මාර්තු 18

Wordpress වලින් blog එකක් හදමු  අවසන් කොටස අද මම ඉදිරිපත් කරනව.. මුලින්ම කියන්න ඕන මේ කොටසෙ භාගයක් විතර ලියල ටික දවසක්ම Drafts වල තිබන.. අද තමයි සම්පුර්ණ කරල ප්‍රකාශයට පත් කරන්න පුළුවන් උනේ.. සිදු වූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනව.. icon smile  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස

හරි ඔයාල හැමෝම මේ ලිපි පෙලේ පළමු කොටස, දෙවන කො‍ටස සහ තෙවන කොටස යන ලිපි තුනම හොඳින් පරිහරණය කරල දැනුමක් ලබාගෙන ඇති.. කවුරැ හරි ඒව බැලුවෙ නැත්තම් මුලින්ම ඒ ලිපි බලල එන්න.. ඒක පහසුවක් වේවි.. මොකද ඒ ලිපි වල මුලික දැනුමක් දීල තියනව.. අද ඒ සියල්ල භාවිතයෙන් අපි Wordpress වලින් බ්ලොග් එකක් හදමු…

මගේ පළමු ලිපියෙන් සඳහන් වෙච්ච විදියට ඔයාල Wordpress ( සිංහල සංස්කරණය ) ඔයාලගෙ පරිගණකයට භාගත කරගන්න ඇති.. හරි ඔන්න මමත් දැන් නවතම සංස්කරණය පරිගණකයට භාගත කරගත්ත. wp  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස ඔයාල හැමේටම පේනවනෙ ඒක zip කරල තියෙන්නෙ.. ඒක unzip කරල කරල අපි වැඩේ පටාන් ගමු. icon smile  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස   ඔයාලට මතක ඇති මම තෙවන කොටසෙ කියල තියනව අපේ Files කොහාටද දාන්න ඕන කියල.. ඔන්න ඒ නිසා මම Wamp server එක ස්ථාපනය කරපු තැන www කියන Folder එක ඇතුලෙ මම හදා ගන්නව wordpress_test කියල Folder එකක්.. ඒකට තමයි අපේ අඩවිය මම දාන්නෙ.. එතකොට ඒ අඩවියට ලිපිනය වෙන්නෙ http://localhost/wordpress_test/ කියන එක. ඔයාලත් ඒ වගේ wordpress_test කියල Folder එකක් හදල අර අපි භාගත්ත wordpress එක unzip කරල ඒක ඇතුලෙ තියන Files ටික මේ Folder එකට දාන්න..

Continue reading »

Popularity: 70% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , , , , , , , ,

පෙබ 15

ඔන්න මම Wordpress වලින් blog එකක් හදමු – තෙවන කොටසත් අද ඉදිරිපත් කරනව.. අද කොටසනම් ගොඩාක් වැදගත් කොටසක්.. අද මම Wampserver එක ගැන අවශ්‍ය කරුණු ටික කියන්නම්…. මම හිතනව ‍ඔයාල හැමෝම පළමු කො‍ටස සහ දෙවන කොටස කියවන්න ඇති කියල.. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් බලල එන්න.. ඒවත් වැදගත් වේවි..

හරි.. මම දෙවනි ලිපියෙ කීව විදියට WAMP server එක ස්ථාපනය කර ගන්න ඇති කියල හිතනව.. ඒක කරේ නැත්තම් දෙවන කොටස කියවන්න.. ඒකෙ තියනව කොහොමද කරන්නෙ කියල.. ඒකෙ මොකක් හරි ගැටළුවක් තියනව නම් comment එකක් දාල අහන්න.. මම තවත් පැහැදිලි කරන්නම්.

Continue reading »

Popularity: 63% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , ,

පෙබ 05

ඔයාල හැමෝටම මතකයිනෙ මම කලින් Wordpress වලින් blog එකක් හදමු – පළමු කොටස ලිපියක් ලීව.. ඔන්න දැන් ඒකෙ දෙවනි කොටස ඉදිරිපත් කරන්න තමයි යන්නෙ.. මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව ලිපිය ලියන්න පරක්කු වෙච්ච එක ගැන.. හරි.. කවුරැ හරි කෙනෙක් පළමු ලිපිය කියෙවුවෙ නැත්තම් මෙන්න මෙතනින් ඒක කියවල එන්න. හරි වැඩි කථා නැතිව මම වැඩේ කියන්නම්.. අද මම කියන්න යන්නෙ වෙබ් සර්වර් එකක් අපේ පරිගණකයේ පිහිටුවා ගන්නෙ කොහොමද කියල..

Continue reading »

Popularity: 66% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , , ,

ඔක් 20

ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. කොහොමද ඉතින්.. කට්ටියට මතකයි නේද මම HTML පාඩම් මාලාවක් කරගෙන ආව… අද තවත් පාඩමක් දිග අරින්නයි මේ සූදානම.. මෙහෙමයි කලින් ඒවයි ගැ‍ටළු තියනව නම් අහන්න..  එහෙම නැතුව ඉදිරියට යන එකෙන් ඉදිරියේදි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්… හරි අපි අද මොකද කරන්නෙ කියල බලමු..

අද මම කියන්න යන්නෙ වැදගත් දෙයක්… සාමාන්‍යයෙන් අපි HTML කෝඩින් වලින් මොකක් හරි ටෙක්ස් එකක්, පිංතූරයක් වගේ දෙයක් වෙබ් අඩවියේ පලකරනකොට ඒක අපිට ඕන තැනින් තියන්න බැහැනෙ.. HTML කොඩින් තියෙන්නෙ වම් පැත්ත, දකුණු පැත්ත සහ මැද කියල ස්ථාන තුන.. මාර වැඩේ.. ඒහෙම ඒව තියනව කීවට ඒව කරන්නෙ කොහොමද කියල කීවෙ නැහැනෙ.. සේරටම කලින් ඒක කියල ඉන්නම්.. එතකොට හරි…

Continue reading »

Popularity: 59% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , ,

සැප් 13

‍ඔන්න ගොඩ දවසකින් වෙබ් අඩවි නිර්මාණය ගැන ලියන්න හිතුන. මේ ලියන්න මගේ ලිපි පෙළේ හතරවෙනි ලිපිය. කලින් ලියපු ලිපි හැමෝම බලන්න ඇති කියල හිතනව. හරි මම පොඩ්ඩක් කියන්නම්කො කලින් ලිපි ගැන. බලපු නැති අයත් ඇතිනෙ.

මෙහෙමයි පළවෙනි ලිපියෙන් පොඩි හැඳින්වීමක් කරා. මොනවද මේ HTML කොහෙමද ලියන්නෙ වගේ ඒව ටිකක් කිව. බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Basic HTML in Sinhala – Part 01

දෙවන ලිපියෙන් කරේ පොඩි උදාහරණයක් අරගෙන HTML Tag කිහිපයක් ගැන විස්ථර කරා.. ඒ අතරින් <head> </head> ටැග් එක, <body>  </body> ටැග් එක, <title> </title> ටැග් එක ප්‍රධානයි.

බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Continue reading »

Popularity: 23% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , ,

අගෝ 13

අළුත් දවසක්. HTML වල තුන් වන ලිපිය ඉදිරිපත් කරන්න ම‍ට අවසර. මම නම් දැන් සිංදුවක් එහෙම අහගෙන ආතල් එකේ තමා මේක ලියන්නෙ. මොනව ලියවෙයිද දන්නෙ නැ icon biggrin  Basic HTML in Sinhala – Part 03 බය වෙන්න එපා මම හරියට ලියන්නම්කො. කලින් දාපු ලිපි දෙකේම දේවල් හොඳට අවබෝධ වෙන්න ඇති කියල හිතනව. එහෙම නැත්තම් මුකුත් හිතන්න එපා මේක කියවන එක නවත්තල අපහු ඒ ලිපි වලට යන්න. ඒවයි පැහැදිලි නැති මොනා හරි තියේ නම් අහන්න. හරි වැඩි කතා ඕන නැහැ අපි වැඩේට බහිමු.

අදත් මම තවත් HTML Tag කිහිපයක් ගැන ලියන්නම්. ඒක නෙවෙ.. මම නම් පොර වගේ මේව ලියනව. පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරනව. ඔයාලට තේරෙන්නෙ නැත්තම් අහන්න හො‍‍‍‍‍ඳේ. තවත් පැහැදිලි කරන්නම්. icon smile  Basic HTML in Sinhala – Part 03

හරි අද අපි බලමු වෙබ් අඩවියක මාතෘකා වැනි දේවල් කොහොමඳ HTML වලින් කෝඩ් කරන්නෙ කියල. මාතෘකා සඳහත් HTML වල වෙනම ටැග් එකක් තියනව. පහත තියන HTML කෝඩ් එක බලන්න.

<html>
<head><title>Web Page Title</title></head>
<body>

<h1> this is h1 Tag </h1>
<h2> this is h2 Tag </h2>
<h3> this is h3 Tag </h3>
<h4> this is h4 Tag </h4>
<h5> this is h5 Tag </h5>
<h6> this is h6 Tag </h6>

</body>
</html>

මේක බලන්නකො මට මතක විදිහට මාතෘකා සදහා HTML ටැග් හතක්ද කොහෙද තියනව. ඒත් <h7> ට විතර එන‍කොට සාමාන්‍ය අකුරැයි මාතෘකාව අතරයි වැඩා වෙනසක් පේන්නෙ නැ. මම කලින් ලිපියෙ කිවුවනෙ වෙබ් අඩවියේ පෙන්නන්න තියන සියළුම දේවල් දාන්නෙ  <body></body> කියන ටැග් එක ඇතුලෙ කියල. ඒව නම් අමතක කරන්න එපා. මම හිතනව ඉහත උදාහරණයේ තියන මාතෘකා සඳහා තියන ටැග් පැහැදිලි කරන්න එතරම් අවශ්‍ය වෙන එකක් නැහැ කියල. ඔයාල ඕක සේව් කරල බලන්න. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලි වේවි. කරල  බලන්න.

Popularity: 16% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes