ඔයාල හැමෝටම මතකයිනෙ මම කලින් WordPress වලින් blog එකක් හදමු – පළමු කොටස ලිපියක් ලීව.. ඔන්න දැන් ඒකෙ දෙවනි කොටස ඉදිරිපත් කරන්න තමයි යන්නෙ.. මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව ලිපිය ලියන්න පරක්කු වෙච්ච එක ගැන.. හරි.. කවුරැ හරි කෙනෙක් පළමු ලිපිය කියෙවුවෙ නැත්තම් මෙන්න මෙතනින් ඒක කියවල එන්න. හරි වැඩි කථා නැතිව මම වැඩේ කියන්නම්.. අද මම කියන්න යන්නෙ වෙබ් සර්වර් එකක් අපේ පරිගණකයේ පිහිටුවා ගන්නෙ කොහොමද කියල..
Continue reading »
Popularity: 47% [?]
written by Yohan Kanishka
\\ tags: Tips, Tricks, Tutorials, WAMP server, පරිගණක පාඩම්, වර්ඩ්ප්‍රෙස්, වෙබ් අඩවි නිර්මාණය, වෙබ් අඩවි නිරිමාණය, සිංහලෙන් සරළව

ඔන්න මම අද ලියන්න හදන දේ නම් ගොඩක් අයට වැදගත් වේවි කියල හිතනව.. ඔයාලට හෙඩිම පේනවනෙ.. ඒකෙ තියන විදියට මම අද කියන්න හදන්නෙ WordPress භාවිතා කරල blog එකක් සාදා ගන්නා ආකාරය.. මේක මට ලියන්න හිතුනෙ ගොඩක් යාළුවො මගෙන් ඇහුව කොහොමද හදන්නෙ කියල.. තව සමහරැ කීව අනේ මට ඔය බ්ලොග් කියන ඒව තේරෙන්න නැහැ කියල.. හැමෝටම දැන ගන්න මම අද ලියන්නම් WordPress වලින් blog එකක් හදන හැටි..
Continue reading »
Popularity: 51% [?]
written by Yohan Kanishka
\\ tags: blog, localhost, Wordpress, wordpress සිංහල සංස්කරණය, අඩවි නිර්මාණ, බ්ලොග්කරණ මෘදුකාංගය
ඔන්න 2009 වසර අවසාන වෙලා 2010 වසරත් ආව.. කොහොමද ඉතින්.. ලැබුවා වු නව වසර සියළු දෙනාට සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියළු කරන කියන, සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. කවුරැ මොනව කීවත් හැමෝගෙම පොදු අපේක්ෂාව සතුටින් ඉන්න එකනෙ.. ඒක ඉතින් එසේම වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..
Continue reading »
Popularity: 15% [?]
written by Yohan Kanishka
\\ tags: 2010, නව වසර, සුභ නව වසරක්, සුභම සුභ නව වසරක් වේවා
ඔන්න ඉතින් ගොඩ දවසකින් ලිපයක් දානව.. පහුගිය ටිකේ මගේ බ්ලොග් එක වැඩ කරෙත් නැ.. ඔන්න දැන් නම් ඒක හරි.. දැන් කිසි අවුලක් නැතිව වැඩ.. වෙනද වගේම ගොඩක් අයට වටින ලිපියක් අදත් අරන් ආව..
ඔන්න අද මම කියන්න යන්නෙ ftp කියන්නෙ මොකක්ද කියල.. සමහර විට ගොඩක් අය මේ ගැන දන්නව ඇති සමහර විට දන්නෙ නැතිවත් ඇති.. සේරටම දැනගන්න මම අද ඒ ගැන ලියන්න කියල හිතුන. ලිපිය අවසානයේ ඔයාලට ගොඩක් දේවල් දැනගන්න ලැබේවි මේ සම්බන්ඳව.. සමහර විට ඔයාල අහල ඇති නේද ඔය සමහර අය කියනව ftp වලින් ඩවුන්ලෝඩ් කරනව.. අනං මනං කියල.. සමහර විට Download accelerator ( DAP ) භාවිතා කරන අයත් දැකල ඇති ඒකෙත් ftp ලොගින් එකක් තියනව.. හරි අපි බලමු මොකක්ද මේ ftp කියන්නෙ කියල.
Continue reading »
Popularity: 25% [?]
written by Yohan Kanishka
අම්මෝ.. ගොඩ කාලෙකින් බ්ලොග් එකට ගඩෙ වෙන්න පුළුවන් උනා… එක එක විකාර වෙලා තිබුනෙ.. මොකද මම මගේ බ්ලොග් එක තිබුන server එක මාරැ කරා.. තව තිබුන ඩොමේන් එක මාරැ කරා.. ඒ සේරම හරි.. දැන් තියෙන්නෙ http://blog.ykani.info කියල නෙව.. ඩොමේන් එක මාරැ කරාට මොකෝ මට පාලක පුවරැවට වත් එන්ඩ බැරිව හිටිය.. ඔයාල හැමෝම දන්නවනෙ මම මොබිටෙල් කියල.. මගේ දැනුම හැටියට මොබිටෙල් වල DNS server එකේ අවුලක්.. මම ඩොමේන් එකේ DNS update කලාට ඒක මොබිටෙල් DNS server එකේ update වෙන්නෙ නැ.. ඒකෙන් කොහොම හරි මට බ්ලොග් ලියන් එකත් එපා උනා.. ඒත් ඉතින් එහෙම කොහොමද බ්ලොග් ලියන එක නම් කවදාවත් නවත්තන්නෙ නැ.. කොහොම හරි ලිපියක් ලියනව.. කොහොම හරි මම හිතන විදියට මගේ බ්ලොග් එක මොබිටෙල් පාරිබෝගිකයන්ට බලන්ඩ වෙන්නෙ නැ.. සමහර වෙලාවට විතරක් වැඩ.. මොබිටෙල් එකේ අළුත් DNS එකයි පරන cach එකයි මාරැ වෙවීද මන්ද වැඩ කරන්නෙ.. හැබැයි.. මේ අවුල මම අපේ ඉන්ද්‍රනාම අයියත් එක්කත් කථා කලා.. ඔන්න එතකොට තමා මට OpenDNS ගැන මතක් උනේ.. එහෙම එකක් තිබුන කියල දැනගෙන හිටියට මෙච්චර කාලෙකට ඔන වෙලා තිබුනෙ නැහැ නෙව.. වැඩක් නැති නිසා ඒ කාලෙ පාවිච්චි කරල බලන්ඩ ගියෙත් නැ.. ඒක මට ඉන්ද්‍රනාම අයිය මතක් කරපු නිසා ඔන්න මට බ්ලොග් පෝස්ට් එකක් දාන්න පුළුවන් උනා… OpenDNS දා ගත්තට පස්සෙ ඔන්න මට බ්ලොග් එක දිහා එන්න පුළුවන් උනා.. ඉන්ද්‍රනාම අයියට ගොඩක් ස්තූති.. කොහොම හරි මේ පොස්ට් එක සින්ඩියට යන්නෙත් නැ.. මොකෝ මම ඩොමේන් එක මාරැ කරානෙ.. මම කාලිංග අයියට email එකකුත් යැවුව ඩොමේන් එක මාරැ කරා ඒක වෙනස් කරල දෙන්න කියල.. ඒත තාම ඒක මාරැ වෙලා නැ.. සමහර විට එයත් මොබිටෙල් පාවිච්චි කරනවද දන්නෙ නැ… එහෙමනම් බ්ලොග් එක පේන්නෙ නැහැනෙ… ආපහු සැරයක් කියල බලන්න ඕන.. ඔන්න මොබිටෙල් පාරිබෝගිකයන් OpenDNS දා ගත්තොත් හොඳයි නේද…
Popularity: 10% [?]
written by Yohan Kanishka
\\ tags: OpenDNS, අලුත් ඩොමේන් එක, මොබිටෙල්, මොබිටෙල් DNS server අවුලක්ද
වැඩිපුරම අදහස් ඈති