි උබුන්ටු දාන්න පැය එකහමාරක් විතර ගියා. ඒකෙ අහන අහන ඒවට උත්තර දිදී මම උබුන්ට දා ගත්ත.. ඊට පස්සෙ ඉතින් ඔන් කලහම GRUB මෙනු එක ඈවිත් අහනව උබුන්ටුද ජනෙල්ද කියල.. ඒකෙන් ඉතින් උබුන්ටු තේරුව.. ලස්සන සද්දයක් එක්ක උබුන්ටු පටන් ගත්ත.. ( ඊට පස්සෙ නම් ඒක තවම ඈහුනෙ නෑ ) දැන් ඉතින් වැඩ ගොඩයි.. වෙලාව 11.30ට විතර ඉතින් මේක හෙට උදෙම බලනව කියල හිතල මම ගියා නිදා ගන්න.. උදේ ආපහු දාල වැඩ කරන්න පටන් ගත්තු වෙලාවෙ ඉදල තමයි හොදම හරිය තියෙන්නෙ ඒක මම ඊලග ලිපියෙන් ලියන්නම්කෝ.. හිතෙන දෙයක් පල්ලෙහයින් ලියල යන්න.. ඉතුරු කොටස හෙට..
Popularity: 33% [?]






පෙබරවාරි 2nd, 2011 at පෙ.ව. 9:51
එල එල. වින්ඩෝස්වලදි කරන වැඩ ඊට වඩා උබුන්ටුවලින් කරගන්න එක ලේසියි කියල තේරෙයි තව ටික දවසකින්
[Reply]
පෙබරවාරි 2nd, 2011 at පෙ.ව. 10:07
එළ එළ බලමු ඊයෙ ඉදල දිගටම උබුන්ටු
[Reply]
පෙබරවාරි 2nd, 2011 at පෙ.ව. 10:28
ade ela elaz. matath bill lokkata kade gihin athi wela thiyenne
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 1:49
එළ.. උබුන්ටු දාන්න නියමට වැඩ
[Reply]
පෙබරවාරි 2nd, 2011 at පෙ.ව. 11:13
nice post machan………… ela elazzz
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 4:41
ස්තූතී මචං
[Reply]
පෙබරවාරි 2nd, 2011 at පෙ.ව. 11:59
වින්ඩොස් 7 හොරකොපි ප්‍රචලිත කරමු…
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 4:42
ජය වේවා
[Reply]
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 2:04
මොකක්ද මෙ උබුන්ටු අයියා තේරෙන විදිහට ටිකක් පෑහෑදිලි කරල දෙන්න පුලුවන්ද
[Reply]
dedunu Reply:
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 4:01
උබුන්ටු කියන්නේ වින්ඩෝස් වගේ මෙහෙයුම් පද්ධතියක්
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 4:47
ස්තූතී ඉක්මන් ප්‍රතිචාරයට
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 4:45
ඔය කියල තියෙන්නෙ දේදුනු.. උබුන්ටු කියන්නෙත් වින්ඩෝස් වගේම මෙහෙයුම් පද්ධතියක්.. සිංහලෙන් කියනව නම් Operating System එකක්.. වින්ඩෝස් වගේ කීවට මේක නොමිලේ දෙන එකක්.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 4:50
ඈ බන් කනියො.. උබුන්ටු සීඩී එකෙන් ලෝඩ් කරන්න තිබ්බනේ… ඔච්චර දෙයක් මොකට කරනවද??? මම ගාවත් ඉස්සරම උබුන්ටු ලයිව් සීඩී එකක් තිබ්බා.. පස්සේ ලිනක්ස් රෙඩ් හෑට් නයින් එක දාපු නිසා.. උබුන්ටු ගෑන තියෙන සෑල කිල්ල අඩු උනා…
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 5:01
මම බාපු උබුන්ටු එකේ එහෙම එකක් තිබුනෙ නෑ බං
මමත් එකම එක පාරක් රෙඩ් හැට් දාල තියේ ඒක තිබුනෙ එක දවසයි
දැන් ඉතින් දිගටම උබුන්ටු වගේ බලමු මොකෝ වෙන්නෙ කියල
ස්තූතී ප්‍රතිචාරයට!
[Reply]
Nuwizroy Reply:
පෙබරවාරි 3rd, 2011 at ප.ව. 12:13
කනියො උබ ඔන්න මගේ හිතත් ජනෙල් වලින් අයින් කරන්න තරම්ම දක්සයෙක් උනා… මමත් ගූගල් එකෙ සර්ච් පාරක් දාලා බෑලුව… මමත් ඔන්න දෑන් ඩවුන්ලෝඩින් කිවුවා….. උම්බ මට කරපු විපතක්… අහින්සක බිල් ගේට්ටු අන්කල්ගේ බිස්නස් නෑති කරන්න එපා බන්… හික් හික් හික්.. :පී
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 3rd, 2011 at ප.ව. 2:14
ඒ කියන්නෙ මටත් යමක් කමක් පුලුවන් නෙහ්
එළ එළ.. ඈ බං අපේ එවුන් ජනෙල් දාගත්ත කියල බිල්ගේට්ටු අන්කල්ට කොහෙ වාසි වෙන්නද
මම නම් ඔරිජිනල් ජනෙල් ඩීවීඩී එකක් එකම එක දවසයි දැක්කෙ
Nuwizroy Reply:
පෙබරවාරි 3rd, 2011 at ප.ව. 2:51
ඒක නම් ඈත්ත බන්… කොහොම හරි ඔන්න දෑන් කතාවක් යනව හොර කොපි වලට කෙලවන්න යනවා කියලා.. කෝකටත් මම නම් ඔටෝ මැටික් අප්ඩේට් ඔෆ් කරලා තියෙන්නේ ඕක ඇහුවට පස්සේ..
Yohan Kanishka Reply:
පෙබරවාරි 3rd, 2011 at ප.ව. 4:35
කතාවක් යනව නෙවේ.. එහෙම තමයි.. ඒකනෙ දැන් ඉස්සර වගේ කොටුවෙ සීඩී නැත්තෙ
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 5:26
මාත් උබුන්ටු වලට මාරු වෙන්න යන්නෙ. මටත් උදව් කරන්න.
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 2nd, 2011 at ප.ව. 5:38
එළ එළ අනිවා
[Reply]
පෙබරවාරි 3rd, 2011 at ප.ව. 5:04
උබුන්ටු තමා මම පාවිච්චි කරපු ලිනක්ස් වලින් හොදම ෆෙඩෝරා ඩිවලොපර්ලාට හොදයි රෙඩ්හැට් සර්වර් වලට හොදයි උබුන්ටු හැම දේටම හොදයි නෙට් යන්න බ්ලොග් ලියන්න සිරා
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 3rd, 2011 at ප.ව. 5:19
මටත් එහෙම හිතුන.. මීට කලින් මම රෙඩ් හැට් ලිනක්ස් පාවිච්චි කරල තියනව.. ඒත් එකට වඩා මේක හොදයි වගේ.. හැබැයි එහෙමම කියන්නත් බෑ ඉතින්.. කිවුව වගේ හැම දේටම වගේ උබුන්ටු ගැලපෙනව
ස්තූතී ප්‍රතිචාරයට.
[Reply]
පෙබරවාරි 5th, 2011 at ප.ව. 5:17
මමත් උබුන්ටු වල කාලයක් වැඩ කලා… දැන් නම් ජනෙල්
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 5th, 2011 at ප.ව. 9:06
මම නම් දැන් දිගටම උබුන්ටු තමයි
[Reply]
පෙබරවාරි 5th, 2011 at ප.ව. 10:37
Ane.. melo deyak therenne ne malli..
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 5th, 2011 at ප.ව. 10:42
වෙලාවට
නැත්තම් අකක්ත් මටත් උබුන්ටු දාල දෙන්න එහෙම කීවොත්
[Reply]
පෙබරවාරි 5th, 2011 at ප.ව. 10:38
එළ එළ නියමයි!!!!
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 5th, 2011 at ප.ව. 10:43
ස්තූතී ප්‍රතිචාරයට.. ඔයත් ඔන්න ඔහෙ ජනෙල් වහල උබුන්ටු දා ගන්න ආයෙ..
[Reply]
Hasitha Panduwawela Reply:
පෙබරවාරි 5th, 2011 at ප.ව. 10:46
VS වඩකළානම් මෙලහකටත් ජනෙල් වහල
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 5th, 2011 at ප.ව. 11:13
VS ඕන නෑ.. වෙන එකකින් කරන්න
මාර්තු 24th, 2011 at ප.ව. 8:43
උබුන්ටු නම් මතක් කරන්ට එපා!
[Reply]
FlashlK Reply:
මාර්තු 24th, 2011 at ප.ව. 8:56
windowsma hodaaa
[Reply]
අප්‍රේල් 23rd, 2011 at ප.ව. 7:47
Ubuntu is good. But Linux Mint is better than Ubuntu. Try Once. You’ll love it.
[Reply]
අප්‍රේල් 30th, 2011 at ප.ව. 7:03
උබුන්ටු නම් එළම O.s එකක්. මම නම් ජොලියට වගේ ඒක දාගත්තේ. ඒත් නෙට් එකේ වැඩ වලට නම් මල් හතයි. මොකද වයිරස් වලට බය වෙන්න ඕනේ නෑ නේ. ඕකේ ඉන්ටර්ෆේස් එක අපිට ඕන විදියට හදා ගන්නත් පුළුුවන්. ජනෙල් වලට පුරුදු අයට කිසිම තීම් එකක් දාන්නේ නැතුව උබුන්ටු එක ජනෙල් වගේ හදා ගන්නත් පුළුවන්.
[Reply]
ජූනි 11th, 2011 at පෙ.ව. 4:26
mage gawa den thiyenne HP netbook ekak, eka lap ekak wage neme kiyala dannawane,, eke thiyenne windows starter,, ithin mekata mata ubuntu danna puluwanda?puluwan nam dana hati kiyala dennakooo..
[Reply]
අගෝස්තු 23rd, 2011 at පෙ.ව. 5:14
ශා…මල්ලි වගේම උබුන්ටුත් ටිං ටිං ගානවද…
[Reply]