සැප් 13

‍ඔන්න ගොඩ දවසකින් වෙබ් අඩවි නිර්මාණය ගැන ලියන්න හිතුන. මේ ලියන්න මගේ ලිපි පෙළේ හතරවෙනි ලිපිය. කලින් ලියපු ලිපි හැමෝම බලන්න ඇති කියල හිතනව. හරි මම පොඩ්ඩක් කියන්නම්කො කලින් ලිපි ගැන. බලපු නැති අයත් ඇතිනෙ.

මෙහෙමයි පළවෙනි ලිපියෙන් පොඩි හැඳින්වීමක් කරා. මොනවද මේ HTML කොහෙමද ලියන්නෙ වගේ ඒව ටිකක් කිව. බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Basic HTML in Sinhala – Part 01

දෙවන ලිපියෙන් කරේ පොඩි උදාහරණයක් අරගෙන HTML Tag කිහිපයක් ගැන විස්ථර කරා.. ඒ අතරින් <head> </head> ටැග් එක, <body>  </body> ටැග් එක, <title> </title> ටැග් එක ප්‍රධානයි.

බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Continue reading »

Popularity: 10% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , ,

අගෝ 13

අළුත් දවසක්. HTML වල තුන් වන ලිපිය ඉදිරිපත් කරන්න ම‍ට අවසර. මම නම් දැන් සිංදුවක් එහෙම අහගෙන ආතල් එකේ තමා මේක ලියන්නෙ. මොනව ලියවෙයිද දන්නෙ නැ :D බය වෙන්න එපා මම හරියට ලියන්නම්කො. කලින් දාපු ලිපි දෙකේම දේවල් හොඳට අවබෝධ වෙන්න ඇති කියල හිතනව. එහෙම නැත්තම් මුකුත් හිතන්න එපා මේක කියවන එක නවත්තල අපහු ඒ ලිපි වලට යන්න. ඒවයි පැහැදිලි නැති මොනා හරි තියේ නම් අහන්න. හරි වැඩි කතා ඕන නැහැ අපි වැඩේට බහිමු.

අදත් මම තවත් HTML Tag කිහිපයක් ගැන ලියන්නම්. ඒක නෙවෙ.. මම නම් පොර වගේ මේව ලියනව. පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරනව. ඔයාලට තේරෙන්නෙ නැත්තම් අහන්න හො‍‍‍‍‍ඳේ. තවත් පැහැදිලි කරන්නම්. :)

හරි අද අපි බලමු වෙබ් අඩවියක මාතෘකා වැනි දේවල් කොහොමඳ HTML වලින් කෝඩ් කරන්නෙ කියල. මාතෘකා සඳහත් HTML වල වෙනම ටැග් එකක් තියනව. පහත තියන HTML කෝඩ් එක බලන්න.

<html>
<head><title>Web Page Title</title></head>
<body>

<h1> this is h1 Tag </h1>
<h2> this is h2 Tag </h2>
<h3> this is h3 Tag </h3>
<h4> this is h4 Tag </h4>
<h5> this is h5 Tag </h5>
<h6> this is h6 Tag </h6>

</body>
</html>

මේක බලන්නකො මට මතක විදිහට මාතෘකා සදහා HTML ටැග් හතක්ද කොහෙද තියනව. ඒත් <h7> ට විතර එන‍කොට සාමාන්‍ය අකුරැයි මාතෘකාව අතරයි වැඩා වෙනසක් පේන්නෙ නැ. මම කලින් ලිපියෙ කිවුවනෙ වෙබ් අඩවියේ පෙන්නන්න තියන සියළුම දේවල් දාන්නෙ  <body></body> කියන ටැග් එක ඇතුලෙ කියල. ඒව නම් අමතක කරන්න එපා. මම හිතනව ඉහත උදාහරණයේ තියන මාතෘකා සඳහා තියන ටැග් පැහැදිලි කරන්න එතරම් අවශ්‍ය වෙන එකක් නැහැ කියල. ඔයාල ඕක සේව් කරල බලන්න. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලි වේවි. කරල  බලන්න.

Popularity: 7% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , ,

ජූලි 31

ඔන්න ඉතින් ම‍ගේ බ්ලොග් එක මම නැවත ආරම්භ කරා. හැබැයි පරණ ලිපි නම් මුකුත් නැහැ. :( ඔහොම තමයි ඉතින් හැමදේම හැමදාටම තියෙන්නෙ නැහැනෙ. මම මේකත් ලිපි වලින් පුරවන්නම්කො. හැබැයි ගොඩක් දුරට පරිගණක ගැන ලියවේවි කියල තමා මට නම් හිතෙන්නෙ. Tips, Tricks, Tutorials ගැන දැන ගන්න මාත් එක්ක එකතු වෙන්න.

Popularity: 3% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes