මාර්තු 18

WordPress වලින් blog එකක් හදමු  අවසන් කොටස අද මම ඉදිරිපත් කරනව.. මුලින්ම කියන්න ඕන මේ කොටසෙ භාගයක් විතර ලියල ටික දවසක්ම Drafts වල තිබන.. අද තමයි සම්පුර්ණ කරල ප්‍රකාශයට පත් කරන්න පුළුවන් උනේ.. සිදු වූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනව.. :)

හරි ඔයාල හැමෝම මේ ලිපි පෙලේ පළමු කොටස, දෙවන කො‍ටස සහ තෙවන කොටස යන ලිපි තුනම හොඳින් පරිහරණය කරල දැනුමක් ලබාගෙන ඇති.. කවුරැ හරි ඒව බැලුවෙ නැත්තම් මුලින්ම ඒ ලිපි බලල එන්න.. ඒක පහසුවක් වේවි.. මොකද ඒ ලිපි වල මුලික දැනුමක් දීල තියනව.. අද ඒ සියල්ල භාවිතයෙන් අපි WordPress වලින් බ්ලොග් එකක් හදමු…

Continue reading »

Popularity: 70% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , , , , , , , , ,

පෙබ 05

ඔයාල හැමෝටම මතකයිනෙ මම කලින් WordPress වලින් blog එකක් හදමු – පළමු කොටස ලිපියක් ලීව.. ඔන්න දැන් ඒකෙ දෙවනි කොටස ඉදිරිපත් කරන්න තමයි යන්නෙ.. මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව ලිපිය ලියන්න පරක්කු වෙච්ච එක ගැන.. හරි.. කවුරැ හරි කෙනෙක් පළමු ලිපිය කියෙවුවෙ නැත්තම් මෙන්න මෙතනින් ඒක කියවල එන්න. හරි වැඩි කථා නැතිව මම වැඩේ කියන්නම්.. අද මම කියන්න යන්නෙ වෙබ් සර්වර් එකක් අපේ පරිගණකයේ පිහිටුවා ගන්නෙ කොහොමද කියල..

Continue reading »

Popularity: 49% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , , , ,

ඔක් 20

ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. කොහොමද ඉතින්.. කට්ටියට මතකයි නේද මම HTML පාඩම් මාලාවක් කරගෙන ආව… අද තවත් පාඩමක් දිග අරින්නයි මේ සූදානම.. මෙහෙමයි කලින් ඒවයි ගැ‍ටළු තියනව නම් අහන්න..  එහෙම නැතුව ඉදිරියට යන එකෙන් ඉදිරියේදි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්… හරි අපි අද මොකද කරන්නෙ කියල බලමු..

අද මම කියන්න යන්නෙ වැදගත් දෙයක්… සාමාන්‍යයෙන් අපි HTML කෝඩින් වලින් මොකක් හරි ටෙක්ස් එකක්, පිංතූරයක් වගේ දෙයක් වෙබ් අඩවියේ පලකරනකොට ඒක අපිට ඕන තැනින් තියන්න බැහැනෙ.. HTML කොඩින් තියෙන්නෙ වම් පැත්ත, දකුණු පැත්ත සහ මැද කියල ස්ථාන තුන.. මාර වැඩේ.. ඒහෙම ඒව තියනව කීවට ඒව කරන්නෙ කොහොමද කියල කීවෙ නැහැනෙ.. සේරටම කලින් ඒක කියල ඉන්නම්.. එතකොට හරි…

Continue reading »

Popularity: 26% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , , ,

අගෝ 10

Online පරිගණක සඟරාවක් සිංහලෙන්. කස්ටියම බලනව ඇති මොකක්ද මේ කියල. මේක ගොඩක් කල් ඉඳල මගේ හිතේ තිබුන අදහසක්. අපේ පරිගණක දැනුම සිංහලෙන් හැමොම එක්ක බෙදාගන්න පුළුවන් විදියෙ Online පරිගණක සඟරාවක් හදන එක මගේ හිතේ තිබුන. ඒක ඉතින් දැන් ක්‍රියාවට නගන්න තමා තියෙන්නෙ. ඒකට ඔයාල හැමොගෙන්ම උදවු ඉල්ලනව. හැමෝගෙන්ම උදවු ලැබේවි කියල හිතනව.

මෙහෙමයි.. මේක මම හදන්න බලා පොරොත්තු වෙන්නෙත් වර්ඩ්ප්‍රෙස් භාවිතා කරල. ඒක ගොඩක් ලේසි ඒකයි වර්ඩ්ප්‍රෙස් භාවිතා කරල හදන්න තීරණය කලේ. මේකට ඔයාල ගෙන් උදවුවක් ඉල්ලනන ඕන. ඔයාලට පුළුවන් නම් සඟරාවකට ගැලපෙන වර්ඩ්ප්‍රෙස් Themes යෝජනා කරන්න කියල ඉල්ලනව. ඒහෙම උනොත් මේක ගොඩක් පහසු කටයුත්තක් වේවි.

ගොඩක්ම බලාපොරොත්තු වෙන්නෙ පරිගණක පාඩම් සිංහලෙන් සරළව ඉදිරිපත් කිරිමට. ඒ කියන්නෙ වෙබ් අඩවි නිරිමාණය,  මෘදුකාංග නිර්මාණය,  ඡෘයාරෑප සංස්කරණය,  පරිගණක සජීවීකරණය,  වීඩියෝ සංස්කරණය,  වැනි මාතෘකා යටතේ පාඩම් පෙලක් ඉදිරිපත් කිරිම තමයි බලාපොරොත්තුව. ඉදිරියේදී නව මාතෘකාත් එකතු වේවි.  සඟරාවක් හදනව කියල මම විතරක් ලිපි පියන්නෙ නෑ. ගොඩක් අය මේකට සම්බන්ඳ කරගන්න බලාපොරොත්තු වෙනව.

මේ පිළිබඳ ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනව. මේ වගේ එකක් ආරම්භ කරොත් එකම තැනකින් මුළසිට පරිගණක පිළිබඳ හදාරන්න පුළුවන්. ඔබගේ අදහස් දක්වන්න. ගොඩක් ස්තූතී.

Popularity: 8% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , , , , , , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA