|
අප්‍රේ
29
|
Author: Yohan Kanishka (38 Articles)
ගොඩ දවසකට පස්සෙ ඔන්න ආයෙත් ආව ලිපියක් ලියන්න. මේ වැඩේ මට ගොඩක් ඉස්සර හිතිච්ච දෙයක්. ටෙක්කතා දැක්කට පස්සේ ඒ වැඩේ කරන්නම හිතුන.. දැන් අවුරුද්දකට විතර කලින් තමයි මේක හොයා ගත්තෙ.. ඒ කාලෙ ඉතින් ඒකට උදවු කරපු අයට මුලින්ම ස්තූති කරල ඉන්න ඕන.. ඒ කාලෙ රේඩියෝ එක කරද්ද ඉතින් ටෙස්ටින් වැඩ කලේ සිතිජ ඉම ලියපු සිතිජ මලය.. හැබැයි දැන් නම් ගොඩ දවසකින් දැක්කෙ නෑ. එයාගෙ බ්ලොග් එක වැඩ කරන්නෙත් නෑ.. හරි.. දැන් පටන් ගන්නම් වැඩේ.. මුලින්ම අපිට ඕන කරන ඒව ටිකක් තියනව මේ වැඩේට..
මුලින්ම ඉතින් ඔන කරන්නෙ අවශ්‍යතාවය
ඒක ඉතින් ගොඩක් අයට තියනවනෙ.. මම කියන්නම් කොහොමද කරන්නෙ කියල.. මම මේකට යොදා ගන්නෙ Shout cast winamp plug-in එක.. සමහර විට කට්ටිය දන්නවත් ඇති.. ඒ වගේම මේකට අපිට Winamp මෘදුකාංගයත් ඕන වෙනව. මොක Winamp Plug-in දාන්න Winamp එක ඕන නෙ
දැන් Winamp නැති අය මෙන්න මෙතනින් එක බා ගන්න.. ඒ වගේම Shout Cast Plug-in එකත් මෙන්න මෙතනින් ගන්න.. ඒ වගේම සමහර විට ඔයාල දන්න ඇති Shout Cast එකෙන් Streaming කරන්න Shout Cast Server එකක් ඕන කියල.. ඒකට මුදල් දීල සර්වර් එකක් ගන්න පුලුවන්.. නැත්තම් මෙන්න තියනව නොමිලේ Shout Cast Hosting දෙන සයිට් එකක් ඒකෙ නම තමයි http://freestreamhosting.org මේ සයිට් එකෙන් හොඳ සේවාවක් දෙනව.. සමහර නොමිලේ දෙන ඒව තියනවනෙ ගන්න දෙයක් නැති.. ඒත් ඉතින් මේයාල නම් සේවාව ගොඩක් හොඳට දෙනව. ඔයාල මුලින්ම ඔය සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා Streaming කරන්න අවශ්‍ය කරන Shout Cast Server පහසුකම ලබා ගන්න ඕන. දැන් හොඳ ලමයි වගේ ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ.. සාමාන්‍ය විදියට රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ. මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් කමෙන්ට් එකක් දාල අහන්න..
කලින් මම කීව විදයට පරිගණකයට බා ගත්ත වින්ඇම්ප් එකයි.. Shout Cast Plug-in එකයි දෙකත් පරිගණකයට ස්තාපනය කර ගන්න.. මෘදුකාංග ස්තාපනය කරන හැටි හැමෝම දන්නව කියල හිතනව.. මෙනවද ඉතින් බාපු එක උඩ දෙපාරක් කොටල කියන දේ කරන්න නෙ තියෙන්නෙ. මොකක් හරි අවුලක් නම් කෙලින්ම අහන්න මම ඒක කියල දෙන්නම්. හරි දැන් අපිට ඕන කරන මෘදුකාංගයත් පරිගණකයේ ස්තාපනය කලා.. ඒ වගේම Shout Cast Server එකක රෙජිස්ටර් වෙලා ඒ විස්තරත් තියනව. දැන් බලමු අපි කොහොමද Online Audio Streaming කරන්නෙ කියල.
මුලින්ම පරිගනකයට ස්තාපනය කරපු වින්ඇම්ප් වලට යන්න.. අපිට ඒකෙ Shout Cast Plug-in එක ඇක්ටිව් කර ගන්න ඕන.. ඒකට මෙන්න මෙහෙම කරන්න..
වින්ඇම්ප් උඩ රයිට් ක්ලික් කරන්න >> Options >> Preferences වලට යන්න.. ඒකට ගියම පහත පරිදි පෙනේවි..

ලොකු කරල බලන්න පිංතූරය උඩ කොටන්න
එකෙන් වම් පැත්තෙ තියන මෙනු වලින් DSP/Effect කියන එක සිලෙක්ට් කරන්න.. ඊට පස්සෙ දකුණු පැත්තට එන එකෙන් Nullsoft SHOUTcast Source DSP සිලෙක්ට් කරන්න.. එතකොට අලුත් එකක් ඒවි Shout Cat Source කියල.. අන්න ඒක තමයි අපිට ඕන කරන්නෙ. පහත රූපයෙන් ඒක බලා ගන්න.
අපි දැන් කොහොමද මේ වැඩේ කරන්නෙ කියල බලමු. මුලින්ම ඔයාල http://freestreamhosting.org එකේ රෙජිස්ටර් උනානේ.. දැන් ඒකට ලොගින් වෙන්න ඕන සර්වර් එක ක්‍රියාත්මක කරන්න.. ඒ වගේම Shoutcast Source එකට අවශ්‍ය දත්තයන් තියෙන්නෙත් සයිට් එකට ලොගින් උනාම.. ඒකට ලොගින් උනාම ඔයාලට දකුණු පැත්තෙන් පෙනේවි මේන්න මේ වගේ කොටසක්.. පහත රූපය බලන්න.
ඔයාලට පේනව නේද රතුපාට බෝලයක් වගේ එකක් තියනව ලොගින් උනහම.. ඒකෙන් කියන්නෙ සර්වර් එක තවම ආරම්භ කරල නෑ කියල [Offline] ඒක නිසා එතනම ඉස්සරහින් තියන [Restart] කියන එක ක්ලික් කරල මුලින්ම සර්වර් එක ආරම්භ කරල ඉන්න ඕන.. එතකොට අර රතු පාට බෝලෙ කහ පාට වේවි.. ඒක කොල පාට වෙන්නෙ අපි ගීත හරි මොනව හරි Streaming කරන්න පටන් ගත්තට පස්සෙ. හරි දැන් අපි සර්වර් එකත් ආරම්භ කලා. දැන් අපි බලමු කොහොමද Streaming කරන්නෙ කියල.
ඔයාල Shout cast Source එකේ Output ටැබ් එකට ගියාහ මෙන්න මේ වගේ කොටසක් පෙනේවි.. දැන් ඔය තියෙන්නෙ මගේ එකේ විස්තර ටික.. මෙතන්ට ඔයාල රෙජිස්ටර් වෙලා ලැබිච්ච විස්තර දාල තමයි සර්වර් එක කනෙක්ට් වෙන්න ඕන.. ඔයාලට ඒ විස්තර ටික බලා ගන්න පුලුවන් ඉහත රූපයේ තියෙන් මෙනු එකෙන් Stream settings කියන එකට ගියහම. අන්න ඒ විස්තර ටික අරගෙන් මේකට දාන්න. හරි.. දැන් ඔයාල මේ වැඩෙන් 90% ක් විතර ඉවරයි.
මීලගට ඔයාලට තියෙන්නෙ Encoding හදන්න.. ඒකට ShoutCast Source එකේ Encoder කියන ටැබ් එකට යන්න.. ඒකෙන් රූපයේ පරිදි Encoder Type එක MP3 Encoder තොරන්න.. Encoder Settings එකට ඔයාල කැමති එකක් දෙන්න.. හැබැයි 128kbps වලට වඩා එකක් දෙන්න එපා මොකද සර්වර් එක උපරිම සහය දක්වන්නෙ 128kbps වලට.. ඒ වගේම කියන්න ඕන 128kbps දුන්නම ගොඩක් ඩේට ප්‍රමාණයක් වැය වෙනව.. කනෙක්ෂන් එක හරියට නැත්තම් කැඩි කැඩි වගේ තමයි යන්නෙ.. ඒක නිසා මම නිර්දේෂ කරන්නෙ ඔය රූපයේ තියන විදිය. එතකොට අහන අයටත් පහසුයි.. ඒවගේම ඔයාල Streaming කරද්දි පැයකටම වැය වන්නෙ 13Mb විතර ඒක නිසා unlimited නැති කෙනෙක්ට උනත් මේක කරන්න පුලුවන්.
හරි දැන් ඔක්කොම වැඩ ඉවරයි. දැන් තියෙන්න Output ටැබ් එකේ Connect කියල තියන button එක ක්ලික් කරල කනෙක්ට් වෙන්න.. ඊට පස්සෙ ඔයාල වින්ඇම්ප් එකේ ප්ලේ කරන ගීත Streaming වෙන්න පටන් ගනීවි..
දැන් වැඩ ඔක්කොම ඉවරයි.. දැන් ඉතින් පොඩි ප්‍රචාරයක් දීල වැඩේ කරන්නයි තියෙන්නෙ.. වැඩේ කරද්දි අපිවත් දැනුවත් කරන්නකෝ.. මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් අහන්න.. ඔයාලගේ Online Radio එක හොයා ගන්න බැරි නම් මෙනු එකේ Tune in links & scripts එකට යන්න. එතන ඔක්කොම තියනව.. ඒ වගේම ඔයාලට ඒ ප්ලේයර් එක වෙන පේජ් එකකට උනත් දාන්න පුලුවන්.. ඒ ගැනත් ලියන්න ඕන නම් කමෙන්ට් වලින් කියන්න.. මම ඒකත් ලියන්නම්.. මගේ වැඩ ඉවරයි.. දැන් ඉතින් ඔයාලගෙ වැඩ.. අපිටත් අහන්න දාන්න Online Radio…















අප්‍රේල් 29th, 2011 at ප.ව. 5:45
අඩේ මේක මම දැනන් හිටියෙ නෑ. අපි ගිය අවුරැද්දේ ස්කොලෙට ඔන්ලයින් රේඩියෝ එකක් කලා. අපි පාවිච්චි කරේ Ustream සේවාව.
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 6:01
ඔව් මචං ඒකෙනුත් පුලුවන්.. ඒත් ඉතින් එක ගොඩක්ම තියෙන්නෙ විඩියෝ ස්ට්‍රීම් කරන්නනේ.. මොක උනත් ඒකෙනුත් පුලුවන්.. ස්තූතී ප්‍රතිචාරයට.
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 5:54
හ්ම්ම්ම් අහන තරම් ලේසි නෑ නේ?…
ඔන්න ඔහෙ උඹම කරහන් මචෝ. අපි අහන්න එන්නම්. හැබැයි අනික් අතට ගොඩක් අය කරනකොට දවස ගානෙම අහන්නත් පුලුවන්
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 6:18
දිග ලිපියක් තිබුනට එච්චර අමාරු නෑ බං.. කරල පෙන්නනව නම් 10 min වත් යන්නෙ නෑ.. වැඩේ ලේසි..
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 5:56
නියම ලිපියක්..!! මමත් හැදුවා රේඩියෝ එකක්.. වින් ඈම්ප් වෙනුවට SAM2 Broadcaster කියන ඇප්‍ලිකේෂන් එක පාවිච්චි කරලා..
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 6:25
ඒකෙන් නම් මම කරල නෑ මචං.. වින්ඇම්ප් එකත් ට්‍රයි කරල බලන්න.. ස්තූතී ප්‍රතිචාරයට.
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 7:09
නියමයි. උත්සාහ කරලා බලන්න ඕනෙ
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 7:21
මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් අහන්න.. මම උදවු කරන්නම්
ස්තූතී ප්‍රතිචාරයට.
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 7:30
හප්පා, නියම ලිපියක්. වෙලාවක උත්සහා කරලා බලන්න ඕනා. ස්තූතියි දැනුම බෙදා ගත්තාට.
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:08
වෙලාවක නෙවේ දැන්මම බලන්න
මොකක් හරි අවුලක් ගියොත් අහන්නකෝ..
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 7:34
බලමු ට්‍රයි කරලා…. එත් ඔයාගේ රේඩියෝ එක තමා අපි ආසම එක
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:11
මේ අහිංසක කොලුවට හැමදාම ඕව කරන්න පුලුවන් එකක් යැ
ට්‍රයි කරල හරි යන්නෙ නෑ.. අනිවා කරන්න පුලුවන් වෙන්න ඕන.. මොකක් හරි තියේ නම් අහන්න
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 7:53
මරු වැඩක් කණි, මමත් හැදුවා. පොඩ්ඩක් හිරවෙන ගතියක් තිබුනත් බඩු වැඩ. ස්තූතියි මේක කියලා දුන්නට.
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:13
මචං 24kbps වලින් වගේ streaming කරන්න.. එතකොට එච්චර අවුලක් නැ.. වැඩේ ගොඩ නම් එච්චරයි
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:29
අඩේ මරු ඈ… මමත් ට්‍රයි කොරලා බලන්ට ඕනෙ….
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:45
එළ එළ එකක් හදල අපිවත් දැනුවත් කරන්නකෝ.. අපිත් එනව අහන්න..
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:35
Maru maru. Ela system ekak.
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:45
එහෙම තමා අපි ලීවොත් ඉතින්
ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:36
අයේ මොකටද ….උබගේ රේඩියෝව තමයි අපි අහන්නේ
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 8:47
එහෙම කරන්න එපා ඉතින්
ඔයාලත් පටන් ගන්න බලන්න එකක්
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 9:02
පිස්සුද මන්නම් උත්සාහා කරන්නෙ තියා ලිපිය කියෙව්වෙවත් නෑ. අපිට වෙන රේඩියෝ එපා. උඹේ රේඩියෝව තමයි අපිට ඕන. මන් ආස නෑ රේඩියෝ අධිපති කෙනෙක් වෙන්න. මට ඕන පාඩුවෙ සිංදු ඉල්ලන්න. ඒක නිසා උඹම ඕක කරපන්
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 10:48
එහෙම කියන්න එපා බං ඉතින් මම නිදිමරාගෙන ලියපු එක කියවපං
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 9:12
නියමයි කණී
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 10:48
ස්තූතී මචං.. ට්‍රයි එකක් දාල බලන්න
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 9:55
කාලයක් පිස්සුවෙන් වගේ මේ ගැන තොරතුරු හෙව්වෙ! දැං ඔන්න හම්බඋනා. වෙලාවක් හොයාගෙන ආය උත්සහ කරන්නයි හිතාගෙන ඉන්නෙ
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 10:50
මොකක් හරි තිබුනොත් අහන්න.. මම උදවු කරන්නම්.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
අප්‍රේල් 29th, 2011 at ප.ව. 9:59
මචං කණියා පට්ට ආහ් ඔන්න මමත් ඔන්ලයින් රේඩියෝ ඵකක් හැදුවා.උඹට පිං මචං මාත් සෑහෙන්න කාලයක් තිස්සෙ මේ ගැන හොය හොය හිටියෙ.තැන්ක් යූ වෙරි වෙරි මච්
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 29th, 2011 at ප.ව. 10:58
ස්තූතී මචං ප්‍රතිචායට. වැඩේ ගොඩ නම් එච්චරයි
[Reply]
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 10:26
යේ හැදුවා… හික්ස්
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 10:46
ඔය තියෙන්නේ.. පොඩි ප්‍රචාරයක් දීල වැඩේ කරමු
[Reply]
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 10:47
kaniyooooo podi awulak wahama amathannaaaa
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 10:48
Gtalk එන්නෝ.. නැත්තම් මෙතනම අහන්න..
[Reply]
shanu Reply:
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 10:51
please select your winamp path below path eka select kalama ai install karanna bari
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 10:54
එහෙම වෙන්න විදියක් නම් නෑ.. හාඩ් එකේ ඉඩ එහෙම තියනව නේද ? පාත් එක පෙන්නුවාම එතනට install වෙන්න ඕන..
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 10:55
ow hard eke ida thiyenawa E eka select kale eke folder ekakuth aluthin create kala e unata install wenne nane
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 11:37
දැන් හරි නෙහ්.. වැඩේ දිගටම කරගෙන යන්න
[Reply]
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 11:25
කනියා.. මේ විදියට කරගෙන අපේ රේඩියෝ එක අනිත් අයට අහන්න සලස්වන්නේ ඒ අය දෙන html code එක අපේ බ්ලොග් එකේ දාගෙනද? ඒ cod එකෙ බ්ලොග් එකට දාගත්තම ඇඩ් නේ පෙන්නන්නේ
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 11:41
ඔව් එහෙම කොඩ් එක දාන්න පුලුවන්.. එහෙම නැතත්තම් එයාල දෙන පේජ් එකෙන්න අහන්න දෙන්න පුලුවන් කට්ටියට.. ඒක මෙනු එකේ Tune in links & scripts එකේම ඇති.. එයාලගෙ කෝඩ් එක වෙන සයිට් එකක් දාල කරනව නම් අනිවා ඇඩ් එක දාන්න වෙනව.. නැත්තම් ප්ලේ වෙන්නෙ නෑ.. ඒක අයින් කරන්න විදියකුත් තියනව.. ඒත එයාල මේ දෙන සේවාව හැටියට අපි ඒක අයින් කරන එක හරි නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ.. මොනව උනත් මම ඒ ගැන ඊලඟ ලිපියෙන් ලියන්නම්කො..
[Reply]
අප්‍රේල් 30th, 2011 at පෙ.ව. 11:54
මචන් එළ ලිපියක්. මමත් උබ කියපු විදියට කරලා ජාවා flash player code ටිකත් මගේ බ්ලොග් එකට දාලා සින්දුවකුත් paly කරලා ස්ට්‍රිම් කලා. එත් paler එකේ සටහන්වෙනවා access denid කියලා.මම shout cast accountඑකට ගිහින් restart එබුවම එනවා Your server should now be restarted
If there is a problem please contact the administrator
Click here to go back.කියලා. බටන් එක කහපාටින්මයි ස්ට්‍රිම් කරද්දිත්. මේකට හේතුව මොකක්ද?
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 30th, 2011 at ප.ව. 12:32
ඔව් restart කරාම කහපාටින් තමයි තියෙන්නෙ.. ඒත් Streaming කරද්දි නම් කොලපාට වෙනව.. කොහොම හරි ShoutCast Source එකෙන් කනෙක්ට් උනාම ඒක කොල පාට වෙනව.. වෙන පේජ් එකකට ප්ලේයර් එක දානව නම් ප්ලේයර් එක විතරක් දාල බෑ එයාලගේ ඇඩ් කෝඩ් එකත් දාන්න වෙනව. එතකොට තමයි වැඩ කරන්නෙ.. ඒත් එහෙම උනත් සමහර වෙලාවට ඔය ප්‍රශ්නෙ එනව.. එතකොට හොඳම දේ අහන අයට Flash Player නැතුව Winamp වගේ එකකින් අහන්න කියන එක. ඒක ගොඩක් සාර්ථකයි.
[Reply]
අප්‍රේල් 30th, 2011 at ප.ව. 12:40
එල කිරි වැඩක් නේ
[Reply]
Yohan Kanishka Reply:
මැයි 3rd, 2011 at ප.ව. 5:44
ස්තූතී මචං ප්‍රතිචාරයට.. කරල බලන්න.
[Reply]
මැයි 1st, 2011 at ප.ව. 1:16
එල එල මාත් එකක් හැදුවා..
http://radio.chamiladealwis.com
තාම embed කරන ටික කලේ නෑ.. තව විනාඩි පහකින් විතර බලන්න.
බොහෝම තුති කණියො වැඩේට!
[Reply]
Yohan Kanishka Reply:
මැයි 3rd, 2011 at ප.ව. 5:44
එළ මචං..
ස්තූතී ප්‍රතිචාරයට..
[Reply]
මැයි 1st, 2011 at ප.ව. 2:00
වැඩේ කරල බලන්න උත්සාහ ගනිමින් සිටිමි..රිසාල්ට් පසුව කියමි
[Reply]
Yohan Kanishka Reply:
මැයි 3rd, 2011 at ප.ව. 5:45
හදල ඉවර වෙලා අපිටත් කියන්නකෝ.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
මැයි 1st, 2011 at ප.ව. 7:27
හික්ස් සිරාවට ඉස්සර ඔය පොඩි පොඩි සයිට් හදපු කාලේ රේඩියෝ එකක් කරනවා කියන්නේ හෙන ප්‍රශ්නයක් වෙලා තියෙබ්බේ, ඒ කාලේ අහන කෙනෙක් කියන්නෙත් නෑ :\
කොහොම හරි අමාරුවෙන් අල්ලගෙන අන්තිමේ ඉස්කෝලෙක රේඩියෝ එකකුත් ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න හදලා දුන්නා
හොද ලිපියක් වැදගත් වෙයි ඉස්සරහට එන්න ඉන්න සෙට් එකට
[Reply]
Yohan Kanishka Reply:
මැයි 3rd, 2011 at ප.ව. 5:47
“ඒ කාලේ අහන කෙනෙක් කියන්නෙත් නෑ :\” ඔන්න ඔය ලෙඩේ නම් ගොඩක් අයට තියනව බං.. කරන්න දෙයක් නෑ.. එයාලගෙ හැටිනෙ.. ඒත් සිංහල බ්ලොග් ලියන සෙට් එකේ නම් කට්ටියම දන්න දේවල් කියා දෙනව.. දන්නැති දෙයක් පොඩි එක්කෙනෙක් ගෙන් හරි ඉගන ගන්නව.. ඒ අතින් බලපුවාම ඒ ගැන සතුටුයි
ස්තූතී ප්‍රතිචාරයට..
[Reply]
මැයි 1st, 2011 at ප.ව. 7:31
මම ලිපිය කියෙව්වා යාලුවා.පස්සේ වෙලාවක තමයි කරන්න වෙන්නේ මොකද මගේ සවුන්ඩ් කාඩ් එකේ අවුලක්.අලුත් එකක් ගන්න ඕනේ.ලිපිය ගොඩක් වටිනවා.ස්තුතියි.
[Reply]
Yohan Kanishka Reply:
මැයි 3rd, 2011 at ප.ව. 5:48
අවුලක් නෑ මචං.. ට්‍රයි කරල බලන්න.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
මැයි 3rd, 2011 at ප.ව. 12:15
මමත් හදන්න ඕනේ….ඔක්කොම අත ඇරලා රේඩියෝ එකක්
[Reply]
Yohan Kanishka Reply:
මැයි 3rd, 2011 at ප.ව. 5:49
අන්න අක්කේ.. හදමු හදමු.. හදල අපිටත් කියන්ඩ.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
මැයි 4th, 2011 at පෙ.ව. 7:09
mata thiyenne dialog dongle 1k eke masa anthima wenakota speed 1ka 125kbps me speed 1ken karanna puluwan wewida
[Reply]
Yohan Kanishka Reply:
මැයි 4th, 2011 at ප.ව. 10:04
ඔව්.. මම හිතන විදියට නම් වැඩ කරන්න ඕන.. 24kbps වලින් නේ Streaming කරන්නේ.. හැබැයි ඒ වෙලාවට වෙන වැඩ කරන්නෙ නැතිව පොඩ්ඩක් බලන්න වෙනව.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
මැයි 4th, 2011 at පෙ.ව. 9:13
මරු කණි මල්ලි.. මාත් එක්ක හදන්න ට්‍රයි එකක් දෙනවා…
[Reply]
Yohan Kanishka Reply:
මැයි 4th, 2011 at ප.ව. 10:05
ස්තූතී අයියේ ප්‍රතිචාරයට.. ට්‍රයි කරල බලන්න
[Reply]
මැයි 4th, 2011 at ප.ව. 4:31
බස් රේඩියෝවේ පියාණෙනි.. බොහෝ ස්තූතියි….!!
ජය වේවා..!!
[Reply]
Yohan Kanishka Reply:
මැයි 4th, 2011 at ප.ව. 10:06
අඩේ බං මම එහෙම එකෙක් නෙවේ.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
මැයි 4th, 2011 at ප.ව. 10:19
ඊලඟ ආත්මේ මහරාජා වේවා…!!!
[Reply]
Yohan Kanishka Reply:
මැයි 4th, 2011 at ප.ව. 10:35
අම්මෝ.. එහෙම නම් වෙන්න එපා.. සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්න එක ඔයිට සැපයි.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
මැයි 5th, 2011 at ප.ව. 4:10
Shout Cast Server මේක ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැනේ අයියා
[Reply]
මැයි 5th, 2011 at ප.ව. 5:27
.නියමයි…මාත් හැදුවා…ස්තුතියි අයියේ මෙහෙම දෙයක් කියල දුන්නට
[Reply]
Yohan Kanishka Reply:
මැයි 6th, 2011 at පෙ.ව. 1:26
වැඩේ ගොඩ නම් එච්චරයි.. ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
මැයි 5th, 2011 at ප.ව. 8:18
මං හිතන්නේ මාත් හැදුවා වගේ..තැන්කූ කණී…
[Reply]
Yohan Kanishka Reply:
මැයි 6th, 2011 at පෙ.ව. 1:27
හිතන්නෙ මොනවයි..
අනිවා හදන්න ඇති.. ස්තූතියි අය්යේ ප්‍රතිචාරයට
[Reply]
මැයි 7th, 2011 at පෙ.ව. 2:59
මමත් ඔක්කොම වැඩේ කෙරුව ඒත් access danied කියල වැටෙනව මොකද ඒ….?
[Reply]
මැයි 7th, 2011 at පෙ.ව. 7:57
access denied
කියල එනවනෙ..
[Reply]
මැයි 8th, 2011 at ප.ව. 3:24
access denied
කියල එනවනෙ..
මොකක්ද කොරන්නෙ.?
[Reply]
මැයි 8th, 2011 at ප.ව. 8:17
@anil and @දිමා
ඔයාල ප්ලේයර් එක වෙන පේජ් එකකට දාලද එහෙම උනේ.. පොඩ්ඩක් පැහැදිලිව කියන්න. ෆෑලෑෂ් ප්ලේයර් වැඩ නැත්තම් අහන අයට වින්ඇම්ප් එකෙන් ට්‍රයි කරල බලන්න කියන්න.
[Reply]
මැයි 17th, 2011 at ප.ව. 4:22
මාර වැඩේ YFM කියලා නම දාන්න වෙන්නේ නෑ YKFM කියලා තමා දාන්න වෙන්නේ. එලකිරි දිගටම ලියන්න පෙබරවාරි වලට පස්සේ අප්‍රේල් නෙමේ තියෙන්නේ අයියේ
[Reply]
Yohan Kanishka Reply:
මැයි 20th, 2011 at පෙ.ව. 12:17
ස්තූතී ප්‍රතිචාරයට
[Reply]
මැයි 20th, 2011 at ප.ව. 10:30
මචා මේක හැදුවා කියමුකෝ.. කොහොමද අනිත් අයට අපේ ලින්ක් එකක් දෙන්නේ .. මේ වැඩේ Start කරලා Playlist එක save කරලා ඒකද දෙන්න ඕන… ??
මම අත්හදා බැලුවා එළට වැඩ කලා…
[Reply]
Yohan Kanishka Reply:
මැයි 24th, 2011 at ප.ව. 4:47
නැහැ. ඔයා රේඩියෝව හැදුවහම ඔයාගෙ ප්ලේයර් එක තියන පේජ් එකක් දෙනව.. අන්න ඒක දුන්නා නම් හරි.
[Reply]
මැයි 23rd, 2011 at ප.ව. 6:26
Can’t we live talk on the show??? do u have settings for that?
[Reply]
Yohan Kanishka Reply:
මැයි 24th, 2011 at ප.ව. 4:52
පුලුවන්. ඒත් එක්කෝ සිංදු.. නැතිනම් සජීවීව කතා කරන ඒව. ඒ කීවෙ එක පාර පුලුවන් එක දෙයයි. එහෙම නැතිනම් Audio Mixer එකක් වගේ පාවිච්චි කරල වැඩේ කරන්න පුලුවන්.. නැති නම් Virtual Dj එක පාවිච්චි කරලත් පුලුවන්.. මම ඒක ට්‍රයි කලා ඒත මා ගාව තියන Vdj එකේ මොකක් හරි අවුලක් නිසා Error එකක් එනවා.. තව එකක් හොයා ගෙන බලන්න ඕන
මෙන්න මේකෙ තියනව කොහොමද Vdj එකෙන් කරන්නෙ කියල.. උත්සහ කරල ප්‍රතිඵල අපිටත් කියන්න.. http://howto.slserver.com/?cat=17
[Reply]
මැයි 26th, 2011 at ප.ව. 9:06
බොහොම වටින ලිපියක් ….
කරලා බැලුවා
නියමෙට වැඩ
[Reply]
Yohan Kanishka Reply:
ජූනි 21st, 2011 at පෙ.ව. 3:10
ස්තූතී වැප් ප්‍රතිචාරයට!
[Reply]
මැයි 27th, 2011 at ප.ව. 5:59
Wade ela. Math ekak heduwa
http://www.dcsoft.tk
Oyage blog ekata jaya weva
[Reply]
Yohan Kanishka Reply:
ජූනි 21st, 2011 at පෙ.ව. 3:11
නියමයි! ස්තූතී මචං ප්‍රතිචාරයට
[Reply]
මැයි 28th, 2011 at පෙ.ව. 9:46
වැඩේ නම් එල බන්. උබල හදහන් මාත් අහන්නම්..
[Reply]
Yohan Kanishka Reply:
ජූනි 21st, 2011 at පෙ.ව. 3:13
ස්තූතී මචං!
[Reply]
ජූනි 2nd, 2011 at ප.ව. 8:38
නියමයි මචං…තැන්ක්‍යූ
[Reply]
ජූනි 5th, 2011 at පෙ.ව. 2:14
ela BN thanks…
[Reply]
Yohan Kanishka Reply:
ජූනි 21st, 2011 at පෙ.ව. 3:13
ස්තූතී ප්‍රතිචාරයට!
[Reply]
ජූනි 13th, 2011 at ප.ව. 10:46
machan, math haduwa radio ekak den, eth eka koheda thiyenne kiyala hoya ganna bane, lajjai seen ekata,,mama sindu tikak winamp eke dala den play wenawa, eth me uba kiyala menu eke thiyena tune in links and scripts eka hoya gannath be ban. meka wena ayata me radio eka dena widiyath thama meter wune na, meke nama mata ona ekak dannath puluwanda? plz machan kiyala deepan,
[Reply]
mahesh Reply:
ජූනි 13th, 2011 at ප.ව. 11:16
hari machan,, e link eka hoya gatta :p mata me radio eke nama wenas karaganna hati kiyapankoo
[Reply]
Yohan Kanishka Reply:
ජූනි 21st, 2011 at පෙ.ව. 3:14
මචං, නම කීවේ ඩොමේයින් එකද ? මට ඒක හරියටම පැහැදිලි මදි උත්තරයක් දෙන්න. මොනව උනත් ස්තූතී ප්‍රතිචාරයට!
[Reply]
Sajith Reply:
පෙබරවාරි 21st, 2012 at පෙ.ව. 9:11
ඕක කරගන්න පුලුවන් winamp එකේ shoutcast plugin එකේ Output tab එක යටතේ තියෙන Yellow Pages tab එකෙන් කැමති නමක් දාගන්න පුලුවන්..
අගෝස්තු 17th, 2011 at ප.ව. 9:11
මල්ලි නියමයිනේ වැඩේ …වටින ලිපියක් මටනම්
[Reply]
සැප්තැම්බර් 4th, 2011 at පෙ.ව. 7:17
niyamai
[Reply]
සැප්තැම්බර් 4th, 2011 at පෙ.ව. 9:09
haduwanam thamai ahanne kohomada wnamp eke mage radio eka hoyaganne kohomada
[Reply]
ඔක්තෝබර් 25th, 2011 at ප.ව. 3:52
onna okkoma weda peththakata daala maath heduwa online radio ekak… thankz ayye…
[Reply]
ජනවාරි 22nd, 2012 at පෙ.ව. 7:38
streaming site eke register wenna bane…. error ekak enawa..help…
[Reply]
Yohan Kanishka Reply:
ජනවාරි 22nd, 2012 at පෙ.ව. 11:08
Gateway Timeout කියල නේද එන්නෙ ? පේන විදියට එයාලගෙ සර්වර් වල අවුලක්.. අන්තිමටම http://s6.myradiostream.com/?page=signup ඔය වගේ ලින්ක් එකකට ගිහින් නේ ඔය error එක එන්නේ.. එතකොට පොඩ්ඩක් ඇඩ්රස් එකේ s6 කියල තියන එක වෙනස් කරල රීලෝඩ් කරන්න.. ඒ කීවේ ඔයාට ඇඩ්රස්එක ඇවිත් ඇත්තේ s අකුරත් එක්ක මොකක් හරි ඉලක්කමක්.. ඒ ඉලක්කම මාරු කරල බලන්න.. මොකද එයාලගේ සර්වර් කිහිපයක්ම තියනවා.. s1, s2, s3, s4, s5, s6, s7, s8 වගේ කිහිපයක්ම තියනවා.. ට්‍රයි එකක් දෙන්න
[Reply]
harsha Reply:
ජනවාරි 24th, 2012 at ප.ව. 8:44
හරි මම ට්‍රයි 1ක් දුන්න… වැඩේ කරගත්ත … ඒත් ලින්ක් එක යාළුවන්ට දුන්න අහන්න කියල… ගොඩක් වෙලාවට page 1 load වෙන් නැලු…server අවුලක් නම් ටික දවසකින් හරි යයිනෙ… ගොඩක් ස්තූතියි යාළුව
[Reply]
පෙබරවාරි 10th, 2012 at ප.ව. 9:32
මචෝ මේකේ පොඩි අවුලක් ප්‍රශ්නයක් අපි අපේ රේඩිඕ එක අහන්නේ කොහොමද ? ඒ එක්කම අපි ට පුළුවන් ද සජීව විකාශ කරන්න එකිවේ මයික් එකකින් ……….පිළිතුරක් ඔනමයි
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 10th, 2012 at ප.ව. 9:53
මචං, ඔය සයිට් එකට ලොග් උනාම “Tune in links & scripts” කියල පේජ් එකක් ඇති ඒකට ගියාම ඔක්කොම දේවල් තියනවා.
ඔව් සජීව විකාශ කරන්න පුලුවන්.. ඒත් දැන් මේ මම කියල තියන Winamp එකෙන් නම් මයික් එක සහ ගීතය යන දෙකම එකපාර යොදාගෙන කරන්න පහසුකම නෑ ඒකට වෙනම මෘදුකාංගයක් භාවිතා කරන්න වෙනවා. “SAM broadcaster” කියන්නෙ ඒ වගේ මෘදුකාංඟයක්. හැබැයි නොමිලේ දෙන එකක් නම් නෙවෙයි. එහෙම නැත්තම් ඔයාට පිටින් මික්සර් එකක් වගේ සෙට් කරගෙන winamp එක හරහාත් දෙන්න පුලුවන්.
[Reply]
පෙබරවාරි 10th, 2012 at ප.ව. 10:49
බොහොම ස්තුතියි මම හිතුවේ නැ මෙච්චර ඉක්මනට ප්‍රතිචාර දක්වයි කියලා හිතුවේ නැ බොහොම ස්තුතියි
*මයික් එක හා ගීතය එකපාර දෙන්ඩ බැරිවුනාට .වෙන වෙනම පුළුවන් නේද ඒ කිවේ දැන් අපි හිතමු සින්දුවක් තියනවා ඒ සින්දුව පොඩ්ඩක් විස්තර කරන්න එහෙම පුලුවන්ද එකිවේ මුලින් සින්දුව පැහැදිලි කරලා ඊට පස්සේ සින්දුව දාවනය කරන්ඩ පුළුවන් ද ? ඔය ජෙට් ඔඩ්ඕ එකෙන් අපි සාමාන්‍ය විදිහටම මයික් එක පාවිච්චි කරන්න පුලුවන්ද ?එකත් කියන්ඩ
ස්තුතියි
[Reply]
පෙබරවාරි 11th, 2012 at පෙ.ව. 12:16
තව අවුලක් මේකේ රෙජිස්ටෙර් වෙන්ඩ connect වෙන්ඩ සැහෙන වෙලාවක් යනවනේ
[Reply]
Yohan Kanishka Reply:
පෙබරවාරි 13th, 2012 at ප.ව. 1:28
ඔව් එහෙම වෙන වෙනම කරන්න පුලුවන්. ඒත් මට මතක විදියට මයික් එකයි සිංදුවක් මාරු කරද්දි පොඩි අවුලක් යනවා.. කරලා බලන්න. පුලුවන් නම් SAM broadcaster වගේ එකක් හොයාගෙන කරන්න.
සයිට් එකටන් connect වෙන්න වෙලා යන්නේ ඒ සර්වර් වල මොකක් හරි අවුලක්.. මම මේ පෝස්ට් එක ලියන දවස් වල නම් එච්චර අවුලක් තිබුනේ නෑ.. නොමිලේ දෙන ඒවනේ ගනන් ගන්න එපා
[Reply]
මාර්තු 4th, 2012 at පෙ.ව. 10:55
අයියේ මමත් වැඩේ කරන්න හැදුවා එත් ඔයා කියපු වෙබ් සයිට් එක රේජිස්ටර් වෙන්න දෙන්නේ නෑ.. අපිට එක වේනුවට අපි ගාව තියෙන හොස්ට් එකක පාවිචි කරන්න බැරි වේයිද? අනික් කාරනය තමා අපි රේඩියෝ එක වැඩ කරන්න නම් අපේ ලයින් එක අනිවාරයෙන් ඔන් එකේ හා කොම්පියුටර් එක ඔන් එකේ තියන්න නම ඔනනේ.. එහෙම නැතුව මෙක ඔටෝ ප්ලේ වෙන විදිහට හදන්න බැරිද? මේ ප්‍රස්න වලටනම් ඉක්මනට උත්තර ඔනේ අයියේ.. අනෙ කරුනාකරලා
අර ඔයා කියපු S එක F බාගන්න පුලුවන් මේ ලින්ක් එකෙන්…. සිරියල් නම්බර් එකත් මම පහල දාලා තියෙනවා…
http://download.spacial.com/download/sambc-fb.exe
G24YQ-G7Y2T-ED7A8-W693J-RWMNZ
[Reply]
Yohan Kanishka Reply:
මාර්තු 4th, 2012 at ප.ව. 6:05
එහෙම කරනව නම් ඔයාට Shoutcast Streaming Server එකක් ගන්න වෙනවා. සාමාන්‍ය Hosting එකකින් නම් කරන්න බෑ.
AutoDj පහසුකම එක්ක Shoutcast Streaming Server එකක් ගත්තොත් නම් auto සිංදු ප්ලේවෙන්න හදන්න පුලුවන් සිංදු ටික සර්වර් එකට upload කරලා.
[Reply]
මාර්තු 4th, 2012 at පෙ.ව. 10:56
sam2broadcasteer eke haridha
[Reply]
මාර්තු 24th, 2012 at ප.ව. 8:54
නියමයි කියලා වැඩක් නෑ
Ela Ela mata mail karanna please
[Reply]
අප්‍රේල් 6th, 2012 at පෙ.ව. 12:21
මට http://freestreamhosting.org මේකෙ රෙජිස්ටර් වෙන්න බෑනෙ.. මොකද කරන්න ඕනෙ ඒකට? වෙන Free Hosting දෙන හොඳ සයිට් එකක් නැද්ද අයියා… මම ගොඩක් හොයපු දෙයක් හම්බ උනේ… ලිපිය ගැන කිව්වෙ.. ඒත් කරගන්න පැරි උන එක ගැන දුකයි. හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් වේවි… ස්තූතියි..!!
[Reply]
Yohan Kanishka Reply:
අප්‍රේල් 6th, 2012 at පෙ.ව. 12:38
මමත් දැන් බැලුවා රෙජිස්ටර් වෙන්න දෙන්නෙ නෑ තමයි.. නොමිලේ දෙන ඒවනේ.. ඔහොම තමයි ඉතින්. මට නං හැබැයි නොමිලේ දෙන වෙන එකක් හම්බෙලා නැහැ. නැත්තම් පොඩි ගානක් වියඳම් කරලා Shoutcast සර්වර් එකක් අරන් කරන්න පුලුවන්.
[Reply]
අප්‍රේල් 29th, 2012 at ප.ව. 10:30
machan plase send me ur email addres for discussion
[Reply]
ජූනි 6th, 2012 at ප.ව. 6:29
Free hosting nemei machan.. enna kamathi ekkenek.. mama kamathi mage radio eke programme ekak kranna denna..
plzzz email..elanee machan..
softzonekalutara@gmail.com
or dilranga@ymail.com
[Reply]
අගෝස්තු 21st, 2012 at ප.ව. 12:46
ඕක කරා වගේ නෙවෙයිනේ යාලුවා data ටික ඉවර වෙන්න ගත්තම. කොහොමද data කැපෙන්නේ.
[Reply]
Yohan Kanishka Reply:
අගෝස්තු 21st, 2012 at ප.ව. 12:59
එච්චර යන්නෙ නෑ මචං. 24kbps වලින් stream කලොත් කොච්චර යනවද කියලා ගාන හදල බලන්න
[Reply]
සැප්තැම්බර් 13th, 2012 at පෙ.ව. 2:31
Shoutcast සර්වර් එකක් අඩුවට ගන්නපුලුවන් කොහෙන්ද?
එළ පොස්ට් එක
[Reply]
Yohan Kanishka Reply:
සැප්තැම්බර් 13th, 2012 at පෙ.ව. 9:45
මේක පොඩ්ඩක් බලන්න. http://voscast.com/ මම මාසයක් විතර පාවිච්චි කරලා තියනවා පොඩි ටෙස්ටින් වැඩ වගයකට. ප්‍රශ්නයක් නම් ආවේ නෑ.
[Reply]
ජනවාරි 29th, 2013 at ප.ව. 10:29
බොහෝම ස්තූතියි කනිශ්ක. මම වැඩේ කරගෙන යනව දැන්. තාමත් මම මේක අත්හදා බලමින් ඉන්නේ. මට ප්‍රස්න 2 අවා.
01 මේකේ පේලේයර් එකක් මම http://yaathraradio.blogspot.com/ එකට දැම්මා ඒත් වැඩ කරන්නේ නැහැ. ඒ අතරෙම මේ http://myradiostream.com/yaathra එකෙන් එක 1 සැරයක් play කලොත් එතන ඉදලා යාත්‍රා blog එකේ playerඑකත් වැඩ. නමුත් එකපාරටම යාත්‍රා blog එකෙන් රේඩියෝ එක අහන්න බැහැ.
02 මම PCඑක ඔන් කරගෙන මෙක ඔන් ලයින් ඉන්නකම් විතරයි යලුවන්ට රේඩියෝ එක අහන්න පුළුවන්. නොමිලේ දෙන සර්වර් නැත්ද අපේ සින්දු Progrmme කරල play කරන්න පුළුවන්.
03 මම SAM Broadcaster LITE එකෙනුත් මේ වැඩේ කරන්න හැදුවා. ඒත් දැන් එක වැඩ කරන්නේ නැහැ. ඔයා දන්න ඒ වගේ සොෆ්ටයාර් තව තියෙනවද? ..
දැනට එච්චරයි. කොහොම වුනත් ඔයගේ මේ ලිපිය මට ගොඩක් වැදගත් වුනා. මම මේකෙන් ගොඩක් දේවල් කරන්න හිතගෙන ඉන්නේ. ඔයගේ දැනුම දුන්නට ස්තූතියි.
[Reply]
Yohan Kanishka Reply:
ජනවාරි 29th, 2013 at ප.ව. 11:12
01. ඔව් player එක වෙනත් තැනක දානවා නම් එයාල දෙන ඇඩ් කෝඩ් එකත් දාන්න ඕන. එතකොට blog එකේ player එකත් වැඩ කරාවි.
02. නොමිලේ දෙන සර්වර් එකක් නම් මට තවම හමුවෙලා නෑ Auto Dj තියෙන. ඒකට නම් මුදල් ගෙවා එකක් ගන්න වේවි.
03. SAM broadcaster එකත් එක්ක වැඩ කරන්න ඕන පොතේ හැටියට. හැබැයි මම ගොඩ දවසකින් බැලුවෙ නම් නෑ. virtual dj එකෙනුත් shoutcast server වලට connect වෙන්න පුලුවන්
[Reply]
Chamara Reply:
පෙබරවාරි 19th, 2013 at ප.ව. 11:18
මාර වැඩේනෙ කනී … එයාලගේ ඇඩ් කෝඩ් එක පෙන්නන්නේ නැහනේ. පොඩ්ඩක් බලල කියන්න පුළුවන්ද?
[Reply]
අප්‍රේල් 16th, 2013 at ප.ව. 10:55
oya radio boss eka dannawada aiye??????
oya mokakda use karana streeming Soft eka?????
[Reply]
අප්‍රේල් 25th, 2013 at පෙ.ව. 6:36
mcn oya widihata radio akak haduwama aka onama kenekta aka ahanda puluwanda online?
[Reply]
මැයි 10th, 2013 at ප.ව. 1:38
machan mamath heduva mata kiyala denna puluvanda mage blog ekata player eka daganne kohomada kiyala
[Reply]